( ප‍්‍රදීප් කුමාර ධර්මරත්න )
මහනුවර ප‍්‍රධාන පාසල් දෙකක සිසුන් අට දෙනකු අමතර පංති යන මුවාවෙන් කෑගල්ල පින්නවල අලි අනාථාගාරය අසල කුඩා දූපතකට ගොස් මත්පැන් සාදයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටියදී අද(15) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි.
එක් සිසුවකුගේ උපන්දිනය වෙනුවෙන් මෙලෙස මත්පැන් සාදයක් පැවැත් වීමට සූදානම් වෙමින් සිටියදී කෑගල්ල පොලිසියේ කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් එම සිසුන් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ඔවුන් සතුව තිබී මත්පැන් බෝතලයක් සහ සිගරට් පැකට්ටුවක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ඔවුන්ගෙන් හත් දෙනකු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අය වන බවත් එක් සිසුවකු 10 වසරේ සිසුවකු බවත් පොලිසිය පවසයි.
එම සිසුන් කෑගල්ල පොලිසියට රැගෙන විත් ප්‍රකාශ ලබාගෙන ඔවුන්ගේ දෙමාපියන් කැඳවා බාරදීමට පොලිසිය කටයුතු කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.