( ප‍්‍රදීප් කුමාර ධර්මරත්න )
මහනුවර ප‍්‍රධාන පාසල් දෙකක සිසුන් අට දෙනකු අමතර පංති යන මුවාවෙන් කෑගල්ල පින්නවල අලි අනාථාගාරය අසල කුඩා දූපතකට ගොස් මත්පැන් සාදයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටියදී අද(15) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි.
එක් සිසුවකුගේ උපන්දිනය වෙනුවෙන් මෙලෙස මත්පැන් සාදයක් පැවැත් වීමට සූදානම් වෙමින් සිටියදී කෑගල්ල පොලිසියේ කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් එම සිසුන් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ඔවුන් සතුව තිබී මත්පැන් බෝතලයක් සහ සිගරට් පැකට්ටුවක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ඔවුන්ගෙන් හත් දෙනකු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අය වන බවත් එක් සිසුවකු 10 වසරේ සිසුවකු බවත් පොලිසිය පවසයි.
එම සිසුන් කෑගල්ල පොලිසියට රැගෙන විත් ප්‍රකාශ ලබාගෙන ඔවුන්ගේ දෙමාපියන් කැඳවා බාරදීමට පොලිසිය කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක් ! පොලිසියට තැන්ක්ස් !
මොන නිතිය යටතේද අත්තදන්ගුවට ගත්තේ? ලංකාවේ මත්පැන් බොන්න අවම වයස සීමාවක් නෑනේ.සමහර විට ප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් බිමට උත්සහ කරපු නිසා වෙන්න ඇති. ලක්ෂ 1620 ගෙයක් පගාවට ගත්ත එක්කෙනවත් මේ විදිහටම අල්ලයිද?
වේවැල් පාර නොදීම වැරැද්දක් , මත පැන් උවදුර ට දෙසපලකයන් රජයේ නිලදාරීන් මුදල් ඇමති ඇතුළු නිලදාරීන් වගකිව යුතුය
ලැජ්ජයි මේ රටේ පොලිසිය ගැන. ලොකු හොරු පැත්තක ඉද්දි කිරිකජු කොල්ලන්ව අල්ලනව.
"මත්පැන් බෝතලයක් සහ සිගරට් පැකට්ටුවක් පොලිසිය විසින් සොයාගෙන තිබේ" ඔන්න ඕවා ටමඊ දැන් පොලෝසියේ මහතුරුන්ට තියෙන රාජකාරි! ලංකාවේ වෙන අල්ලන්න අපරාද නැතුවද?
මේවා කොලු කාලේ කරන ඉතාම සරල දෙයක්නේ.
අජන්ත මදු රොහිත මල්ලිලා අදහස් ප්‍රකාශ කරද්දි වගකීමෙන්. පාසල් දරුවන් කරන වැඩ වලට උදව් කරන්න එපා
මම පුතුන් හතර දෙනෙකුගේ අම්මා කෙනෙක්. පොලිසියට මගේ ප්‍රණාමය! සමහරුන්ගේ ප්‍රතිචාර හරිම මෝඩ සහගතයි. ලොකු අපරාධ ඇල්ලුවේ නෑ කියලා පොඩි පොඩි නීති විරෝධී සදාචාර විරෝධී ක්‍රියා මැඩලීම වැරදියි කියන මෝඩ තර්කයක සමහරුන් ඉන්නබව පේනවා. පොලිසියට පුළුවන් බාල වයස්කාරයන් මත් පැන්, මත් ද්‍රව්‍ය භාවිතය නිසා අත් අඩංගුවට ගන්න. අනිත් කාරණය නම් ළමයින්ට නීති මගින් කටයුතු කළේ නෑනේ. මව් පියන් ගෙන්නලා භාර දීලා. බොහොම හොඳයි පොලිසිය කරපු දේ.
මහනුවර ප‍්‍රධාන පාසල් දෙකක සිසුන් අට දෙනකු බය නැතිව මේ වැඩේ කලේ පොලිස්පතිතුමා ඉස්කෝලේ අයියා කෙනෙක් නිසා වෙන්න ඇති.