(ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්)
හම්බන්තොට වරාය මහජන දේපළක් වන හෙයින් එය චීන සමාගමකට විකිණීම සම්පූර්ණයෙන්ම වැරදි ක‍්‍රියාවක් බවත් එය නැවත කෙසේ හෝ ජනතාව අතට පත්කර මිස ආපසු නොබලන බවත් අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ඉතිහාසය පුරාම දුෂණයට විරුද්ධව සටන් කළ තමා ඒ මගින් රුපියල් බිලියන දාහකට වඩා ජනතාවට යළි අත්පත් කර දුන් බව කී ඇමැතිවරයා ශ්‍රී ලංගම, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ලිට්රෝ ගෑස් සමාගම ආදී ජනතාව සතු සම්පත් යළිත් ජනතාවටම දිනා දීමට තමාට හැකි වූ බව ද කීවේය.
චීනය හම්බන්තොට වරාය බදු ගැනීම ලෝක දේශපාලන බල අරගලයේ එක් තීරණාත්මක සංධිස්ථානයක් බවත් ඒ හේතුවෙන් ඉන්දියාව ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා පැවැසීය.
කොළඹ වරාය එන නැව්වලින් සියයට 89ක්ම ප‍්‍රතිඅපනයනයට එන නැව් බවත් හම්බන්තොට වරාය දියුණූ කළ පසු මුහුදු සැතපුම් 400ක් පසුකර එම නැව් කොළඹ වරායට නොඑන බවත් කී ඇමැතිවරයා එමගින් චීන සමාගම පොහොසත් වී කොළඹ වරාය පිහිනුම් තටාකයක් බවට පත්වනු ඇතැයි ද කියා සිටියේය.
දුෂණයට එරෙහිව සටන් කිරීමේ දී ආණ්ඩුව තුළ සිටීම හෝ නොසිටීම තමාට ප‍්‍රශ්නයක් නොවන බව අතීතයේ දී ඔප්පු කර ඇති බවත් අපේ රටේ සම්පත් හා ශ‍්‍රමය සූරාකන චීනයේ නව ධනපති ක‍්‍රමයට එරෙහිව තම සටන නොනවත්වා ගෙන යන බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් අලුත් ඩීල් එකක් වගේ....
ගැලරියට විසිල් .... තමයි.
මානසික ගැටළුවක්වත්ද මන්දා...
අනේ විජේ.... අවුරුදු 99 ක් හිටන් තමයි හොඳේ. !!!
අනේ ඉතින් මගේ කට.. ඕවාට කතා කරලා වැඩක් නැහැ!!!
මේ දිගහැරෙන්නේ තවත් එක මාලා නාටකයක් පමණි. මෙය අවසානයේ අවුරුදු 70ක් සිදුවූ පරිදිම ජනතාව ගොනාට ඈඳෙන අතර මේ ගනුදෙනුවලට සම්බන්ධ දේශපාලනයන් තවත් වසර 5 කට පාර්ලිමේන්තුවට පත්වෙනු ඇත.
මේ යහපාලන ආණ්ඩුවේ සිටින මා ගරු කරන එකම ඇමතිවරයා ඔබයි. කොන්ද කෙලින් තබාගෙන නිවැරදි තීන්දු තීරණ ගන්න හැටි මෙතුමාගෙන් ඉගෙන ගත්තනම් හොඳයි
මේ දිගහැරෙන්නේ තවත් එක මාලා නාටකයක් පමණි, මෙය අවසානයේ අවුරුදු 70ක් සිදුවූ පරිදිම ජනතාව ගොනාට ඇඳෙන අතර මේ ගනුදෙනු වලට සම්බන්ද දේශපාලනයන් තවත් වසර 5ට පාර්ලිමේන්තුවට පත්වෙනු ඇත.
හොද වැඩ හොදින් අපි අගය කරනවා. උත්සහ කරන්න ගරු ඇමතිතුමා. පාරේ සිටින 12000 තරම් වෛද්‍ය සිසුන් උදෙසා සයිටම් උපාධි කඩේ රජයට පවරාගෙන මෙම ජාතික ගැටලුව විසදන්න ලොකු පිනක්
අගමැතිතුමාගෙන් හා ජනාධිපතිතුමාගෙන් අපි අහන්නේ එදා මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාගෙන් ඇසු ප්‍රශ්නයමයි. මේ අඹ ගහත් අර අඹ ගසුත් හැර වෙනත් අඹ ගස් රටේ නැද්ද යන්නයි..
ඔබගේ දැක්ම නම් හොද වුනාට අවංකව උත්සහ කලොත් මේ ලෝකේ කරන්න බැරි දෙයකුත් නැහැ.
ඒකට ඉස්සෙල්ල දැන් ඔබට පැවරී තිබෙන රාජකාරිය හරියට කරන්නකෝ...
ඔබ සටන අරබන්න.අපිත් ඔබ සමගි සමග ඉන්නවා. හැමෝම කියන්නේ හම්බන්තොට වරාය දීපු මෝඩකම. නමුත් ඔබ ආණ්ඩුවේ ඉදන්ම මේ සටන කරනවා එකට අපගේ උත්තමාචාර ඔබට. අපිත් එක්සත් ජාතික පක්ෂේය. ආණ්ඩුවේ ඇතුලේ ඉදන්ම සටන අරඹන්න. බැරි උනොත් ඔබගේ නායකත්වයෙන් පක්ෂයක් හදන්න ඔබට ඕනි තරම් මන්ත්‍රිවරු ඉන්නවා එන්න ඔබ ජනාධිපතිකම ගන්න ඕනි අවංක මතත්මයෙක්. අපගේ සුබ පැතුම් ඔබට
සියලු ලක් වැසියන්ගේ ආශිර්වාදය ඔබතුමාට ලැබේවි. මෙවැනි ප්‍රකාශයක් කිරීමම වීර ක්‍රියාවකි. ඔබට ජය, සතුට සහ වීර්ය ලැබේවායි ඉත සිතින් ප්‍රර්ථනා කරමි.
අවංක චේතනාවකින් මේ දේ කරනවානම් ඔබ සමග
එතුමාගේ කතාවනම් හොදයි. එත් වැඩේ තියෙන්නේ මේ ආණ්ඩු දෙකම චීනෙට අපේ දේවල් විකුණන එකනේ කරන්නේ.
බොහොම හොඳයි සර්
මගේ ආචාරය ඔබට
ජයවේවා............ජයවේවා
ජයවේවා ඇමතිතුමෝ... එන්න බහුතර ජනතාව පැත්තට ඇවිත් ඔවුන් සමග අත්වැල් බදාගෙන විනාශවූ රට හදන්න පටන් ගන්න. රටට ආදරේ කරන හැමෝම ඔබතුමාට සහයෝගය ලැබෙනවාමයි.
මෙතුමාගේ තර්කය හරි උනත්... දැන් ප්‍රමදය වැඩි නේ.....
මෙයා ආණ්ඩුවේද ඉන්නේ?
කොළඹ වාරයත් ආණ්ඩුවට 15% නීසා වෙනසක් නැහැ. හම්බන්තොට දියුණු වෙන එක රටට හොදයි.
ඔබට පහුගිය කාලයේ ආරක්ෂා කිරීමට අවශ්‍ය වූ දේවල් නම් රාජපක්ෂලා, ඇවන්ට් ගාර්ඩ් ල, ආදිය දිහා බලපුවම ඔය කතා කරන්නේ කටින්ද කියලා සැකයි.
ඇමතිතුමනි, වරාය සැදීමට ගත්ත ණය ප්‍රමාණය ගෙවීමට තරම් ශක්තිමත් ආර්ථිකයක් අපට තිබේද? ජනතාව බදු බරෙන් නිදහස් කරන්නේ කෙසේද? මෙම පොලිය ගෙවීමට විකල්ප අපිට තිබේද? මේවත් පැහැදිලි කල යුතුයි.
බාගෙට දැනගත්තම තියෙන ප්‍රශ්ණය. කොළඹ වරායෙන් ප්‍රති නැව්ගතකරණය කෙරෙන්නේ මොන රටට යන දේවල්ද? වැඩියෙන්ම ඉන්දියාවට. එතකොට ඒවා කොළඹින් කරන එකද හම්බන්තොටින් කරන එකද වෙන්න ඉඩ තියෙන්නේ? ඉන්දියාවට ප්‍රතිනැව්ගතකරණ ඒවයේ චීනෙන් එන ප්‍රමාණය පමණයි එහෙම වෙනවනම් වෙන්න පුළුවන්. අනික කොළඹ සහ ඉන්දියානු වරායන් අතර තිබෙන කුඩා නෞකා බෝට්ටු යනාදිය එතකොට හම්බන්තොට යනවද?
රටක අධිකරණ අමාත්‍ය මෙවැනි ප්‍රකාශ කිරීම තුලින් අප රට ගැන ජාත්‍යන්තරය තුල යම් සැක ඇතිවීම තුලින් තව තවත් අයහපත් ප්‍රතිපල ලැබීමට පුළුවන්.
මෙතුමා සත්‍ය වෙනුවෙන් පෙනී සිටිනවා කියන එකයි මාගේ හැගීම.
නමුත් රක්ෂණය නම් පුද්ගලිකකරණට පසු හොඳ සේවයක් මහජනතාවට ලැබුන නේද?
මේ තමයි හොරුන්ගේ ආරක්ෂකයා මෙයා කතා කරන්නේ කොහෙන්ද දන්නෑ..?
ඔබට ජයෙන් ජය..
හම්බන්තොට හා කොළඹ වරායන් රටේ දෙපැත්තක තිබෙන නිසා ඔය කියන විදිහට කොළඹ වරාය අභාවයට යන්නේ නෑ. මොකද ඉන්දියානු සාගරයේ අප්‍රිකානු මහද්වීපය පැත්තට වෙන්න විශාල මුහුදු ප්‍රදේශයක් තියෙනවා. ඒ වගේම හම්බන්තොට කොහොම වරායක් වුණත් රටේ ආර්ථිකය කේන්ද්‍ර ගත වෙලා තියෙන්නේ කොළඹට. ඒ නිසා මේ කියන දේ වෙන්න අමාරුයි.
මේ කතාවත් ඩීල් එකේ කොටසක් බව තේරුම් ගනිත්වා.!!!
ඇමතිතුමා බලන්න පිටිපස්සේ වලිගේ තියෙනවාද කියලා....
පුතේ ඔබත් රාජපක්ෂ කෙනෙක් නිසා රට ගැන කැක්කුමක් ඇති. අත අරින්න එපා
මෙච්චර දෙයක් වෙනකම් මෙය කොහෙද හිටියේ?
අශ්වයා ගියාට පස්සේ ඕවා කියලා වැඩක් නැහැ මහත්තයෝ!!! ලොකු ලොක්කන්ට කලින් දැනුම් දෙන්න තිබුණා. දැන් ඔබතුමාට මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ? හැබැයි ඔබතුමාගේ රාජකාරිය හරියට කෙරිලා නැහැ කියලා දැන් පක්ෂේන්ම චෝදනා එනකොටද මතක් වුණේ.. ඔබතුමාටත් ඊළඟ ඡන්දේ ගැන, එෆ්.සී.අයි.ඩී. එකෙන් පරීක්ෂණ අවසන් කරපු ෆයිල් ඔබතුමා තියන් ඉන්නේ මොකද?
එතුමා නිවැරදියි. එතුමා අවංක, රටට ආදරය කරන පුද්ගලයෙක්. සරෝජිනී, ඔබ කොහොම කීවත්, ඇවන්ට් ගාර්ඩ් ගැනත් එතුමා රට ගැන හිතලයි පියවර ගත්තේ. ඇවන්ට් ගාර්ඩ් රටට විශාල විදේශ විනිමය ආදායමක් ගෙනදුන්, කීර්තියක් අත්කරදුන් ව්‍යාපාරයක්. මේ ආණ්ඩුව ඒක කාබාසිනියා කර දැම්මා දේශපාලන පළිගැනීමකට.
හරි හරි ඔයාගේ අධිකරණ ජොබ් එක හරියට කරන්නකෝ. වරායට වගකිවයුත්තෝ ඉන්නවනේ
හම්බන්තොට වරාය විකුණලා තියෙන්නේ කොහෙද?
හරියට හරි. ඕක කොහොම හරි ගන්න. රටේ සම්පත් එක එකාට ඕනෙ විදියට විකුනන්න දෙන්න එපා. ඕව අපේ ඊළග පරම්පරාවට අයිති දේවල් මිසක් හොර අගමැතියෙකුට අයිති දේවල් නෙමෙයි.