(අජන්ත කුමාර අගලකඩ)
ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා ආණ්ඩු පක්ෂයට එක්ව සිටියි.
ඔහුට මහියංගනය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමනු ලැබ ඇත.
ඔහුගේ සහෝදරයා වන අනුර විදානගමගේ මහතා ඌව පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය ජනාධිපති කාලේ වගේ.
රට එකම තැන... සුළු වරප්‍රසාද වලට මාරු කරනවා. කවදා මේ රට ගොඩයයිද? මෙපමණ මැති ඇමතිවරු මෙච්චර මොකටද මිලියන විස්සකට... ලන්ඩන්වල මිලියන 90ටම එක නගරාධිපතිතුමායි.
නියමයි මහින්ද මහත්තයා බලයේ ඉන්න කාලේ මේ අයියා, මලෝ දෙන්නා කරපුවා ඌව පළාතේ මිනිස්සුන්ගෙන් අහන්න.
එහෙ මෙහෙ ඔක්කොම පල් හොරුනේ...
ඔහුගේ අරමුණ කෙනෙකුගේ දෑත් ශක්තිමත් කිරීමද? පුද්ගලික සුඛවිහරණයද? බඩගෝස්තරවාදයද? ඔළුගෙඩි මාරුවද?
මෙහෙම ගියොත් අාණ්ඩු පෙරලන්ඩ වෙන්නේ හඳේ තමයි..
තව පෝය දාහක්වත් බලාගෙන ඉන්න වෙයි අපිට....
උපාසක මුණ දැක්කහම පේනවා අවංක දේශපාලකයෙක් බව. මම හිතන්නේ රවී කරුණානායක මහත්මයා වගේම අවංකව, කාර්යක්ෂමව යහපාලනයට සේවය කරයි.
සිරිසේන මහත්තයෝ මොන දේ කෙරුවත් අන්තිමට දන ගහන්න වෙන්නේ ජනතා මතය ඉස්සරහ.. විපක්ෂයේ ඉන්නකොට හොරු කියලා හංවඩු ගහපු මිනිස්සු තමන්ගේ ලඟට එනකොට සුදනා වෙනවද? තනතුරු දීලා මන්ත්‍රීවරු බාගත්තට හිතන්න එපා මේ මිනිස්සුන්ට දුන්න ඡන්දත් ඔහොම බාගන්න පුළුවන් කියලා. පුළුවන්නම් ඡන්දයක් තියන්න. එතකොට කාගේ කාගේත් කෙරුම් බලාගන්න පුළුවන්...
මේ මොනවද වෙන්නේ හීනෙන් බය වුණා වගේ දැනෙන්නේ?
මෙයාට බබා මුණක් තියෙන්නේ.
එහෙත් හොරු - මෙහෙත් හොරු
අනේ සෝබිත හාමුදුරුවනේ ඔබට පෙනෙනවාද දන්නේ නෑ අවංක කමේ ප්‍රතිමූර්තියට වෙච්ච වින්නැහිය.
දැන්නම් ජනාධිපතිතුමා පඹයෙක් වෙලා වගේ...
වැලිරාජුගේ ගජ බිස්නස් කාරයෙක් නේද?.
තව එක පෝයයි. අපි විජේදාස මහතාව ගන්නවා. රවිත් අපිට එනවා. රජ වැඩ පෝයට පසුව. ජය වේවා!!! . සුසිලුත් එනවා.
ගිලෙන නැවුවලට නගින අයත් ඉන්නවා දැක්කමයි.
පෙරහැරේ කස කාරයෙක් ද...?
ඔන්න කනෝ පිනුම් පේනවා නම් බලාගන්න.
මොනවද දෙනවා කිව්වේ? අවුරුද්දකට සැරයක් පවුලටම විදේශ සංචාරයක්.... සිංගප්පුරුවේ ගිහින් බෙහෙත් ගන්න සෞඛ්‍ය රක්ෂණයක්.. වාර්ෂිකව තීරු බදු රහිත වාහනයක්... හදිසියේවත් තනතුර අත්හැරියොත් හෝ අබාධිත වුණොත් හෝ මියගියොත් බිරිඳට, දරුවෙකුට නැතිනම් ලඟම ඥාතියෙකුට තමන් අවසන් වරට තරඟ කල ආසනයේ සංවිධායකකම සහ දැරූ තනතුරු සියල්ල... වෙන මොනවද?
දේශපාලකයෝයි, පරපෝශිතයෝයි එකම කුලයේ....
අයියා, මලෝ දෙන්නටම ලබන ඡන්දයකදී දෙයියන්ගේම පිහිටයි.
මේ වගේ මූණක් ජර්මන් ටෙක් එක පැත්තෙත් තිබුණා දැක්කා.
අයියෝ සිරිසේන මහත්තයෝ කව්ද මේ ගන්නේ? මේ අයට ඡන්ද දෙන්නේ කවුද? පොදු අපේක්ෂකයාට වෙච්ච දෙයක්....
කරන ලද වංචාවල් වහගන්න ආණ්ඩුවට එනවා. ජනතාව පෙලගැසෙන්න හොරු එළවන්න.
හොරු සමග හෙළුවෙන්. නව නිෂ්පාදනයකි.
අනුර මහතා ගත් විශිෂ්ඨ තීරණයට අපේ ප්‍රණාමය. නිදහස ආරක්ෂා කිරීම සඳහා කැපවෙන ගරු ජනාධිපතිතුමාගේ දෙඅත් ශක්තිමත් කරමු. රට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගනිමු. හිටපු හොරු නොරකිමු.. වර්තමාන හොරු පොහොට්ටුවට පනීවි.
මේවා තමයි යහපාලන විහිළු. මේ ජනාධිපති මුළු රටම රවටමින් තමන්ගේ පැවැත්ම හදාගෙන යන්නේ...
වසර 2020 ජවිපෙටයි.
ඔබල තේරුම් ගත්තොත් ඇයි මේ රට මේ අවස්ථාවාදීන්ගෙන් රට බෙරගන්න නම් ජවිපෙට රට බාර දීමට කාලය පැමිණ ඇති බව... තව ප්‍රමාද වුණොත් පසුතැවෙන්නයි වෙන්නේ.....
අපුරු බිලිබෑමක් සිදුවන ලොකයේ එකම රට ශ්‍රී ලංකාවයි.
එ්කාබද්ධයේ ගැටුම් වලට හේතුව බැසිල් රාජපක්ෂත්. ඔහුගේ අතීත ක්‍රියාකාරකම් මෙන්ම, වර්තමානයේ ක්‍රියාවන් නිසා ඒකාබද්ධ විපක්ෂය දෙකඩ වෙනවා. ඔහුව නෙරපිය යුතුයි.
මහත්වරුනේ අපේ ජාතියට ඉක්මණින් අමතක වෙන බව නම් හොඳටම පේනවා අදහවස්වලින්. දැන් එතකොට ආණ්ඩු පෙරලන්න හදන්නේ ආයේ පාරක් අර නඩේම ගෙනැල්ලද? පෙරලන්නත් බැහැ 2020 තමා. එත් ප්ද්දක් හිතන්නකෝ. ආයේ පාරක කබලෙන් ලිපට වැටෙන්නද යන්නේ? මේකෙත් රත්වෙනවා තමයි. එ්ත් මතක නැද්ද ලිපේ රස්නේ. ඒක නිසා මාරු කරනවා නම් මේ දෙකම හැර වෙනත් විකල්පයක් ගැන හිතමු. හැබැයි එක පොහොට්ටුව මෙනේ. එක ආයේ පරණ බුලත් කොලේම තමා. එහෙමවුනොත් සිටම ආයේ එනවා. එතකොට මේවගේ උද්ඝෝෂණ බැහැ.
යකාගේ හැටියට කියනවනේ විමානේ...!
ජවිපෙට පක්ෂව යමක් දැම්මොත් පල කරන්නේ නැතිද?
මේ මිහිතලය පරම්පරා ගතව පිරිසිදු කරන පවුලක ඉපදී එම ක්‍රියාව ඉදිරියටම ගෙන යන වීරෝදාර පුරුෂයෙක් මෙයා. ගහක් පෙනෙන්න බැහැ කපලා සුද්ධ කරලාම තමයි පස්ස බලන්නේ. දැන් මහවැලි ගඟත් වැලි අයින්කර කර සුද්ධ කරනවා ජයටම.
ජනතා විමුක්ති පෙරමුණ ගැනත් බලමු. හිටපු හොරු නම් එපා.
නො ඇරේ සුසිල්ගේ කට නම් දැන්.... හෙට පනීවිද?
දැන් මෙයාට ගොටු අල්ලන්න තව කෝටි ගාණක් වියදම් කරන්න වේවි.
යකුන්ට උත්තර දීමේදී පොඩි අවුල් ඇති වෙනවා. සේරම කතිර බුලත් කොලේ හිටපු මිනිසුන්.... හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට.
අප්පච්චිගේ අඩිපාරේ ගිය දඹාන පැත්තේ තරුණයා නේද මේ?
ගිලෙන නැවට පනින මෙහෙමත් මෝඩයෝ...
ඔන්න ඉතින් පටන් ගත්තා ගෙම්බෝ සෙල්ලම කොහෙන් නතර වෙයි කියන්න බෑනේ... මේ පනින ගෙඹි රිලව් සෙල්ලම !!!
ලබන පෝයට බලමු තව කීයක් ඒවිද ...? කියලා
පසුගිය රජය කාලේ මොවුන්ගේ ජනපදනම නැත්තටම නැතිවී තිබුණේ. මහින්දගේ ෆොටෝ එක දාගෙන ඉල්ලපු හින්දා තමයි ඡන්ද ලැබුණේ. මේ වගේ කිහිප දෙනෙක් හින්දා තමා මහින්දට විරුද්ධව හදපු කටකතා වලට පණ ලැබුණේ. ඒකාබද්ධය ඇතුළේ තව මේ වගේ කිහිප දෙනෙක්ම ඉන්නවා. ඔවුන්වත් ඉවත් කර ගත යුතුයි, ඊළඟ ඡන්දෙට කලින්. පොහොට්ටුව කොහොමත් ජනප්‍රිය වෙලා ඉන්න වෙලාවේ මේ වගේ අය ඉන් ඉවත් කිරීමට පියවර ගත යුතුයි.