විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහුගේ නමද සම්බන්ධ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇමැතිවරයාගෙන් පසුගියදා බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ විමර්ශන කොමිසම ප්‍රශ්න කරනු ලැබීය.
මේ හේතුවෙන් රවී කරුණානායක ඇමැතිවරයාට ඉවත්වන්නැයි දේශපාලනඥයින් රැසක් ඉල්ලීම් කර තිබිණි. ඒ අනුව ජනපති හා අගමැති හමුවී ඊයේ(9) විශේෂ සාකච්ඡාවක් ද සිදුකළ රවී කරුණානායක මහතා අද(10) තම තීරණය ප්‍රකාශයට පත් කළේය.
තම පක්ෂය හා රට වෙනුවෙනුත්, නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙනුත්, තම පාක්ෂිකයන් වෙනුවෙනුත් තමන් මෙම තීරණය ගන්නා බවත් තමා කිසිදිනෙක වරදක් කර නැති බැවින් ඉතිහාසය හා කාලය නිවැරදි විසඳුමක් ලබාදෙනු ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වූ කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස අසුන්ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය හොඳ තීරණයක් වන නමුත්, බැඳුම්කර වංචාව පිටුපස තවත් දේශපාලකයින් සිටීදැයි සොයා බැලිය යුතුයි. මෙවැනි පරිමානයේ ගනුදෙනුවක් රවී කරුණානායක මහතාගේ තනි කැමැත්තෙන් සිදුවුවයි සිතිය නොහැකිය.
රටට අහිමි වුන සල්ලි අආපහු ගන්න විදියකුත් අනිවාර්යයෙන් හැදෙන්න ඕන. එහෙම නැතිව වැඩක් නැ
අන්න එහෙම තමයි ඉන්න ඕන. ගෞරවය ආරක්ෂා වෙන විදියට.
මෙයා ආසියාවේ හොදම මුදල් ඇමති නේද?
අපි පැතූ යහපාලනය නම් මෙයයි.
දැන් ඉතින් අනෙක් අය කරන ඒවත් කියන්න
මෙයා ඇමතිකමෙන් අස් උනත් නැතත් අපිට එකයි.
මෙතුමාගේ නිවසේ වහල ශක්තිමත්ද දන්නෑ.... දැන් ආධාරකරුවන් වහළට නගීවිද? මේ රටේ එහෙමත් ඉතිහාසයක් තිබුණා.
පමා වී හෝ ගනු ලැබූ ඉතා ආදර්ශමත් පියවරක්. හැබැයි බැඳුම්කර වංචා ගනුදෙනුවලට සම්බන්ධ හැමෝටම කොමිසම අඛණ්ඩවම ක්‍රියාත්මක වී නඩු පැවරිය යුතුයි. මෙතුමාට විතරක් නොව ගිය ආණ්ඩුවේ වංචා දූෂණවලට සම්බන්ධ අයටත් අදාළ කොමිසම් ක්‍රියාත්මක වී නඩු පැවරිය යුතුයි.
එහෙනම් හිමි තැන වැසිකිළි වල... තමයි.
ලංකාවේ දේසපාලන සංස්කෘතියේ දක්නට නැති දුර්ලභ අවස්ථාවක්... නමුත් දූෂණයට දඬුවම් ලැබිය යුතුය.
දුප්පත් මිනිසෙකුගේ රක්ෂාවක් අහිමි වුණොත් ඒ අය ගෙදර යන්නේ දැවෙන ආර්ථික ප්‍රශ්න නිසා වස බෝතලයක් හෝ දිවි අහිමිකර ගැනීමට ක්‍රමයක් සොයයි. එ්ත් මහා ධනස්කන්ධයන් සොරාගත් මහා හොරු ගෙදර යන්නේ විස්කි, බ්‍රැන්ඩි බී ජොලි කිරීමට නිවාඩුවක් ලැබුණු ගානටය. දුප්පතාගේ බඩට ගසා, රටට හෙන ගස්සන අයට, ධර්මය අනුව ලැබෙන්නට තිබෙන දේවල් ඉක්මණටම ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.
වෙන රටවල වගේ ඕක සිය කැමැත්තෙන් මුලදීම කළානම් කොච්චර වටිනවද දැන් මේකේ කිසි අගයක් නැහැ.
කාලය විසින් සියල්ල හෙළි කරනු ඇත
සැමගේ පාපයන් වෙනුවෙන්, බැටළු පැටවා බිල්ලට දුන්නේය. කූඩුවේ දාන්නේ නැද්ද වංචා වලට?
පසු පෙළ නෙවේ. හරි නම් ගෙදරම යවන්න ඕනේ. කොහොම වුණත් රවී තමන්ගේ වර්තමාන දේශපාලන නායකයා වෙනුවෙන් ලොකු පරිත්‍යාගයක් කරේ. නැත්නම් ඉතින් ගරු අගමැති කියන කෙනාට මොකද වෙන්නේ කියල රටම දන්නවා.
මෙයා ඉල්ලා අස්වීම විතරක් ප්‍රමාණවත් නොවේ. රටට කරපු පාඩුවට දැඩි දඬුවම් ලබාදිය යුතුයි. නැත්තම් එය දැරිය යුතතේ අපිද? මේ වගේ අය සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් සමු ගැන්විය යුතුයි.
හොරෙක් නම් කොහොමත් එ්ක කරන්නේ නෑ..
මාධ්‍ය මඟින් නඩු පවරා දඬුවම් ලබාදීම එතරම් සුභදායක ආරංචියක් නොවේ.
මෙතුමා කිසිම වරදක් කරලා නැහැ. මෙතුමා රටට පුදුම ආදරයක් ඇති කෙනෙක්. ඒකනේ දවසට පැය 18ක්ම වැඩකළේ.
එනම් මෛත්‍රී ශ්‍රී.ල.නි.ප.යෙන් අස්වී පොදු අපේක්ෂකයා ලෙස පැමිණ ගත වූ පළමු සතිය තුල පොදු අපේක්ෂක ජනාධිපතිවරණ ව්‍යාපාරයට වියදම් කිරීමට මුදල් තිබුනේ නැත. ව්‍යාපාරිකයෙකු වූ රවී කරුණානායක එදා ජනාධිපතිවරණ ව්‍යාපාරයට ගෙන ආ මුදල රුපියල් මිලියන 500 ක් පමණ විය. එදා රවී වියදම් කෙළේ කාගේ මුදල් දැයි සෙව්වේ නැති මෛත්‍රීපාල මහතා අද කොමිෂම දමා රවීගේ නිවසට කුලී ගෙවූ එක ගැන සෙවීමත්, ඔහුට ඇමැතිකමින් ඉල්ලා අස්වන්නැයි කීමත් කෙතරම් නීචදැයි කල්පනා කළ යුතු නොවන්නේ ද? අද රවී යැවීමට අත් දෙකම උස්සනවා යැයි කියන මෛත්‍රීගේ හොරණෑ එදා සිටියේ කොතැනදැයි අද මතක් කර ගත යුතු නොවේ ද?
රවී විතරක් නොවේ... එයාගේ දුව කියන විදියට මේකට සම්බන්ධ වෙච්ච ලොකුම ලොකු පොරවලුත් ඉන්නවා නේද? දැන් ඒ ගොල්ලන්ට මොකද වෙන්නේ? ඔහොම්ම ලිස්සලා යන්නද හදන්නේ 'ඔන්න අපි යහපාලනේ පෙන්නුවා' කියලා. අන්න ඔවුන්වත් කොමිසමට ගෙනාවොත් ගරු විනිසුරුතුමන්ලා දෙපලගේත්, අතිරේක සොලිසිටර් ජෙනරාල් දෙපලගේත් නම් රන් අකුරින් ඉතිහාස පොතේ ලියවේවි!!! මෙය වාර්තා වූ පළමු මොහොතේම අගමැති මගඩියක් කරලා ලිස්සල යවපු එකෙන් තමා රටේ නමත්, ජනතාවගේ සල්ලිත් ඉතිහාසයේ කිසිදා නොවූ විරු අයුරින් විනාශ වෙලා ගියේ. මේවාට අගමැති උත්තර දෙන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයේදී. මේකට දෙමල ඩයස්පෝරාවත් සම්බන්ධයි. ඒ ගොල්ලන්ගේ නියෝජිතයා හැටියට තමා මහේන්ද්‍රන් මේ රටේ සමහර ද්‍රෝහීන්ට සිංගප්පුරුවේදී සල්ලි බෙදුවේ. ඒ ද්‍රෝහීනුත් මේ වැඩේට වක්ක්රව හරි හවුල්. රටේ ආර්ථිකය විනාශ කරලා බෙල හීන කරලා ඊලම කරා යාමයි අපේක්ෂාව. පස්කරලින්ගමුත් මේ වැඩේ හවුල්කරුවෙක්. පුලිදේවන්ට මචන් කියලා කියපු එක්කෙනත් සයිඩ් සපොර්ටර් කෙනෙක්. මැද මහනුවර දළදා හිමියන් වැඩ වෙසෙන තුරු මේ ද්‍රෝහීන්ට ගැලවීමක් නැති බව සිහි තබා ගත යුතුය. මේ භුමිය එදත්, අදත්, මතු මතුවටත් පවතින්නේ මහා කාරුණිකයාණන් වහන්සේගේ නාමයෙනි.
ධම්ම පදයේ, බයිබලයේ සහ කුරාණයේ සඳහන් වූ පාඨ වලින් හෙළුව වහගන්න උත්සහ කල නමුදු අමු නිරුවතින් ද, ජනතාවට සේවය වෙනුවෙන් පෞද්ගලික කටයුතු ද කැපකල බව සහ තමා දුකින් නොව ආඩම්බරයෙන් සමු ගන්නා බව කියමින් වීරයකු සේ පෙනී සිටින්නට වෙර දැරුව ද නිවටයකු ලෙසද, ටයි කෝට් ඇඳි යහපාලන හොරකු මැති සබයේ පසු පස අසුනක් වෙත ගියේය..!
සියලු හොරු ඉවත් කල යුතුය. සර්ව පාක්ෂික පිරිසිදු කුඩා ඇමැති මඬුල්ලක් පත් කල යුතුය. එවිට උතුර දියුණු කල හැක. නැතිනම් නැවත එල්.ටී.ටී.ඊ. ය හිස ඔසවනු ඇත. නැතිනම් ජනපති මෛත්‍රී එක පාක්ෂික වනු ඇත. මෙය යහපාලනයේ හැරවුම් ලක්ෂය කරන්න.
රවී ඔබතුමා බෙල්ල දුන්නේ ජනාධිපතිගේ තනතුරු බේරාගන්නට. දැන් ඔබතුමා කරන්න ඕනේ නඩුව ඉක්මණින් අවසන් කරගැනීමට උත්සාහ ගන්න එකයි. නඩුවේදී තව දෙතුන් දෙනෙකුගේ නතතුරු නැතිවෙන්න පුළුවන්.
කියයි මිහිරි කතා... නිතර රසට ගොතා...
දන්නා පරිදි මෑත කාලයේදී ඉල්ලා අස්වුණු එකම ඇමති වරයා. ඉතිහාසය හා කාලය නිවැරදි විසඳුමක් ලබා දෙනතුරු බලා ඉඳිමු. අනෙක් ඇමතිවරු මෙයින් ආදර්ශයක් ගත්තොත් හොඳයි.
වවාගෙන කන්න තියන දේ ඉහගෙන කනකොට දෙයියෝ දෙන දඩුවම් තමයි ඕව්වා...
ඔය හම්බ කරගත් තරම මදැයි. මළාට පසු හොඳ තැනක සිටින පිණිස, දනක්, පිනක් කලා නම් දුප්පත් මිනිස්සුන්ට? කොපමණ හොඳයිද? අනේ ! එහෙම හිතක් හොරකම් කළ දේශපාලනය කළ මහත්වරුන්ට පහළ වේවා!!!
කිසිම වරදක් කරලා නැහැ... ප්‍රශ්නෙකට තිබෙන්නේ අමතක වීම සහ තම වටා සිදුවන කිසිම දෙයක් ගැන නොදැනීම දැන්ම ගිහින් හොඳ මනෝවෛද්‍ය වරයෙකුගෙන් "අමතක වීමේ සහ නොදැනීමේ රෝගයට" ප්‍රතිකාර ගන්න....
පාර්ලිමේන්තුවේ මෙවැනි ප්‍රකාශයක් කිරීමට කාලය වෙන්කිරීම අපරාදයක් නොවේද? මොකද අනපනත් වලටත් සමහර අවස්ථාවල ඉතා අඩු කාලයක් ලබාදෙන මෙවැනි පාර්ලිමේන්තුවක මෙයත් මගේ ඔබගේ, අපගේ, ලංකා මාතාවගේ මුදල් නාස්තියක් නොවේද??? තවද මෙය අය වැය කියවීමක් හා සමානකමක් මටනම් පෙනේ.මොහු පරස්පර අදහස් ප්‍රකාශ කලබවක් ද පෙනේ.පාර්ලිමේන්තුවක හුදෙක් වැදගත් තීරණ ගැනීමට තිබෙන කාලය අමුඅමුවේ නාස්තිකර ඇත. මෙයත් තවත් එක උදාහරණයකි ශ්‍රී ලාංකිකයන් නිකරුනේ කාලය කාදමන බවට ?????
අස් වෙනවා කීවට අස් වෙලාම නැහැ. පසු පෙළ මන්ත්‍රී කෙනෙක්. විදේශ කටයුතු ඇමැතිකමින් ඉල්ලා අස්වෙලා තියෙන්නේ. සන්තෝසේ බැරුවා
ඕක වේලාසනම කරනම් ඉවරනේ. මේක ඉතින් දැන් මෙතනින් යට යනවා.
කෝට්ටේ ඉන්න අපි මෙයා ගැන හොඳට දන්නවා. හරි විදියට මෙය පාර්ලිමේන්තුවෙන්ම අයින්වෙන්න ඕනෑ.
බිල්ල දුන්න පලියට නිධානේ හම්බවෙයි කියලා හිතන්න එපා.
මෙහෙමවත් ඉල්ලා අස් වුණු එක හොඳයි. ඔහු ගිය කාලේ මෙහෙම සංස්කෘතියක් තිබුණේම නෑ. ජානාදිපතිතුමාට ස්තුතියි. අපි හැමදාම ඡන්දෙ දුන්නේ අලියටම තමා. එ්ත් අලි හොරුනේ අප්පා.. මේ අය අපිට එපා. පරණ හොරුන්ටත් දඬුවම් ඉක්මනින් දෙන්න.
ගරු පෝස්ට් මිරිඩියම් ඉල්ලා අස්වෙන්නේ නැද්ද?
දොට්ට දානකම් ඉන්නේ නැතුව කලින්ම ගියා නම් ඉවරනේ... යන්නේ නැහැ නැහැ කියලා ලොකු ටෝක් දාලා. හැබැයි එක දෙයක් ඔබතුමා විතරක් ඕකේ ළුෑණු බික්ක කන්න එපා... ළුෑණු ගෙඩියම කාපු අය අල්ලලා දෙන එක කරන්න. තව මහගොඩක් ඉන්නවා ඔය ටයි කෝට් ගැන්සියේ...
පව් අප්පා.. හැමෝගෙම පව් මේ මනුස්සයගේ කරපිටින් ගියා..
පව් අනේ. කුඩුකාරයින්ට වෙන්නෙත් ඔය ටිකමනේ. අන්තිමේදී අර කුඩු මුදලාලිව බේරගන්න බෙල්ල වුණත් දෙනවා.
බලමු, බලමු, චෝදනා ඔප්පුවෙයිද? කියලා !!! නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ! නමුත් රටම දන්නවා ඔහු වැරදි කාරයෙක් කියලා. මට පුදුම, ඔච්චර දේවල් එළිවෙලත්, මේ හුටපටේ මුදුනෙන්ම ඉන්න අර්ජුන් මහේන්ද්‍රන් තවමත් අගමැතිතුමාගේ පුරෝහිත තනතුරක වැජඹෙන එක ගැනයි. අඹ යාලුවා නොවැ! ඒ දවස්වල අගමැතිතුමා කොමිසමක් දාලා සුදුහුණු ගෑව හැටි, පාර්ලිමේන්තුවේදී චරිත සහතික දීපු හැටි තාම රටට මතකයි. තමනුත් රවී මහතා වගේම ගෙදර ගියා නම් තමයි හොඳ....
එතකොට අර්ජුන මහේන්ද්‍රන්ව පත්කරලා දැන් උපදේශකයෙක් විදිහට තවත් තියාගෙන ඉන්න කෙනා අස්වෙන්නේ නැද්ද?
සුනාමි ආධාර හොරුන්ට වඩා නම් ඔබ අවංකයි.
ඔබට ගෞරව කරමි. නියම මහත්මයෙකු ලෙස ඔබ කටයුතු කළා. සත්‍ය හෙලිවී ඔබට සාධාරණය ඉටු වේවි. ජය ශ්රී
ඉතිහාසය හෝ කාලය කිසිවක් තීරණය නොකරයි. තමන් කරපු හොද නරක වලින් ගැලවෙන්න කාටවත් බෑ. ඒකයි සදාතනික ඇත්ත.
රවී මාරුව රටට කොහොමද?
ලෝකයේ හොඳම මුදල් ඇමති, මුදල් නිසා තනතුර අහිමි කර ගනී.
මෙවැනි පුද්ගලයින් කිසිම වගකීමක් නොදැරිය යුතුයි. එජාපය නිලතල වලින්ද ඉවත් විය යුතුයි.
සත්‍ය කවදා හෝ ජයගනී.
අනුන්ට කැපු වලේ වැටෙන්නේ නුබයි.
ලංකාදීප පුවත්පතටත් ස්තුති කරන්න ඕන පාඨකයන් දැනුවත් කලාට. අස් වෙලා ගිය එක රටට යහපතක් වේවි. අනිත් හොරුත් වහාම පිට වෙන්න ඕන මේ වගේම
ගින්නක් නැතිව දුම් දමන්නේ නැහැනේ... හොරා සිල් ගත්තත් හොරාමයි.
මේ එක්කෙනයි. තව කිදෙනෙක් ඇතුලේ ඉන්නවද මේ වගේ අස් වෙන්න ඕන අය
හොරකම් කල සල්ලි ආපුහු ගන්න. ඊට පසුව හිරේ දාන්න.
එතකොට හොරකම් කරපු සල්ලි කෝ...? මේ අයට හෙණගහන්න ඕනෑ අපිට, රටට කරපු අපරාධයට...
මේ අය කවදා අපෙන් සදහටම වෙන් වෙයිද? මේ සිටින 225ම විනාස වෙලා අලුත් කට්ටියක් එනවා නම් කොයිතරම් හොඳද?