( චන්ද්‍රසේන ගමගේ)
විජේදාස රාජපක්ෂ ඇමැතිවරයාට හෝ ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් කවුරු හෝ ගෙන එනවා නම් ඊට තම පක්ෂය සහයෝගය නොදෙන බවත් එම ඇමැතිවරුන් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති කාරණා විශ්වාස භංගයක් ගෙන ඒමට තරමේ බරපතල කාරණා නොවන බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අද(14) රන්නේ දී පැවසීය.
රන්න ‘කට්ටකඩුව‘ මහවැලි ගොවි සංවිධානය විසින් ඉදි කරනු ලැබූ නව ප්‍රජා ශාලාව විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජන හමුවේදී ඇමැතිවරයා එසේ පැවසීය .
‘‘වැරදි කරල තියෙනවානම් මහජන දේපල මං කොල්ල කාලා තියෙනවානම් පුද්ගලයා කවුරු වුණත් පක්ෂය කුමක් වුණත් අපි ඊට සහයෝගය දෙනවා පමණක් නොව ඔවුන් තනතුරු වලින් ඉවත් කරන්නනත් කටයුතු කරනවා. මීට පෙර මේ රටේ නොතිබු දෙයක් දැන් රට තුළ ස්ථාපනය වෙමින් යනවා. නිදහසෙන් පසු චෝදනා වලට ලක්වූ ඇමැතිවරයෙක් අපේ රජය යටතේ ඉල්ලා අස් වුණා. ඒ තිලක් මාරපන ඇමැතිවරයා. මේ ළගදි රවි කරුණානායක ඇමැතිවරයාත් ඉල්ලා අස් වුණා.දේශපාලකයන් මොන දේ කිවුවවත් රටේ ජනතාව දන්නවා. ඇත්ත මොකක්ද කියලා ජනතාවගේ මතයට ගරු කරමින් දේශපාලකයන් තනතුරු වලින් ඉල්ලා අස් වීම හොද දෙයක් වශයෙනුයි මම දකින්නේ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඊළඟ ජනාදිපතිතුමා පත්වෙයිද
තිලක් මාරපන නම් ඔය ආයිත් ආවේ නඩුවත් ඉවර නැතුව. රවීත් තව තුන් මාසෙකින් විතර එයි. ටිකක් ඉන්නකෝ..
ඉල්ලා අස් වුණාට හොරකම් කරපු සල්ලි වලට මොකද වෙන්නේ? එව්වත් සාක්කුවේ දාගෙන "කේස් ක්ලෝස්" කියල මරුවෙන්නද යන්නේ?
තිලක් මාරපන අස්වෙලා ගිහින් දැන් ගෙදරට වෙලා ඇති නේද? රවීත් අස්වෙලා ගිහින් ගෙදරම ඇති නේද?
මෙයාල ඔක්කොම හොරු රකින බොරුකාරයෝ. මෙයාලට පසුගිය රජයේ හොරු රකින්න වුවමනාවක් තියෙනවා. අපරාදේ අපි යහපාලනයක් ගැන මහන්සි වුනේ...
දූෂකයින්ට අලුත් පරණ හොරුන්ට දඬුවම් නැත්ද ?
පැන්නා, පැන්නා බළලා මල්ලෙන් එළියට පැන්නා!!
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අධිකරණ ඇමති කරමු. එතකොට හොරුන්ට ඇඳුම්වල මලමුත්‍ර පහවෙයි.
පිටිගල මිලානෝ, වඳුරට දැලි පිහිය ලැබුනොත් මොකද වෙන්නේ කියලා ඔයා දන්නවද?
රටේ පිළිගත් වරායක් විජාතිකයන්ට දෙන එක - මැතිවරණ කල්දාන එක ඇමති කෙනෙකුට සුළු දෙයක් වුණාට ජනතාවට නම් ඒක බරපතල ගැටළු ..... හොරාට කලින් ඇමතිතුමා වට පැනලා වගේ .....
යහපාලනයට ජනතාව දුන්නු විශ්වාසය භංගවෙලා දැන් ගොඩක් කල්... මැතිවරණයක් තිබුණොත් බලාගන්න පුළුවන් වේවි අපේ විශ්වාසය ...!!!
අනේ ඇයි අපි මහජනතාව හැටියට මේ අයට මේක කන්නදීල බලන් ඉන්නේ ? දැන් ඉතින් අපිත් අර අන්දරේ සීනි කෑව සේ " උබේ කටෙත් පස් මගේ කටෙත් පස් කියල" රටම හතර අතට කන එකයි ඇත්තේ !!
ඇයි මේ සමහරු පිටිගල අයියා කියපු දේවල්වලට කලබල වෙලා? හොරාට කලින් කෙසෙල්කැන වැට පැනලා වගේ.
ගරු ජනාදිපති තුමනි අගමැතිතුමනි අනෙකුත් පළාත් සභාහත් කලින් විසුරුවා හැර දෙසැම්බර් වෙද්දී පළාත් සභා සහ මහනගර සඳහා මැතිවරණය තබන්න.
ඉතින් මහජන දේපල මං කොල්ල කාලා තියෙනවානම් විතරක් නම් ඇයි ඩිලාන්ව තියාගෙන ඉන්නේ.. අනේ තමුසෙලාගේ දේශපාලනය අයිසේ..? හොරා තමුන්ගෙනම් උෟව ආරක්ෂා කරනවා.. එහෙම බැලුවහම යූඇන්පිය හොඳයිනේ..
කලාප ඔබ හරි ඊළඟ ජනාදිපති හම්බන්තොටින් තමා. අපි බලමු.