(රංජන් කස්තුරි)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකැරෙන පරික්ෂණ කඩිනම් කිරිමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
රජය මෙම තීරණය එළබී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා පිළිබඳ පරික්ෂණ ඉතාම මන්දගාමී ලෙස සිදුකෙරෙන බව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් දිගින් දිගටම කරුණූ දැක්වීමේ ප්‍රතිළුලයක් වශයෙන් දැනගන්නට තිබේ.
යහපාලන රජය බලයට පත්වී මේ වන විට වසර දෙකහමාරක් ගතවී ඇතත් හිටපු ජනපතිට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව කිසිදු පරික්ෂණයක් තවමත් අවසන් වී නැති බවද ඔවුන් පෙන්වාදී ඇත.
පසුගිය සතියේ පැවති කැබිනට් රැස්වීමේදීත් ඇමැතිවරුන් කීප දෙනෙකු මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතැයි වාර්තාවේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.