(රංජන් කස්තුරි)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකැරෙන පරික්ෂණ කඩිනම් කිරිමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
රජය මෙම තීරණය එළබී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා පිළිබඳ පරික්ෂණ ඉතාම මන්දගාමී ලෙස සිදුකෙරෙන බව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් දිගින් දිගටම කරුණූ දැක්වීමේ ප්‍රතිළුලයක් වශයෙන් දැනගන්නට තිබේ.
යහපාලන රජය බලයට පත්වී මේ වන විට වසර දෙකහමාරක් ගතවී ඇතත් හිටපු ජනපතිට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව කිසිදු පරික්ෂණයක් තවමත් අවසන් වී නැති බවද ඔවුන් පෙන්වාදී ඇත.
පසුගිය සතියේ පැවති කැබිනට් රැස්වීමේදීත් ඇමැතිවරුන් කීප දෙනෙකු මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම සිද්දවෙනවානම් නියමයි .
ජන්දයක් ලඟද?
චන්දෙ ලග ඇති
මේ ගොල්ලෝ තාම බයයි . බහුතරය සිංහල ඉන්නේ හිටපු කට්ටියගේ පැත්තෙනේ. ඒ නිසා මුකුත් කරන්න බයයි
ඉස්සර මට මතකයි, චන්දයක් ලග එනකොට සුරියකන්ද, බටලන්ද කොමිසම් එනවා. චන්දෙ ඉවර වෙනකම් විතරයි වැඩ, ඊට පස්සේ වෙච්ච දෙයක් නෑ.. මේවත් හරියට ඒවා වගේම තමා. බොරුවට මිනිස්සු රවට්ටලා චන්ද ගන්නවා.
කව්රු මහජන මුදල් අවබවිත කලාද ඔහු හෝ ඇයට දඩුවම් කලයුතුමය . එසේ අපගේ මුදල් හොරකම්කලේ මහින්දද , රනිල්ද , මෛත්‍රී ද ජෝන්ද රවියද යන්න පුරවැසියන් වන අපට අදාල නැත. නිල්, රතු , කොළ මොන පක්ෂයේ වුනත් හොරානම් හොරාට දඩුවම් කලයුතුමය.
එහෙම විය යුතුයි . වැරදි නම් දඬුවම් දිය යුතුයි. නැත්නම් නිදොස්කොට ජනතාවට කිවයුතුයි.
හොරුන්ට දඬුවම් දෙන්ඩ බැරි නම් ආණ්ඩුව ගෙදර යා යුතුයි. ඉක්මන්කරපල්ලා.
හොරකන් කරේ කවුද කියන එක නෙමේ ප්‍රශ්නේ. එහෙම කරප කාටවත් දඩුවම් දෙන්නේ නැති එක. මහජනතාවට දැනෙන්න දඩුවම් දෙන්න ඕනේ. ඕනෙම හොරෙක් එක හා සමානව සලකල දැඩි දඩුවම් දෙන්න ඕනේ. නැත්තන් අපේ රට තම කාලකන්නි වෙන්නේ. අනාගත ළම්යින්ටවත් ආදර්ශයක් වෙන්නේ ඕනේ අඩුම තරමින්.
ජනතා විමුක්ති පෙරමුණ බස් ගිනිතියල පාලම් බෝක්කු පුපුරවල රාජ්‍ය ආයතන ගිනිතියල මේ රටට කරපු හානිය ගැන දැන් කිසිම කතාවක් නැත.ඔවුන් හැසිරෙන්නෙ තව්තිසාවෙන් බැහපු ශුද්ධ දේවතාවන් සේය.ඒ අලාභය අයකරගන්න ක්‍රමවේදයක් අවශ්‍යයි.අඩුම තරමෙ අලාභෙ ප්‍රමාණයවත් ජාතියට හෙළිවිය යුතුයි.
කවුරුන්හෝ අන්ත අසරණ සුනාමි පීඩිතයන්ටත් එවපු ආධාර සොරකම් කලේ නම් ඔවුන්ට ස්වභාවධර්මයෙන් නම් කිසිම සමාවක් නොලැබෙනු ඇත. එය අද පෙනෙන්නටම ඇත. මතුවට ඒ අය මීට වඩා සිහිවිකලෙන් ඇවිදිනු ඇත.
අධිකරණය භාර ඇමති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේම ප්‍රකාශයක් කලා ඔහු සිටිනකම් ඝෝඨාභය මහතා කිසි විටක බන්ධනාගාර ගතවීමට ඉඩ නොදෙන බව. අනික රාජපක්ෂලා පොලීසිය කරන සියලුම පරීක්ෂණ ගැන මාධ්‍ය ඉදිරියේ ඉතාමත් හාස්‍යයටත් සමච්චලයටත් ලක් කරනවා. තාජුදීන් ඝාතනය, මැණික් මල්ල, මල්වානේ මාලිගාව, නාමල්ගේ කාරය, මිග් ගනුදෙනුව, වාස් ගුණවර්ධන කියපු රත්තරන් මලු, ශෑන්ග්රිල්ලා කොමිස්, ඉතා සරල උදාහරණ, ආණ්ඩුවද ඔවුන්ට විරුද්ධව කිසිවක් කරයි කියා සිතන්න බෑ.
නයා කාපු රත්රන් පැටියා කෝ? මහත්තයා නම් හොරකම් කළේම නෑ.
ඉක්මණින්ම කල යුතු කාර්යයක්....
2017 ලෝකයේ පොහොසත්ම දේශපාලකයා රුසියානු ජනාධිපති පුටින් මහත්තයාගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 70යි. රාජිත දත්දොස්තර මහත්තයා කියන විදිහට අපේ හිටපු ජනාධිපතිතුමා පුටින්ටත් වඩා ඉහළින් ඉන්නවා ඇති නේද? අනේ යහපාලුවනේ ඔබලාගේ තරම මිනිස්සු හොඳටම දන්නවා. තවත් බොරු සෝභන එපා. 2015 මිනිස්සු රවට්ටලා බලය ගත්තා. අරගෙන මොනවද කළේ? හැමදේම විකුණන එක විතරයි. මහින්ද හිටපු ජනාධිපතිතුමාට මඩ ගහන්න ගහන්න... ඔහු වටා ජනතාව රොක්වෙනවා. එතුමාට ජනතා ප්‍රසාදය වැඩිවෙනවා. යහපාලන හෙන්චයියන් පිරිහෙනවා...
ඔය තිබෙන චෝදනා ඉක්මනට විභාග කරලා වැරදිනම් දඩුවම් දීල දමන්න, නැත්නම් නිදහස් කරන්න, විජේදාස හරියට කරන්නේ නැත්නම් ජනාධිපතිතුමාට පුළුවන් හරියට කරන්න පුළුවන් කෙනෙකුට ඔය අමාත්‍යාංශය භාරදීලා , වෙන අමාත්‍යාංශයක් ඔහුට දෙන්න , කරුණාකර බොරු මාධ්‍ය සංදර්ශන වලටනම් ජනතා මුදල් නාස්තිකරන්න නම් එපා
225 හැම පාර්ලිමේන්තු ගිහින් පසු ලැබුවාවූ සියලු මුදල්, දේපල ජනසතු කළයුතුය. රටට ණයෙන් ගැලවිය හැකිවේවි !!!
බොරු කතා නෑ. රනිල්, විජේදාස ඉන්නකන් ඕවා බොරු තමයි.
බෝ පැලෙට හිරිහැර කරනු එපා.
ආණ්ඩුවේ ලොක්කෝ දෙන්නගේ "කොන්ද " පණනැතිකම නිසයි නඩු විභාග කරලා දඬුවම් දීම මෙච්චර කල් ඇදුනේ. ඒ මදිවට කේවට්ටයොත් මහැදුරන් වෙලා, ඔවුන්ගේ වාසගමට අදින තත්වෙට පත්වෙනකම් මහඋදවියට වගේ වගක් නැහැ. කිව්වා වගේම අවශ්‍ය වෙලාවට අවශ්‍ය කටයුතු කෙරිලා තිබ්බා නම්, ඔය ආණ්ඩුවට විරුද්ධව එන ගොඩක් ප්‍රශ්න මග හරවා ගන්න තිබ්බා. ඒත්, මේ ප්‍රවෘත්තියත් මාධ්‍ය සංදර්ශනයක්ද කියන එක ගැන අපිට නම් සැකයි. මොකද අපිට මතකයි, පහුගිය දිනවල, වසීම් තජුදීන් ආවා. පෙළපාලියකින් දෙකකින්, ආණ්ඩුව සහ විපක්ෂය ඔය කියපු අත්අඩංගුවට ගැනීම් නිකම්ම නිකම් "මාධ්‍ය සංදර්ශන පමණයි' කියන එක ඔප්පු කළා.
ඔක්කෝටම කලින් තිලංග සුමතිපාලටයි, ගුරුසිංහටයි සහ දැන් ඉන්න ගොබ්බ තේරීම් කමිටුවටයි විරුද්ධව පරීක්ෂණයක් කරලා මේ ඔක්කොම ක්‍රිකට් වලින් එළියට දාලා අපේ ක්‍රිකට් බේරාගමු. ක්‍රිකට්වලින් අංක එකේ හිටපු අපි, දවස් පහේ ටෙස්ට් මැච් එක දවස් තුනෙන් ඉවරකරගන්න හැටි තවත් බලන් ඉන්න බැරිම තැනයි ලංකාදීපෙටවත් මෙහෙම ලියන්න හිතුනේ. මාතෘකාවට අදාළ නැති එක ගැන කනගාටුයි.
කවුරු මහජන මුදල් අවභාවිත කළාද? ඔහු හෝ ඇයට දඬුවම් කලයුතුමය. එසේ අපගේ මුදල් හොරකම් කලේ මහින්ද මහතාද? නිල්, කොළ මොන පක්ෂයේ වුණත් හොරානම් හොරාට දඬුවම් නොකල යුතුමය... යන්න අප රටේ දේශපාලන සම්ප්‍රදාය වී ඇත. අපි එවන් විශ්මය උපද වන තීරණ ඔවුන්ගෙන් බලාපොරොත්තු නොවෙමු... ඒ අයටම ඡන්දය දෙමු...
බටලන්ද මිනීමරුවන්ටත් දඬුවම් දෙන්න ඕනේ. ඒ එක්කම රිචඩ් ද සොයිස මරපු යටත් දඬුවම් දෙන්න ඕනේ.
ජනතාවට අපි එකතුවෙමු. ආණ්ඩුවට බල කරමු හොරුන්ට දඬුවම් දෙන්න කියා. අගමැතිතුමා සහ ජනාධිපතිතුමා වෙනුවෙන් ක්‍රියා මාර්ගයක් ගත යුතුයි. බොරු වංශගේ විදේශ. ගමන් බලපත්‍ර නඩුවට මොකද වුනේ?
ඉක්මණට ඔය පුද්ගලයාව අැතුළට දාලා ඡන්දේ දුන්නු මිනිස්සුන්ගේ හිත සතුටු කරන්න.
ඔක්කොටම ඉස්සෙල්ලා බැඳුම්කර වංචාවෙන් හොරාකාපු සල්ලි ටික අායෙත් අය කරගන්න බලන්න.
77තේ ඉදන් යූඑන්පී ආණ්ඩු කාලේ විරුද්ධ පාක්ෂිකයින්ගෙන් පළිගත්ත එකනේ. දැන් හදන්නෙත් එ්කම තමයි.
"ක්‍රිකට්" මහතාගේ අදහස මමත් අනුමත කරමි. ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා අස්විය යුතුය.
හොරුන්ට දඬුවම් දිය යුතුයි... ඒකෙ දෙකක් නැහැ.. එ්ත් කවුද ඒක කරන්නේ කියන එකයි ගැටළුව. ආසියාවේ ලොකුම හොරකම වුණ මහ බැංකු මංකොල්ලය කරපු අයද ඒක කරන්න හදන්නේ..? හොරා කන්න හරි අද රටක් තියෙන්නේ කට්ටියම එකතු වෙලා ගරහන මේ පුද්ගලයා නිසා.. ඒ මනුස්සයා ඇතුළට දැම්මම කට්ටියට නින්ද යයි..
බණ්ඩාර (කැකිරාව) ඔයාෙපා.ම. මහින්ද මහතාගේ පසුපස යන කෙනෙක් වගෙයි.