අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් අද(21) සවස අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි පවසයි.
අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මෙම විශේෂ හමුව කැඳවා ඇතැයි වාර්තා වේ.
පසුගිය බ්‍රහස්පතින්දා පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව යෝජනවාක් ද සම්මත වූ අතර මේ හේතුවෙන් අගමැතිවරයා ප්‍රමුඛ එජාප මන්ත්‍රීවරු ඔහු සම්බන්ධ තීරණයක් ගනු ඇතැයි පක්ෂ ආරංචි වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජේදාස බක පණ්ඩිතයෙක්. එජාපයට පිළිලයක්. මෙයා කරන්නේ රාජපක්ෂලාගේ උවමනාවන් දැන්වත් තේරුම් ගන්න. නෙරපා හරින්න. මහරගම ආසනයවත් දිනාගන්න බැරිඋනා කයිවාරුව විතරයි.
මේ අවස්ථවේ එ.ජා.පය කුමන තීරණයක් ගත්තත්, එය අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස මහතාට වාසිදායකවන අතර එබැවින් ඔහු තවදුරටත් දේශපාලනිකව ශක්තිමත්වී තම බලය තහවුරු කර ගනී , එමනේම යහපාලන ආණ්ඩුවට තවදුරටත් ජනතා අප්‍රසාදයට පත්වේ.
විජේදාස මහතා කල වරද මොකක්ද.. ජනාදිපති කොමිසමක් දන්න. ඔය ඔක්කොම නීතින්නේ කරන්නේ වොෂ්වැගන් කොම්පනිය දැම්ම වගේ නැතුව.
WR " මේ සංක්‍රාන්ති සමය තුළ." ?.ජනපති MR ගේ 51 සහය ඇතිව චමල් අගමැති කර රජයක් පිහිටුවීමට සූදානම. WR "ඊට අවශ්‍ය විකල්පය මොකක්ද කියල මේ රටේ සියලුම ආගමික නායකයින් තීරණය කළ යුතුයි." ? ජනතා පරමාදීපත්‍ය මේකද? WR UNP ට අපහස කරයි. පළමුව UNP න් WR අස් කරන්න. දෙවනුව ජනපති ට අදිකරණය ට පමණක් ඇමති කෙනෙක් යෝජනා කරන්න. රාජිත හොදයි. සෞඛ්ය ඇමතිට WR දමන්න. ජනපති කරන්න නැතිනම් ඇමති මණ්ඩලය වර්ජනය කරන්න.
සයිටම් එකටත් ඔය විධියට උනන්දු වෙන්නකෝ....
යහපාලන නඩය මේ කරන්න යන දේ කලොත්, ඉතිහාසයේ කල ලොකුම වරදක් හැටියට ලියවේවි, ආව දා ඉඳල මේ අයගේ නිරුවත ප්‍රදර්ශනයේ තිබ්බට, මේ වගේ තකතීරු වැඩක් කරයි කියල අපි ඡන්දෙ දීල බලාපොරොත්තු උනේ නෑ මම හිතන්නේ, විජේදාස මහත්තයාගේ සමහර ක්‍රියාකලාප මම අගය නොකලත්, මෙතැනදී එතුමා කියන්නේ ඇත්ත නේද ? මොන ජගතාටවත් නීති පද්දතියට අත තියන්න බැහැ....
මේ සියලුම චෝදනා එල්ල වෙන්න ගත්තේ බැදුම්කර ප්‍රශ්නය උඩට අපු නිසා නේද? අදිකරණ ඇමති එලවන්න කතා කරන්නෙත් බැදුම්කර වාර්තාවට පාද සටහන් එකතු කරපු අයම නේද? මෙතුමා වැරදිනම් ස්වාදීන පරීක්ෂණයක් කරන්න. නැතුව තමන්ට විරුද්දවාදී පුද්ගලයන් තෝරාගෙන නීතිය ක්‍රියාත්මක කරන්නනම් මේ රටේ අධිකරණ අවශ්‍ය නැහැ නේද?
හොරුන් රකින අය අවසානයට අදින්නේ ජාතිය ආගම අනතුරේ කියන මන්ත්‍රය. ඕක තම විදේශ කුමන්ත්‍රණ අදිරාජ්‍ය ඇත පෙවීම් කියලත් සමහරක් හොරුන් අවභාවිත කරන වචන .... ඒ නිසා බය නැතුව ඔහුව නෙරපන්න. මොකද පක්ෂයක් රටක් වුනාම විනය කියන දේ වැදගත්
අගමැතිතුමනි තවත් කල් දන්නා එපා. නෙරපාහරින්න.
ඩෙංගු ලෙඩුන් වැඩිවනවිට 1. වැඩිපුර වාට්ටු දැමීම 2. ලේ (FULL BLOOD COUNT ) බලන මිල Rs . 450/= සිට 250/= අඩු කිරීම 3. පෙති මිල අඩු කිරීම වැරදිද ? එලෙසම අධිකරණය නඩු ප්‍රමාදයට විසදුම් දීම වැරදිද ? වැඩිපුර අධිකරණ දැමීම ? එය යහ පාලනය නොවේද? ඩෙංගු ලෙඩුන් වැඩිවනවිට පුද්ගලික රෝහල් අවශ්‍ය නැතිද? එවලත් ඉඩ නැතිවුණා මතක නැත්ද? ප්‍රමිතියට අනුව පුද්ගලික අංශයෙන් දොස්තර වරු වැඩි කෙරීම වැරදිද ? එය යහ පාලනය නොවේද?
පවතින දේශපාලන තත්ත්වය ඉදිරියේ හොරු නොමැතිව දේශපාලකයෙකුට පැවැත්මක් නොමැත. සමහර අයට ජාතිවාදය නොමැතිව පැවැත්මක් නොමැත. මේවා නොමැතිව යාහැකි ගමනක් ඉතිහාසයේ අපි නුදුටුවෙමු.මේ තත්ත්වයන් නොමැති පක්ෂ උපන්ගෙයිම පවතිනු ඇත.එය ජනතාවගේ කැමැත්ත වී ඇත. මේ නිසා මේ තීරණය අනුව විජයදාස රාජපක්ෂ මහතා කොතැනක නවතීද යන්න අපි බලාසිටිමු. එතුමාගේ තේරීම එතුමාගේ දේශපාලන චරිතය ජනතාවට තේරුම් ගත හැකි හොඳ මොහොතකි.
ඉහත අදහස් දකවා ඇති ඩෙංගු මදුරුවා මහතාට සහ රවීන් මහතාට සම්පූර්ණයෙන්ම සහයෝගය දක්වනවා.
රනිල්ට ආසියාවේ හොඳම මොලේ කිව්වට කලින් රජුගේ ගෝලයෙක් වෙන මෙයාව අඳුර ගන්න බැරුව ගියා මෙච්චර කල් යන කල්...
ජනපතිතුමනි ජනතාවට සවන් දෙන්න
මෙතුමාට එජාපයෙන් සමාවක් ලැබුණත් ජනතාවගෙන් සමාවක් ලැබෙන්නේ නැහැ. හොරුන්ව රකින අයත් හොරු.
ඉතින් මහින්දලා මොකටද බය වෙන්නේ මෙයාව මාරු කළා කියලා. හොරකම් කරලා නැත්තන් බය වෙන්න ඕනේ නැහැනේ. ඉක්මණින් නඩු විභාග කරන එක හොඳ දෙයක්නේ? එකට විරුද්ධ වෙන්නේ කල් මරලා නීතියෙන් බේරෙන්න හදන හොරු විතරයි.
හොරු කැමතියි නඩු කල්දාන, පරීක්ෂණ කල් දාන අැමැතිලාට. හොරු කව්ද කියලා අපිට ලඟදීම බලාගන්න පුළුවන්. දැන් එජාපය හදන්නේ ඉක්මණින් පරීක්ෂණ අවසන් කල හැකි අධිකරණ ඇමැති කෙනෙක් ජනතාවට ලබා දෙන්නනේ. අපි බලමු කව්ද එ්කට විරුද්ධ කියලා.
මමත් ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය දක්වන කෙනෙක්. හැබැයි පරීක්ෂණ ඉක්මණින් අවසන් කරන්න පුළුවන් අදිකරණ ඇමති කෙනෙක් පත්කරනවා නම් කවුරුවත් එකට විරුද්ධ වෙන්න හොඳ නැහැ. විජේදාස රාජපක්ෂ මහත්තයාට එහෙම බැරි නම් එතුමා ඉල්ලා අස්වෙන්න ඕනේ....
අධිකරණ ඇමති මාරු කිරීමට සියලු දෙනා පක්ෂ භේදයෙන් තොරව සහාය ලබාදිය යුතුයි. හොරුන් අල්ලා දඬුවම් දීම අද ජාතික අවශ්‍යතාවයක්...
අපි අන්තර්ජාතික අධිකරණයක් අවශ්‍ය නෑ කියන ගමන් අනිත් අතට විරුද්ධ පක්ෂයේ අයගේ නඩු මුලට ගන්න කියනවා. එ්කට අකමැති වුණා කියලා අධිකරණ ඇමැතිට විශ්වාස භංග ගේන්න යනවා. මේකෙන් අපි ලෝකෙට පෙන්නන්න යන්නේ මොකද්ද?
රනිල් මහත්තයෝ හොරුන්ට යටනොවී දැන් තියෙන එකක් එක්ක ආණ්ඩුවක් හදන්න...
ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සිකුරාදා තීන්දු කර සිටි විජේදාස රාජපක්ෂ තම සැබෑ ස්වාමිවරුන් වන මැදමූලන රාජපක්ෂලාගේ උපදෙස් මත ඉල්ලා අස්නොවීමට තීරණය කර ඇත. රාජපක්ෂලාගේ උපදෙස් වී ඇත්තේ ඉල්ලා අස්නොවී හැකි තරම් කාලයක් ආණ්ඩුව තුල හිඳිමින් එහි කටයුතු කඩා කප්පල් කිරීමට කටයුතු කරන ලෙසය.
අගමැතිතුමනි, තවත් කල් දාන්න එපා. එක්සත් ජාතික පක්ෂයටම නෙරපා හරින්න.
රට වෙනුවෙන් කෙලින් කතා කරන විජේදාස ඇමතිතුමාව එලවන්න දත කන නිඝණ්ඨයෝද එ.ජා.පෙ ඉන්නේ.? ඕකේ ඉන්න වචාලයෝයි හරි නම් එලවන්න ඕනේ. මොකද ජනතාවට ඔය වාචාලයින්ගේ කතා එපා වෙලා තියෙන්නේ... යම් විදියකින් රනිල් අගමැති ඒ දේ කළොත් එයාටත් අබ සරණයි.
අවුරුදු දෙකක් මෙයාලා නිදාගෙනද හිටියේ? මෙයාලට රත්වුණේ රවීට වැරදුණාට පස්සේ.. මහින්ද වැරදි කළා නම් දැන් ඉන්න ඔක්කොම වැරදිකාරයෝ.. එයාලා ඔව් සර් කියකියා හිටියා. වගකීමෙන් මිදෙන්න බැහැ. පාලකයනි, මේ කියන මම සිරිසේන මහතාටත්, රනිල් බලයට ගේන්න ඡන්දෙ දුන් අයෙක්... මට ඔප්පු කරන්න සාධක තියනවා. මම අභියෝග කරනවා හැකිනම් සයිටම් ප්‍රශ්නය වෙනුවෙන් ජනාධිපති කොමිසමක් දන්නා ළූණු ගෙඩි පිටින් ගත්ත හොරු බුරුතු පිටින් අහුවෙයි. පුලුවන් නම් අවංක යහපාලනය නම් කරන්න... බාරගන්න අභියෝගය... නැත්තම් සයිටම් මුදලාලිගෙන් මුදල් අරන් කියලා අපි සැක කරනවා.
මම සහ මගේ මිතුරන් කීප දෙනෙක් චන්දෙදි විජේදසට මනාපයක් දුන්න. අපි සියල්ලන්ම දැන් ඒ ගැන ගැන කනගාටුවෙනවා.
විජේදාසව ඇමති ධුරයෙන් ඉවත් කරන්න. රටේ අසරණ දුප්පත් ජනතාවගේ මුදල් සොරා ගත්තවුන්ට දඬුවම් දෙන්න බැරිනම් මොකටද තවත් ඔය තනතුරේ ඉන්නේ? වහා ගෙදර යන්න.
අපි මුළු රටම පක්ෂ භේදයෙන් තොරව අත්සන් එකතු කොට ජනාධිපතිතුමන්ට බාර දෙමු... විජේදාසව ඉවත් කරන්න කියලා. පසුගිය රජයෙන් සොරා කාපු මුදල් ආපසු අය කරගත යුතුමයි. එ්කට රටේ කිසිම පුරවැසියෙකුට විරුද්ධ වෙන්න බැහැ. විරුද්ධ වෙනවා නම් ඒ හොරුන් විතරයි.