(තරිඳු ජයවර්ධන)
උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවීයැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන ලෙස විභාග දෙපාර්තමේන්තුවෙන් කළ පැමිණිල්ල ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට යොමු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ එම පරීක්ෂණ පැවැත්වේ.
අත්පත්‍රිකාව බෙදා හැරි බව කියන ටියුෂන් ගුරුවරයා එහි සඳහන් පරිදි සත්‍ය වශයෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍රයක් විභාගය පෙර ලබා දී ඇත්දැයි සොයා බලන බව පොලිස් ප්‍රකාශකයෙක් කීවේය. එම ගුරුවරයාගෙන් ද මෙම සිද්ධිය ගැන ප්‍රශ්න කිරීමට නියමිතය.
ප්‍රශ්න පත්‍ර පිටවීයැයි කියන සිද්ධිය ගැන වැඩි විස්තර දන්නා ඕනෑම කෙනකුට පොලිසියට ගොස් විස්තර ලබා දිය හැකි බව ද උසස් පොලිස් නිලධාරියෙක් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු ගණනක් ටියුෂන් ගුරුවරු අධ්‍යාපන ඇමති හා නියෝජ්‍ය ඇමති ධුර ඉසිලීමේ ප්‍රතිඵලයකි.
විභාගයක ප්‍රශ්න අනුමාන කරන්න බැරිනම් ඒ ටියුෂන් ගුරුවරයාගෙන් ඇති වැඩේ මොකක්ද?
විභාග ප්‍රශ්නපත්‍ර හදන මහාචාර්යවරු කරන්නේ එම විෂයට අදාළ එක්තරා පොත් සෙට් එකකින් අදාළ ප්‍රශ්න කොපි කරගන්න එක... ඕක අද ඊයේ දෙයක් නොවේ. මේ ප්‍රශ්න ටික ඔවුන් නිර්මාණය කරනවා නොවේ. ඉතින් හොඳ මීටරයක් තියන ගුරුවරයෙකුට පුළුවන් එන ප්‍රශ්න අනුමාන කරන්න. හොඳට ප්‍රශ්න එන රටාව අධ්‍යයනය කරලා, අපි උසස්පෙළ කළ කාළෙත් ඔය වගේ සිද්ධි වුණා.
හොරට කැම්පස් යන අයව ටියුෂන් වලට විරුද්ධ නොවන හේතුව දැන් තේරෙනවා නේද?
අපේ විභාග රටාවේ තියෙන දුර්වල තැන් වලට සිසුන් ගුරුවරු පලි නැහැ.
පාසල් අධ්‍යාපනයට අනෙක් රටවලට සාපේක්ෂකව ඉතා සොච්චමක් රජය විසින් වෙන් කිරීමත් ගුරු සේවයට නිසි ඇගයීමක් නොකර ඉතා අවම වැටුපකට ඔවුන්ව සූරාකෑමත් නිසා අධ්‍යාපනය පිරිහිනි. වෙන කොහේවත් මේ ආකාරයට දක්නට නැති ටියුිෂන් සංස්කෘතිය බිහි වූයේ මෙම පිරිහීමේ ප්‍රථිපලයක් ලෙසයි. අධ්‍යාපන අමාත්‍යාංශයට ටියුෂන් පංති නියාමනය කිරීමේ උවමනාවක් හෝ එසේ කිරීමට ක්‍රමවේදයක් සකස්කිරීමට අපොහොසත් විය. වර්තමානයේ පාසල්තුල පරිපාලන කටයුතු පවා හිසිරවීමේ බලය පමණක් නොව විභාග දෙපාර්තමේන්තුව පවා හෑල්ලුවට පත් කළ හැකි ටියිුෂන් ගෝඩ් පාදර්ලා බිහිවන් මේ පසුබිම තුලිනි.
එක ලකුණකින් ළමයෙක්ගේ අනාගතය තීරණය වෙන්න පුළුවන් නිසා මේක වංචාවක් නම් විශාල අපරාධයක්... ලොකු දඬුවමක් ලැබෙන්න ඕනෑ...