(අජන්ත කුමාර අගලකඩ)
සියලූ පළාත් සභාවල මැතිවරණ එකම දිනකදී පැවැත්වීමට අවශ්‍ය බව කියමින් පළාත් සභා මැතිවරණ කල් දැමීමට එකඟවිය නොහැකියැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට නිල නොවන මට්ටමින් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාද ආණ්ඩුවේ පක්ෂ නායකයින් වෙත මේ බව නිල නොවන මට්ටමින් පවසා ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
සියලූ පළාත් සභාවල මැතිවරණ එකම දිනකදී පැවැත්වීම සඳහා ළඟදී නිල කාලය අවසන් වන උතුරුමැද, නැගෙනහිර හා සබරගමුව යන පළාත් සභා තුනේ මැතිවරණද කල්දැමීමේ යෝජනාවක් මීට පෙර කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්ව තිබිණි.
එහෙත් පළාත් සභා මැතිවරණ කල්දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන්ද ඉකුත්දා පැවැති පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී විරෝධය පළ කර තිබිණි.
ඒ අනුව උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර යන පළාත් සභා තුනේ මැතිවරණ මේ වසරේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වවිද්‍යාල ළමයි, වුර්තිකයෝ ඔක්කොම විරුද්ද උනත් මේ ආණ්ඩුව යසට සයිටම් වෙනුවෙන් පෙනී ඉන්නේ. එහෙවු එකේ මැතිවරණ කොමිසමේ මහින්ද මහත්තය කියන දේ කරොත් තම පුදුම.
අනිත් පළාත් සබහ ජනාදිපති තුමාට විසුරුවා හැකයි.ඒවා විසුරුවා එකම දිනක මැතිවරණය එකම දිනක පවත්වන.
හදිසි නිසා අදාල නොවන විෂයයන් යටතේ ලියමි. හොරුන්ට නඩු දමන්න නව අධිකරණ පිහිටුවීමට ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නැත.
එජාප යේ පසුපෙළ මන්ත්‍රීවරුනි, පාරට බැස කියමු. නව අධිකරණ පිහිටුවන ලෙස සහ හොරුනට නඩු දැමීමට ව්‍යවස්ථා සංසෝදන අවශ්‍ය නොවන වග... ව්‍යවස්ථාවේ 105 . 1.a , b , c අනුව කල හැක.
ව්‍යවස්ථා සංශෝධන, හදිසී.... මහබැංකු හොරකම ළුෑණු බිකේ හොරකමට නඩු දාන්න කියලද?