(අජන්ත කුමාර අගලකඩ)
සියලූ පළාත් සභාවල මැතිවරණ එකම දිනකදී පැවැත්වීමට අවශ්‍ය බව කියමින් පළාත් සභා මැතිවරණ කල් දැමීමට එකඟවිය නොහැකියැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට නිල නොවන මට්ටමින් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාද ආණ්ඩුවේ පක්ෂ නායකයින් වෙත මේ බව නිල නොවන මට්ටමින් පවසා ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
සියලූ පළාත් සභාවල මැතිවරණ එකම දිනකදී පැවැත්වීම සඳහා ළඟදී නිල කාලය අවසන් වන උතුරුමැද, නැගෙනහිර හා සබරගමුව යන පළාත් සභා තුනේ මැතිවරණද කල්දැමීමේ යෝජනාවක් මීට පෙර කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්ව තිබිණි.
එහෙත් පළාත් සභා මැතිවරණ කල්දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන්ද ඉකුත්දා පැවැති පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී විරෝධය පළ කර තිබිණි.
ඒ අනුව උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර යන පළාත් සභා තුනේ මැතිවරණ මේ වසරේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.