අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා හෙට දිනය ඇතුළත එම තනතුරුවලින් ඉවත් කිරීමට බොහෝ සෙයින් ඉඩ ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.
විජයදාස රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වීමට දී තිබූ කාලය අදින් අවසන් වූ බවත් අද රාත්‍රී පැවැති එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සියලු මන්ත්‍රීවරුන් ඒ ගැන අගමැතිවරයාගේ අවධානයට යොමු කළ බවත් දැනගන්නට ඇත.
මේ රජයේ අධිකරණ ඇමැති ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමි අමාත්‍ය ධුරයක් බැවින් එම අමාත්‍ය ධුරය එජාපයේ වෙනත් පුද්ගලයකුට දීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.
මේ වට විට ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශාරදයකු වන ජයම්පති වික්‍රමරත්න මහතාගේ නමත්, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතිළු පිරසකගේ නමුත් යෝජනා වී තිබේ.
විජයදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට එකඟත්වය පළ කර ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.
ඒ අනුව හෙට දිනය තුළ බොහෝ දුරට විජයදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.
විජයදාස රාජපක්ෂ මහතාට වෙනත් අමාත්‍ය ධුරයක් ලබා දෙනවාද නැද්ද යන්න ගැන මෙතෙක් ස්ථිර තීන්දුවක් ගෙන නොමැත.
044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවත් කරන අයට වෙන තනතුරු නොදිය යුතුයු. කෙලින්ම ගෙදර යවන්න
ජනමතය වෙනස් කිරීමේ එජාප කුමන්තනය ජයටම යනවා. හුරේ...
එහෙමද ආසා/
රවිටත් එක්කමද ? ඇත්ත කතා කරන සිංහලුන්ට දේසපාලන තොප්පිය ගලවා ආචාර කරන්න එයයි සිංහල කම සත්‍ය සමග දේසපාලනය පැහෙන්නේ නැහැ
අධිකරණ ඇමති ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත්කර හොරු අල්ලන යාන්ත්‍රනය වේගවත් කරමු. මෙතුමා අධිකරණ ඇමති වූ විට හොරුන්ට තම වස්ත්‍ර වලම මළපහ විය හැකි බැවින් ඔවුන් ඇල්ලීමද පහසු වනු ඇත.
නියමම සුදුස්සා තමයි ගරැ සරත් පොංසේකා මැති තුමා! නමුත් එතුමා පත්කරොත් දැනට එතුමා සීග්‍රෙයන් කරගෙන යන ප්‍රාදේසීය කටයුතු අඩාල වෙයි නොවැ! ඊ ලඟ සුදුස්ස තමයි. ගරැකිරිඇල්ලෙ තුමා. ඒත් මට දුකයි උසස් අධ්‍යාපනයටයි මහාමාර්ග වලටයි අනිත් මාර්ග වලටයි මොනව වෙයිද කියල! ඒ හිංද මම කැමතියි ගරැ රංජං තුමා පත්කොරනවට! එතුමා කියනවනෙ මාස 6 යෙං ඔක්කොම fix කොරනව කියල
නිකන් නෙමේ, මඩු වලිගෙන් තලාලයි එලොවන්න ඕනා. කරපු අලජ්ජි වැඩේට.
විජේදාස මහතාව යම්හෙයකින් ඉවත් කලොත් එය එජාපෙ හෙළුව ප්‍රදර්ශනය කිරීමකි.රටේ සම්පත් විකුණගෙන කන මේ හිගන ආණ්ඩුවට එරෙහිව එතුමා කතා කරන එකෙන් එතුමාගේ ප්‍රතිරූපය වැඩෙන අතර එජාපෙ රෙදි ගැලවේ.අනිත් එක එම තනතුරටේ කිරිඇල්ලව පත්කලොත් මට කියන්න තියෙන්නේ "ඕනේ ගොනෙකුට එම ඇමති කම කල හැකියි කියලයි.
වරදින්න යනකොට අපේ හැම දෙස්පාලුවම ඉස්සරහට දාන්නේ 'ජාත්‍යාලය, දේශාභිමානය' වගේ දේවල්. මෙයත් එකම ඉස්සහට දාගෙන ඇලිල ඉන්න හදනවා. පක්ෂයට එපා කියල මෙහෙම එලවන්න හදනකොට අනේ මට බෑ කියන ඇමතිලා ආත්ම ගෞරවය කියල දෙයක් ගැන අහලවත් නැතුව ඇති.
මා සිතන හැටියට, රටේ අධිකරණ අමාත්‍යධුරය දිය යුත්තේ වෘතියෙන් නීතිඥයෙක් නොවන කෙනෙකුටයි. එම තනතුර දරන තැනැත්තා ක්‍රියාකළ යුත්තේ මහජනයාගේ සුභ සිද්දිය තකා මිස, පෙරකදොරුවන්ගේ සුභ සිද්දියට නොව. අද බොහෝ නඩු දිග්ගැසී තිබෙන්නේ පෙරකදොරුවන්ගේ "ගැට" නිසයි.
ගෙවලය වගේ.
කවුරුවුනත් කමක් නැ.. අලුතින් එන කෙනා අපහු ඩීල් නොදා ඉක්ක්මනට ගොඩගැහිලා තියෙන නඩු ටික විබාග කල යුතුයි. මහජනතාව බල ඉන්නේ කව්ද හොරු කව්ද හොඳ කියල ඇත්ත දැනගන්නයි
මහින්ද මාමා කිව්වද ඉල්ලා අස්වෙන්න එපා කියල. මට පුදුම අගමැතිතුමාට මෙයාව අදුනගන්න මෙච්චර කල් ගිය එක.
තනතුරු යුතු ලෙස භාවිත කර හොරු රැක්කේ නම් ජනතා සාපයෙන් ගැලවීමක් නැත. මොකද හොරකම් කර ඇත්තේ මහජන මුදල් නිසා. වහාම නම්බු පිට ඉල්ලා අස් වෙනු.
කරුණාකර මෙම තනතුර ෆීල්ඩ් මාර්ෂල් මහතාට හෝ ජයම්පති වික්‍රමරත්න මහතාට දෙන්න. නියෝජ්‍ය ඇමතිකම රන්ජන්ට දෙන්න. අජිත් පි පෙරේරා මහතාත් හොදයි. වෙන නම් කව්රුවත් එපා.
වෙන තනතුරක් දුන්නොත් ඔය තියෙන ක්‍රෝධය සහ ඉරිශියාව තවත් වර්ධනය වී මොනවා කරාවිද දන්නේ නෑ. මෙයාට තියෙන්නේ පන්ති ගැටළුවක්.
මහා බැංකුව හොරකාපුහොර එළියේ ඉදිදී, රටවෙනුවෙන් කතා කරපු මනුසයාට එර්හිවෙන කුහක ආණ්ඩුවක් මේක
විජේදාස මතිදුනි ඉල්ලා අස්වෙන්න එපා අස් කරන්න ඉඩ දෙන්න ,,මමත් unp කාරයෙක් යහපාලනයට චන්දෙ දුන්න ,,මෙතරම් විකුණන් කන හිතුවක්කාර රජයක් ඉතිහාසයේ තිබුනේ නෑ,,,ජනතාව මෙයාලට උත්තර දේවි ,,,,ඔබ ජනතාව උදෙසා හඩ නගා කටයුතු කරන්න ,,,ස්වබාව ධර්මය ඔබව බලාගනීවි ,,ඔබට ජය
ප්‍රමදවිහෝ නෙරපීමට ගත්ත තිරණය කාලෝචිතයි .ජයම්පති වික්‍රමරත්න මහතා සෑම අතින්ම සුදුසුයි .මහරගම අපි විජේදාස රාජපක්ස ගැන 2020 බලාගන්නම්.
ඕන ගොනෙක්ට උසස් අධ්‍යාපන ඇමති වෙන්න පුළුවන් එකේ අධිකරණ අමාත්‍යන්ශය ගැන කවර කතාද
අසාධාරණය අයුක්තියේ ගැලී ඉන්න කණ්ඩායමකට සාධාරණය කතා කරන මිනිස්සුන්ව ඇලජික්ය. මෙතෙක් කල් ඔබ ඔතන සිටි එකත් ඇත්තෙන්ම පුදුමය.
වීජේදාසව ඉවත් කරන්නේ රටට හානි කර නිසා නෙමෙයි, රනිල්ට හානි කර නිසා. මේ ආන්ඩුව ඉක්මනින් ගෙදර යයි වගේ නේද?
කැකිල්ලේ තීන්දුවේ අන්තිමට කෙට්‍ටු මිනිහෙක් වරදකරු වී ඇතු ලවා පාගවා මරන්න තීරණය කලාලු. එතකොට විත්තිකරු කිව්වලු මම මැරුවොත් කටු නිසා ඇතාට රිදෙනවනේ ඒක නිසා හන්දියේ කඩේ මහත මුදලාලි මස් තියෙන කට්ස් තියෙන පොරක් ඌව මරමු කියල. කැකිල්ලෙත් හාං කිව්වලු. රවීට ශොට් එක හම්බෙනකොට අපිට හිතුන පැත්තක ඉන්න එකෙක්ට කෙල වෙනව කියල.
ඔබතුමාට ඔය ටිකට් එක ඇදුනේ අහිංසක මුස්ලිම් ජනයාට විරුද්ධව කතා කල නිසා.
ඉවත් කරන්නේ අවශ්‍ය නැති නිසානේ . ඉතින් වෙන ඇමතිකම් දෙන්නේ මොකටද. අගමැති සහ ජනපති මේවා රට වෙනුවෙන් කලයුතු දේවල්.
කෙළින් වැඩ කරන අයව ඉවත් කරලා මහ හොරු ටික එ් තනතුරු වලට දාගන්න තමයි මෙයාලා හදන්නේ.රට විකුණන් කන ඒකට විරුද්ධ වීම තමයි මෙයා කරපු වරද.මෙයා අයින් කරලා හොඳ පොරක් තමයි දාගන්න හදන්නේ හරක් වැඩ කරන කිරි ඇල්ල කියල.දැන් නම් තිත්තය යහපාලනය .
උපුල් මයා වෙත, නිවැරදි ඔබගේ අදහසට තවත් එක කරුණක් එකතුකිරීමට අදහස් කලෙමි.විජේදාස සිග්‍රගාමිව ගෙදරටත් රවිට තව හොද තනතුරකුත් දෙමු. මොකද රවි තරම් මේ අපේ මව්බිමට සේවයක් කරපු තොත්ත බබෙක් තවත් නැත.
යන්න එපා ඥාන අක්ක කියන කන් .
මෙයා හිතුවෙ පන්සල්වල ඉන්න අය ආණ්ඩුක්‍රම විශාරදයො කියල . මහින්ද වගේම පන්සල්වලට ගිහින් වෛරය වපුරනව. ජාතිවාදය කතා කරනව
රටේ බහුතර ජනතාව පිළිගන්නේ විජේදාස මැති තුමාගේ මතයයි ,එබැවින් ඔහු ඇමති කමින් නෙරපීමේ තීරණය ආණ්ඩුවට 100% අවාසි සහගතයි.. මේ රනිල් අගමැති තුමාගේ රජයට වෙන්නේ අර 2002 වුන දේම තමයි.
අපි නොදන්න ජාති ආලය මෙයාගෙ..හතර වටේට කොටු පැනල දැන් සුන්දර වචන කියනව.. මාගේ දේශය, මාගේ ජාතිය, මාතෘ භූමිය කියල. ඔච්චර ජාති හිතෛෂිනම් වරාය ගිවිසුම අත්සන් කරන්න ඉස්සෙල්ල එපැයි කියන්න,,, අත්සන් කරනකම් ඉඳල දැන් කියනව වරාය අරගෙන මිසක් පස්ස බලන්නෙ නැහැලු..
ආණ්ඩුවේ අවසානයේ ආරම්භය මෙයයි. ෆූට්නෝටේ කණ්ඩායම රැක්කීම මෙහි අපේක්ෂාවයි.
හොරු නම් විජේදාස මහත්තයව මාරු කරනවට අකමැති වෙයි. ඒ ගොල්ලෝ කැමති පරීක්ෂණ රබර් වගේ අැදෙනවට තමයි.
පිළිතුර සරලයි. විජේදාසට පරීක්ෂණ වලට අවුරුදු 10 ක් ඕනේ. අජිත් පි පෙරේරා ඇමතිතුමා කියනවා පරීක්ෂණ කඩිනමින් කරන්න පුළුවන් කියල. මුළු රටටම ඕනේ මේ පරීක්ෂණ ඉක්මනින් ඉවර කරලා ඇත්ත දැන ගන්න.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත්කර හොරු අල්ලන එක වේගවත් කරන්න පුළුවන්. මෙතුමා අධිකරණ ඇමති වූ විට හොරුන්ට තම වස්ත්‍ර වලම මළපහ විය හැකි බැවින් හොරුන්ගේ සිංහ සෙල්ලන් බලු වන විට ඇල්ලීමද පහසු වනු ඇත.
එකාබද්දේ ඇයි අකමැති පරීක්ෂණ වේගවත් කරනවට? හා හා හොරෙ දැනුනා දැනුනා ...
තමන්ගේ නම්බුව තියාගෙන (නම්බුවක් තියෙනවා නම්) ඉල්ලා අස්වෙන එක තමයි මහත්මා ගතිය.
හැමෝම මිනිසුන්ව මෝඩයින්ට අන්දවලා...
මෙතුමාට මෙයාල මෙච්චර අකමැති මෙතුමා සිංහල භාෂාව ගැන බුද්ධාගම ගැන කැක්කුමකින් කතා කරන නිසාමයි.
ජනපති ප්‍රමාද ඇයි ? MR ගේ අවසරය නැත්ද? දිනයක් සහ වෙලාවක් දමා ලක්ෂ 62 පාරට බසිමුද?
ප්‍රමාදයට හේතුව රතින්ඥ සුදානම්ද?
මා හිතන් හිටියේ මෙතුමා මහත්මයෙක් කියලයි.
විජේදාස මහතා අදිකරණ ඇමතිකමට නියම සුදුස්ස. ඔහු ඒ ක්ෂත්‍රයේ ඉන්න හොදම සුදුසුකම් සහිත සහ අවංක පුද්ගලයෙක්. රාජිත කැමති නැහැ ඔහුට විරුද්ධව තියෙන කෙළවරක් නැති චෝදනා විබාග වේවි කියන බයට. ෆොන්සේකා කැමති නැහැ ඔහුගේ රුපියල් මිලියන 800 ක් විතර විජේදාස මහතා නිදහස් නොකරන එකට. එයට හේතුව ඒ මුදල් ඔහුට ලැබුණු විදිය පැහැදිලි කිරීමට නොහැකි නිසා. අජිත් පෙරේරා කැමති නැහැ ඔහුත් මහබැංකු මුදල් කොල්ලය යටගැසීමට ෆුට් නොට් දම කටයුතු කල නිසා . මෙයද යහ පාලනය ?
මේවා මෙච්චර කතා කර කර ඉන්න ඕන කරුණු නෙමෙයිනේ. විජේදාස අස් කරන්න තිබුනේ මීට ගොඩක් ඉස්සරවෙලා. තාම කතා කර කර ඉන්නේ නැතුව ඉක්මනටම දැන්වත් අස් කරලා දාන්න.
සමහරුන්ගේ අදහස පොන්සේකව මේ තනතුරට පත්කරන්න. ඡන්ද 5000ක් ගන්න බැරි පින් ඇමතිට තව මොන තනතුරුද? අනිත් එක යුද්ද කරන්න පුළුවන් වුනාට අධිකරණ කටයුතු ගැන මොන සුදුසුකමක්ද? එහෙම වුනොත් එදාට එජාපෙ අවසානයි.