නව අධිකරණ ඇමැතිවරයා ලෙස ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
තලතා අතුකෝරල මහත්මියට අධිකරණ ඇමැතිධුරය ලබා දෙනුයේ දැනට ඇය හොබවන විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට අමතරවය.
කම්කරු රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන රවීන්ද්‍ර සමරවීර මහතාට බුද්ධ ශාසන අමාත්‍ය ධුරය ලබා දෙනු ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
විජයදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීම ප්‍රමාධ වී ඇත්තේ නව ඇමැතිවරුන් දෙදෙනා නම් කර යැවීමට ප්‍රමාධ වීම නිසා බව ද දැනගන්නට ඇත.
මේ අතර විජයදාස රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ද නියමිත බව ආරංචි මාර්ග කියයි.
044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සරත් ෆොන්සේකාට දෙන්න.
කවුරු වුනත් කමක් නැ. ගොඩගැහිලා තියෙන නඩු ටික ඉක්මනට ඉවර කරන්න නීතිපති දෙපාර්තුමේන්තුවට අවශ්‍ය පහසුකම් දිය යුතුයි . ජනතාවට පොරොන්දු වුන විදියට පහුගිය කාලේ සහ දැන් කාලේ හොරුන්ට විරුද්දව නීති මගින් කටයුතු කල යුතුයි
සුදුසුකම් මොනවද? ඇයි විජයදාසට බය? එයා කෙලින් වැඩ කරන නිසාද? විජයදාස තනියම ඡන්දේ ඉල්ලුවත් අපි එයාව පත් කරනවා....
මගේ පුංචිකාලේ මතකයට අනුව ගාමිණී අතුකෝරාල හොඳ දේශපාලනයක් කරා පියනැගුවා. හැමදේටම කලින් ඔහුගේ මරණයට හේතුව සොයා ගත්තා නම්?
තලතා, ඉස්සෙල්ලාම ගාමිණි අතුකෝරල මැරුණු විදිහ හොයන්න. මැරුණද? මැරුවද? කියලා...
ඇහුවොත් දෙයක් ඒක වහන්න වෙන දේකට බනිනවා.
මේ ආණ්ඩුව කවදාවත් හැදෙන්නේ නෑ. තලතා අමාත්‍යාංශයේ අය කරපු හොරකම් වත් හෙව්වද? වෙන කවුරුත් නැද්ද මේකට?
මෙලෝ රහක් නැහැ. ආයෙත් රනිල්ට ඕන විදියට හොරු ටික නලව නලවා ඉඳියි.
ඇය දැනට හොබවන විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය කලින් දැරුවේ පහුගිය යුගයේ නීලකාස හොරෙකු වුවත් ඇය එය ලබා ගැනීමෙන් පසු එම හොරකම් ගැන ආයතනික මට්ටමින් සෙවීමක් බැලීමක් කළේ හෝ හොරකම් කළ අයට ආයතනික මට්ටමින් දඬුවමක් හෝ දීමක් වුනේ නැත. තවද අධිකරණය ගැන ඇයට ඇති සුදුසුකම් කුමක්ද?
මොනවද මේ කරන විකාර.. මේ මනුස්සයාට තියෙන අත්දැකීම් මොනවද මේ සම්බන්ධව. මිනිස්සු හිනාවෙන වැඩ කරන්න එපා..
ඒකාබද්ධ විපක්ෂයේ අනාගත අගමැති අපේක්ෂක විජේදාස රාජපක්ෂ මහතාට අපගේ උපහාරය.
බලමුකෝ හොරු අල්ලයිද කියලා... පළමුවෙන් රාජිත, එස්.බී. සහ කිරිඇල්ල වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න. ජාතික ගැටළුව සයිටම් සඳහා ජනාධිපති අතිවිශේෂ කොමිසමක් දමන්න තරයේ ඉල්ලන්න.
තවත් වැඩියෙන් තනතුරු දුන්නා නම් හොඳයි.
නව අධිකරණ ඇමැතිවරයා ලෙස ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පත් කිරීමෙන් අවශ්‍ය කරන අධිකරණය කාර්යක්ෂම කිරීම කරගත හැකිවේවි දැයි අවිශ්වාසයක් ඇත. එජාප පසුපෙළ මන්ත්‍රීන්ගේ ව්‍යායාමය ඵල ගැන්වේවිදැයි සැකසහිතයි.
කිසිම වැඩකට නැති කෙනෙක් මෙයා... බොරුව විතරයි රනිල්ට ලස්සනට නටවාගෙන යන්න පුළුවන් ලංකාවේ ඉන්න මිනිස්සුන්ටත් පිස්සු දැන් ඡන්දේ දීලා. වෙන අය ඇමැතිකම් කරනවා, සුදුසු අය එළවනවා. අන්තිමට රටට නෙමේ, පක්ෂෙට වැඩ කරන එකට විතරයි ඉන්න පුළුවන්... ආණ්ඩුවේ හෙළුව රටට වැඩක් නෙමෙයි වෙන්නේ මිනිස්සුන්ට ගහන්න ඕනෑ මුලින්ම...
තලතාට විදේශ කටයුතු එකක්වත් කරගන්න බැහැනේ. එතකොට දෙකක් කරන්නේ කොහොමද? මෙයට එ්කෙත් රක්ෂණය කරන්න ගිහිල්ලා පගාව අරගෙන අවුලක් තියෙනවනේ. මේ හොරෙක් නොවෙන කෙනෙක් ඇත්තෙම නැද්ද?
අපෝ ඇති යාන්තම් මොලේ පෑදුණා..
ඉන්න එක්කෙනා අස්කරගන්නා බැරුව වලිකනවා කොහොමද අලුත් කෙනෙක් පත්කරන්නේ?
අනේ පව්..අජිත්ට .පුදුම බඩේ රුදාවක් තිබුනේ එයාට ... අජිත් පෙරේරා කෙල හල-හලා බලාපොරොත්තු අදිකරණ ඇමති පුටුව තලතා අතුකෝරල මහත්මියට ලබාදීම ගැන අපි මහත් සංවේගයෙන් බලාසිටින්නෙමු..
අධිකරණ ඇමති දුරයට තලතා පත් කිරීමට යන්නේ හිතා ගතහැකියි තනතුරේ ගෞරවයට වෙන්නේ මොකද කියල.මොකද ඊයේ පෙරේද දවසක මෙය කියනවා ලංකාවේ තුන් වෙලා නොකන මිනිස්සු නැහැ කියල.දන්නා තරමක මහතද?නැතිනම් මෙයත් වාචලයින්ගේ ගොඩට වැටුනද?
අමතිතුමියනි, ප්‍රථමයෙන් ආණ්ඩුව ඇතුලේ ඉන්න හොරු අල්ලලා ආදර්ශයක් දෙන්න.
මේ වෙලාවේ අධිකරණ විෂයට අවශ්‍ය වෙන්නේ දරදඬු දෑතක් මිස මටසිලුටු දෑතක් නොවේ. මොකද මෙතුවක්කල් ඇමතිවරයා කරපු දේවල්, රාජපක්ෂවරුන්ට ආවඩින කූට නිලධාරීන්ගෙන් වෙන්න බැරි නැහැ. 24 පැයේම ඕනෑම තැනකට හදිසියකට යන්න පුළුවන් කෙනෙක් පත්කරොත් තමා මේ ඉවත්කිරීමෙන් බලාපොරොත්තුවෙන දේ, ඒ විදිහටම වෙන්නේ.
තලතා මැතිනිය සහෝදරයා වගේ වැඩ කරවී. හොරු අල්ලමු දඬුවම් දෙමු.
තලතා හොඳයි මේ තනතුරට. අධිකරණ ඇමති වෙන්න ඕන හැම දේටම ඇඟිලි නොගහන, විශේෂයෙන්ම නීතිපතිට තමන්ගේ වැඩ කටයුතු ස්වාධීනව කරගෙන යන්න ඉඩ දෙන කෙනෙක්. ඩීල් දාසයෙක් හෝ දාසියක් නොවන කෙනෙක්. තලතා ඩීල් වලට අහු නොවී ඇමති තනතුරට අයත් රාජකාරි කරනු ඇති බවට විශ්වාසයක් තැබිය හැකියි. ඔබට සුබ පතමි.
නරියට කුකුල්ලු බාර දුන්න වගේ තියෙයි. අධිකරනෙටත් දෙවියන්ගෙම පිහිට තමා හරියට විදේශ වල වැඩ කරන ශ්‍රී ලාංකිකයන්ට වගේ.
සාර්ථක අදිකරණ ඇමතිවරයෙක් අවශානම් ජයම්පති විකක්‍රමරත්න මහතා පත් කරන්න .
වෙස මුණක් ටිඑන්නේ ,,,,අබසරණ ටම අදිකරණයට ,,,,,