විභාග කොමසාරිස් ඉවතට විභාග කොමසාරිස් ජනරාල් ඩම්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා මීට ස්වල්ප වේලාවකට පෙර එම තනතුරෙන් ඉවත් කර තිබේ. 14 November 2017
ඇවන්ට්ගාඩ් නාවික හමුදාවෙන් වන්දි ඉල්ලයි ජාත්‍යයන්තර මුහුදේ ගමන් ගන්නා නැව්වලට ආරක්ෂාව ලබා දෙමින් තමන් කරගෙන ගිය ව්‍යාපාරය නාවික හමුදාව විසින් බලහත්කාරයෙන් පැහැරගැනීමෙන් තමන්ට සිදුවු පාඩුව වෙනුවෙන් නාවික හමුදාපතිවරුන්ගෙන් රුපියල් කෝටි 500ක් අයකර දෙන්නැයි ඉල්ලමින් ‘ඇවන්ට් ගාඞ් මැරිටයිම් සමාගම’ කොළඹ දිසා අධිකරණයේ අද (14) වන්දි නඩුවක් පැවරීය. 14 November 2017
මහින්දගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් එජාපයට බස්නාහිර පළාත් සභාවේ හිටපු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කළ තුෂාර පෙරේරා මහතා අද (14) එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය. 14 November 2017
ගාමිණි සෙනරත් රිමාන්ඩ් අධිකරණයට බාරවු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු තිදෙනා ලබන 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) නියෝග කළාය. 13 November 2017
සීනි සමාගම ඇමැති දයාට පවරනවාට අමරවීරගෙන් විරෝධය රජයට අයත් සෙවනගල සීනි සමාගම ඇමැති දයා ගමගේ මහතාට අයත් පෞද්ගලික ව්‍යාපාරයකට පවරනවාට තමන් විරුද්ධ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (13) පාර්ලිමේන්තුවේදී පැවසීය. 13 November 2017
දෙමළ ජනතාව වෙනුවෙන් පොදු ලකුණක් දෙමළ ජනතාවගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් බිහි කළ දෙමළ ජනතා සංසදය කිසි සේත් දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය නොකරන බවටත් සියලු දේශපාලන කටයුතු වලදී සංසදයක් ලෙස ඊට මැදිහත් වන බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා පැවසීය. 13 November 2017
සෙවනගල යළිත් දයා ගමගේට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්මත කරගන්නා ලද 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අහෝසි කිරීමට අය වැයෙන් යෝජනාකර තිබේ. 12 November 2017
දෙමළ ජාතික සන්ධානයේ තීරණාත්මක සාකච්ඡාවක් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා සාකච්ජාවක් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතාගේ හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වෙයන් අද (12) වවුනියාව පෞද්ගලික හෝටලයකදි ආරම්භ වී තිබේ. 12 November 2017
වඩුකෝඩෙයි මුල් පුටුවට සීතල යුද්ධයක් යාපනය වඩුකෝඩෙයි ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය සදහා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ බිරියක පත් කිරීමට ගෙන ඇති උත්සහායකට පළාත් පාලන නියෝජිතයින්ගේ අප්‍රසාදය මතුව ඇතැයි වාර්තා වේ. 12 November 2017
නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයකුගේ වැඩ තහනම් විභාග දෙපාර්තුමේන්තුවේ රහස්‍ය සහ ආයතනික විභාග අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයාගේ රාජකාරී වැඩ අද (10 ) සිට තහනම් කර ඇත . ඒ සිය රාජකාරි වගකිම පැහැර හැරිම සහ විෂමාචාර චෝදනා කිහිපයක් හේතුවෙනි . 10 November 2017
වැරදිකරු වී අධිකරණයේදී වස බොයි මීනී මැරීමට තැත් කිරීමේ චෝදනාවකට වසර පහක බරපතල සිරඳඩුවමක් ලැබුණු වැරදිකරුවකු අද (10) ගම්පහ මහාධිකරණයේ සිර මැදිරියේදී වස පානය කළේය. 10 November 2017
දෙදිනකට පෙර මිය ගිය අම්මා සමඟ සිටි දියණියක සොයා ගනී අම්බලංගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ නිවසක් තුළ අභිරහස් අයුරින් මියගිය එක් දරු මවකගේ මළ සිරුර හා ඒ අසළ නිරුපද්ද්‍රිතව සිටි අවුරුදු එකහාමරාක් වයසැති දරුවකු අද (9) රාත්‍රියේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි. 09 November 2017
නිධානයකින් ග්‍රෑම් 300ක මැණිකක් මතුවේ නවගත්තේගම වන්නියාගම රක්ෂිතයේ නිධානයකින් ලබා ගත් බව කියන ග්රැම් 300 ක බරකින් යුත් නිල් මැණිකක් නවගත්තේගම පොලිසියේ නිළධාරින් කන්ඩායමක් සොයාගෙන තිබේ. 09 November 2017
රජයේ තීරණය අධිකරණයට දැනුම් දෙන්නයි වෛද්‍යවරු කියති ‘සයිටම්’ අහෝසි කරන බවට රජය ගෙන ඇති තීරණය හා ඊට හේතු වූ කරුණු ද සහිතව මේ මස 13 වැනිදාට පෙර නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිකරණයට දැනුම් දීමට පියවර ගත යුතු බවත්, එසේ නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 09 November 2017
ගාමිණි සෙනරත් අධිකරණයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා නිතිඥයකු මාර්ගයෙන් අද (9) අධිකරණයට ඉදිරිපත් විය. 09 November 2017
තාජුඩීන් සිද්ධියේ සැක සහිත දුරකථන අංක කිහිපයක් හඳුනාගෙන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව සැක කටයුතු දුරකතන අංක කිහිපයක් හඳුනාගෙන ඇති බවත් එම අංක හිමි සැකසහිත පුද්ගලයින්ගේ අනන්‍යතාවය සහ ක්‍රියාකාරකම් තහවුරු කරගැනීමට රාජ්‍ය ආයතන කිහිපයකින් විස්තර ලබාගෙන විමර්ශන ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද(8) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ කරුණු වාර්තා කළේය. 08 November 2017
ආණ්ඩුව විවේචනය කරන්නන් අත්අඩංගුවට ගන්නලු අන්තර්ජාලය ඔස්සේ ඉතා පහත් හා අසභ්‍ය ලෙස ආණ්ඩුව විවේචනය කරන්නන් අත්අඩංගුවට ගතහොත් රට තුළ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ස්ථාපිත කළ හැකි වනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය. 08 November 2017
බැඳුම්කර කොමිසමක් පත් කළාට ආණ්ඩුවේ අයත් මට ගහනවා‘ - ජනපති මහ බැංකු බැඳුම්කර සිදුවීම සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ නිසා මට ආණ්ඩුවේම අය දැන් පහරදෙනවා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(8) මාදුළුවාවේ සෝභිත හිමි දෙවර්ෂ පූර්ණ ගුණ සමරු උළෙලදී පැවසීය. 08 November 2017
වෙල්ලමුල්ලිවයික්කාල් ඉඩමකින් බෝම්බ හමුවෙයි මුලතිව් අවසන් යුද ගැටුම් පැවති වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීම සඳහා වැසියකු වළක් හාරන අවස්ථාවේදී වළදමා තිබූ පුද්ගල නාශක බිම්බෝම්බ තොගයක් ඊයේ (07) සවස හමු වී ඇති බව මුලතිව් පොලීසිය පවසයි. 08 November 2017
මන්ත්‍රී රවීගෙන් නීතිපති නිලධාරියකුට අභියෝගයක් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද(07දා) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාට අභියෝගයක් කළේය. 07 November 2017
උතුරු පළාත් මන්ත්‍රීවරු - හමුදාව කිලිනොච්චියේදී වචන හුවමාරුවක කිලිනොච්චිය, විශ්වමඩු තේරාවිල් මහාවිරු සොහොන් පිහිටි ප්‍රදේශය පිරිසිදු කිරීමට ගිය දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් හා ප්‍රදේශවාසීන් යුද හමුදා කඳවුරකට අයත් ප්‍රදේශයට ඇතුළත් වීමට යාම නිසා උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී තිබේ. 07 November 2017
බාල තෙල් ගන්න දේශපාලන බලපෑම් - ඇමැති අර්ජුන ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි. ඕ.සී) මගින් ගෙන්වා ප්‍රමිතියෙන් තොරවීම නිසා ප්‍රතික්ෂේප කළ තෙල් නැව ගොඩබෑමට අවසර දෙන ලෙසට දේශපාලනඥයින්ගෙන් මෙන්ම ව්‍යාපාරිකයින්ගෙන් ද බලපෑම් එල්ල වන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. 06 November 2017
පුත්තලමේ බස් අනතුරකින් හතක් මරුට පුත්තලම - කොළඹ මාර්ගයේ මදුරන්කුලියේදී බස් රථයක් අනතුරකට ලක්වීමෙන් හත් දෙනෙක් මියගොස් 35කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 06 November 2017
තෙල් නැව භාර නොගන්නා බව අමාත්‍යංශය කියයි ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි.ඕ.සී) මගින් ගෙන්වා ප්‍රමිතියෙන් තොරවීම නිසා ප්‍රතික්ෂේප කළ තෙල් නැව කිසිදු හේතුවක් මත භාර නොගන්නා බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 05 November 2017
හරවා යැවූ තෙල් නැව තවමත් ත්‍රිකුණාමල මුහුදේ ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි.ඕ.සී) අසත්‍ය ප්‍රචාර හරහා තෙල් අර්බුදයක් නිර්මාණය කර ප්‍රතික්ෂේපිත තෙල් නැව ගොඩබෑමේ උත්සාහයක නිරත වන්නේ ද යන්න ගැන සැකයක් පවතින බව ලංකා ඛණිජතෙල් පොදු සේවක සංගමය පවසයි. 05 November 2017
තෙල්ගමු ඔයේ ගසාගෙන ගිය 8 දෙනාගෙන් සිරුරු 6 ක් හමුවෙයි අතුරුදන් පිරිස් සොයා ලග්ගල තෙල්ගමු ඔයේ සිදුකර මෙහෙයුම් කටයුතු වලට වර්ෂාවෙන් බාධා එල්ලවී ඇතැයි ආරක්ෂක අංශ සඳහන් කරයි. 05 November 2017
තෙල්ගමු ඔයේ සැඩපහරට හසුවූ 4ක් මියයති. 5ක් අතුරුදන්.. මාතලේ ලග්ගල තෙල්ගමු ඔයේ දියනාමින් සිටි පුද්ගලයන් පිළිබඳ නවතම පොලිස් වාර්තා අනුව පුද්ගල මළසිරුරු 4ක් මේ වනවිට හමුවී ඇති අතර 5 දෙනෙකු තවමත් ආගිය අතක් නොමැත. 04 November 2017
ගීතා ලබාගත් වැටුප් - දීමනා ආපසු රජයට ගෙවන්න වෙයිලු ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම නිසා ඇය මන්ත්‍රීවරියක ලෙස ලබාගත් වැටුප් හා දීමනා සියල්ල නැවත ආණ්ඩුවට ගෙවීමට සිදුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 03 November 2017
අත්අඩංගුවට නොගන්නයි ගාමිණී සෙනරත්ගෙන් පෙත්සමක් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. 03 November 2017
අගමැති බැඳුම්කර කොමිසමට කැඳවන්න පියවර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසමට කැඳවීමට පියවර ගන්නා බව කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත්රසිරි මහතා අද (2) දැනුම් දුන්නේය. 02 November 2017
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026