(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
‘අර්ජුන් ඇලෝසියස් ගෙන් මම ලක්ෂ දහයක් ගත්තට මම කොහෙත්ම ඔහු බේරා ගැනීම වෙනුවෙන් කොහේවත් පෙනී සිටියේ නැහැ. ඒක නිසා එය අල්ලසක් ලෙස ගණන් ගන්න බෑ‘ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
දයාසිරි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ හිටපු අමාත්‍ය ටී .බී ඒකනායක මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශයට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාව ආවරණය කිරීමට සිටි මාධ්‍යවේදීන් අමතමිනි .
තව දුරටත් ඔහු මෙසේද පැවසීය.
‘ මැතිවරණ කාලේට ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඉඳලා ජනාධිපතිවරණය දක්වාම හැමෝම ව්‍යාපාරිකයන් ගෙන් මුදල් ලබා ගන්නවා. අර්ජුන් ඇලෝසියස් යු.එන්.පී එකට විතරක් රුපියල් බිලියන ගානක් දීලා ඇති. හැබැයි මම ලක්ෂ දහය වෙනුවෙන් ඔහුව නිර්දෝෂී කිරීමට හෝ ආරක්ෂා කිරීමට කෝප් කමිටුවේ පාද සටහන් දාන්න ගියේ නෑ , පොත් ලියන්න ගියේ නැහැ.
මම කියනවා ඔව් මට අර්ජුන ඇලෝසියස් මැතවරණ කටයුතු වලට උදව් කළ කෙනෙක්. රන්ජන් රාමනායක පවා පළාත් සභා මැතිවරණ කාලේ රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයන් ගෙන් මැතිවරණ කාලේ සල්ලි අරන් තියෙනවා. ඒක නිසා මම කාටවත් බය වෙන්නේ නැහැ, මම වරදක් කරලා නැහැ. මම කියන්නේ මෙච්චරයි ,අර්ජුන් ඇලෝසියස් බේරා ගැනීම වෙනුවෙන් කෑ ගහපු 118 දෙනෙකුගේ නම් තියෙනවා බැඳුම්කර කොමිෂන් වාර්තාවේ, මම අභියෝග කරනවා පුළුවන් නම් ඒ නම් ටික ප්‍රසිද්ධ කරන්න. අන්න ඒ අය තමයි අර්ජුන් ඇලෝසියස් ගෙන් අල්ලස් අරන් ඔහුව ආරක්ෂා කරන්නේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු.......සමග..
අනාගතයේදී පැවැත්විය හැකි යැයි උප කල්පනය කරන මැතිවරණ සඳහා වියදම් කිරීමට ආධාර ලබාගන්නා වැඩ පිළිවෙලක් ගැන මේ ඇහුවාමයි. "මම විතරක් නෙවේ තව ඕනෑතරම් ඉන්නවා" කියල කරපු වරදකින් බේරෙන්න පුළුවන් රටක් තියෙනවද?
බුරුවා ගහපු කෙනත් ලග හිටිය කෙනත් දෙන්නම වෑරදි කියලා මේ නීතිය දන්න මහත්තයා දන්නේ නැති එකනේ පුදුමේ.....
ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට .
රා බොන්න කිතුලට නැග්ග මිනිහටත් කියන්න කතාවක් තිබ්බලු...... අනේ අපි නොදන්න.......
දැන් චා වෙලා ඉවරයි , ගෙදර යන්න..............
අපි අහන්නේ ඔය කියන කාලේ තිබිච්ච මැතිවරණය මොකක්ද කියන එක - අහවල්ලු හොරු කිව්වට තමන් හොරෙක් නෙවෙයි කියන එක ඔප්පු වෙන්නේ නැහැනේ.............
වැරදි කරලා ඒවා අනික් මිනිස්සුත් කළා කියන එක ටිකක් හරි මදි නේද මහත්තය.
මෙන්න නියම නීතිය නමන්න දඟලන හොර තක්කඩියෙක්. මුගේ අහු නොවිච්චි හොරකං තව කොච්චර ඇද්ද? අනිකා ලඟට වෙලා හූමිටි තියනවා. රටකට ගිය කළ....... ගහපල්ලකො පුලුවන්නං මඩුවලිගෙන් බලන්න,
වාසියටත් පහසුවටත් සමහරු වැරදි කරනවා- එහෙම කළත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා. නැතිනම් හදලා කියනවා
මේ ඔක්කොම අල්ලස් ගත්තු සහ ගන්න අය. ඇලෝසියස් ගෙන් ජරාව කාලා කෙලෙහිගුනේ තියන්නට වත් නොදන්නා ගුණමකු කම තමයි මෙතැනදී පෙන්නුම් කරන්නේ...
නැව ගිලෙනකොට අනිත් අයත් අරන් ගිලෙන්න හදනවා කියන්නේ ඕක තම.ලජ්ජා නැති කම........
අහිංසක ජනතාවගේ සල්ලි හොරාකන ඕනෙම කෙනෙක් අපායේ යනවා මතක තියාගන්න. රටේ ජනතාව ඔය කවුරුත් ගැන හොදට දන්නවා.......
මට මතක නෑ .මම දන්නේ නෑ. මට කලන්තේ වගේ. මගේ පපුව හිර වෙනවා වගේ. මම බබා. අනේද කියන්නේ. ඕව කියපල්ලා කොන්ඩේ බැඳපු චීන්නුන්ට.
හොරෙන් නෑව මදිවට , සභාව මැද්දෙත් නාගන්න හදනවා
ලෝකේ තියන අන්තිම ජරාම දුෂනයෙන් පිරුණු මහජන මුදල් තමන්ගේ සුක විහරණය වෙනුවෙන් කොල්ලකන රෑනක් ඉන්න ස්ථානයේ තමයි දියවන්නා තාටකය...................
ඉස්සර මූ තමයි මගේ රොලේ මොඩෙල්....................අම්මෝ එකට දෙන්නම් නම කියනකොටත් වමනෙට එනවා................
ලජ්ජා නැති පෙරේත හැත්ත
මෙවැනි උසස් ගුණ ධර්ම වලින් යුත් දරුවන් ලොවට දයද කල දෙමාපියන් සදා අමරණීයයි
ක්‍රීඩාවත් කාල... රටත් කාල .... දැන් කියවනවා... ඔක්කොම හොරු....මේ අසුව දශකේ නෙමෙයි... ඊලග ඡන්දේදී බලමු මහත්තයෝ.......
හා කියන්න බලන්න ඇලෝසියස් ගෙන් හැර වෙනකාගෙන්ද මුදල් අරන් තියෙන්නේ? ඒ කොපමණද? හා පුලුවන්නම් උත්තර දෙන්න?
එක ඇත්ත, දයාසිරි සල්ලි ගත්තට ඇලෝසියස් බේරන්න ගියේ නැහැ......... නමුත් අනිත් ය සල්ලි අරගෙන මහා හෝරාව බේරගන්නත්න හැදුවා 118 ම එලියට දන්නා ඕන...............
බලනකොට ජවිපෙ සහ ටිඑන්ඒ හැර අනිත් සේරම එක්කම ගහේ ගෙඩි තමයි.
මේ වගේ දේවල් වලින් රටේ ජනමතය එක පාර්ශ්විකව වෙනස් වුනා.
මෙහෙමයි අනිත් 118 දෙනාත් ගත්තා ඒත් ඒකට සලකලා එයාගේ වැරදි වැඩේට වචනයෙන්වත් උදව් කලා
ඔය ලක්ෂ 10 දීලා දාන්න
මේකට තමයි කියන්නේ “යන යකා කොරහත් බිඳගෙනම යනවා” කියලා.
දේශපාලකයෝ සිය පැවැත්ම පිණිස කුට ව්‍යාපාරිකයින් පිහිට කොට ගනිති. ඉන් අනතුරුව තණ්හාවෙහි ආදීනව හා බලයෙහි නිර්දය ස්වභාවය ගැන ජනතාවට පැවිදි උතුමන් ලවා ධර්මය දේශනා කරවති. බුද්ධිමත් ජනතාව වූ අපි මහා හඬින් සාධුකාර දෙන්නෙමු.
එතකොට කැලේ හොරෙන් ගස්කපන මිනිහෙක් , ගස් කපන්න යන්න ඉසරවෙලා පළාතේ පොලිසියේ මහත්මයට රුපියල් 10000 ක් ලියුම් කවරයක දමල දුන්නොත් එක අල්ලසක් නොවේද ,එම මුදල් පරිත්‍යාග අල්ලසක් විදිහට ගන්නන් ගන්නේ හොරෙන් කැපුව ගස් පොලිසියට අහුවුණාට පස්සේ අපිව බේර ගන්න කියල දෙන මුදල පමණද ?