(ඉන්දිකා රාමනායක)
වැසි සහිත කාලගුණය හේතුවෙන් කඩුවෙල බියගම යාවෙන පාලම ගිලා බැසීමේ අවදානමකට ලක්ව ඇති බව පොලිස් මුලස්ථාන කියයි.
මේ හේතුව නිසා මෙම මාර්ගයේ බරවාහන ගමන් කිරීම තාවකාලිකව නවතා ඇති අතර පාලම මතින් එක් මං තීරුවක් පමණක් වාහන ධාවනයට වෙන්කර ඇති බවද පොලිසිය කියයි.
මෙම පැරණි පාලමට යාබදින් නව පාලමක් ඉදිරිකරමන් පවතින බවත් එම ඉදිකිරීමේ කටයුතු වලදී හාර ඇති විශාල වළක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
නව පාළම ඉදිකිරීමේ දී හාර ඇති එම වළ පස් දමා වසා තිබුණ ද පවති අධික වැසි හේතුවෙන් එම පස් සෝදාගෙන ගොස් පාළම ගිලා බැසීමේ අවදානමට ලක්ව ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.
මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු නිලධාරීන් අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමෙන් පසු එක් මංතීරුවක් වාහන ධාවනය සදහා අවසර හිමිව තිබුණි.
ඡායාරූප - ලහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකේ දේශපාලකයෝ යනකොටම ගිලා බැස්සා නම් අපුරුයි. ! අපි මෙහෙ නහය ලඟට එනකම් ආර්ථික ආගාධයේ ගිල්ලිලා තව යටවෙන්න දෙයක් නැහැ .
අවුලක් නැහැ. වැලි කොට්ට දාල පැලැස්තරයක් ගහයි හෙටම.
අලුත් පාලම ඉදි කිරීමේදී යම් අඩුපාඩු සිදු වුනා දැයි ද සොයා බලන්න . එමෙන්ම අලුත් ඉදි කිරීම අරඹා ලොකු කාලයක් ගියද , වැඩ ප්‍රමාදයට හේතු ද සොයන්න .
කැළණි ගගේ වැලි ගොඩදාන්න බලපත්‍ර දීපු භූ විද්‍යා එකේ බලධාරීන් වගකියන්න ඕනා මේ අපරදෙට
මේවා කොන්ක්‍රීට් කාරයන්ගේ සහ ඉන්ජිනේරුවරුන්ගේ හවුල් වැඩ..... අලුත් පාලම හදන කොට පරණ පාලම ගැන හිතන්නේ නෑ, පරණ පාලම තවම අවුරුදු 28 ඉවරයි.
ඔය වැඩේ පටන් අරගන කොපමණ කලක්ද? එවරයක් නැත්ද? කොන්ත්‍රාත්කරු වගකිවයුතුයි නේද?
බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ ජෙනිසෙස් 6හි සඳහන් වෙන ආකාරයට ලෝකය දරුණු වී අධර්මිෂ්ඨ වී තිබෙන සැටි දුටු දෙවියන් වහන්සේ කම්පා වී ලොව මහා ගංවතුරකින් සියලුම පණ ඇති, මිනිසා ඇතුළු, සතුන් විනාශ කිරීමට සිතා ගත්තේය. නමුත් දෙවියන්ට අවනතව සිටි ඔහුගේ පවුලේ අය සහ සෑම වර්ගයේම සතුන් දෙදෙනෙකුට බේරීමට මාර්ග සැලසුවේය. දැන් දෙවියන් වහන්සේ ලංකාව දෙස බලන කාලයයි. එසේ බැලූ දෙවියන්ට කොටළුවෝ 62 ලංකාව විනාශ මුඛයට අැද දමා තිබෙන අාකාරය දැක කම්පා වී මහත වූ වර්ෂාවකින් මෙරට විනාශ කිරීමට සිතුවා වත්ද? කාරණා එසේනම් දෙවියන්ට අවනත මහින්ද සහ ගෝඨාභය මහතුන්ට ඔවුන්ගේ 57 ජනතාව සමග බේරීමට දැනටමත් උපදෙස් දී ඇති බව පෙනේ. අද හෙටම මෙම ආණ්ඩුව පලවා හැරියොත් වර්ෂාව නැවතී මේ මහා ගංවතුර බැස යනු ඇත...
කරුණාකර මෙවැනි පුවත්වලට දේශපාලනය ඈඳා ගනිමින් දමන ප්‍රතිචාර පල නොකිරීමට කටයුතු කළා නම් හොඳයි නේද? මෙවැනි ආපදාවක් ගැන පලවෙන පුවතකට දේශපාලනය යොදාගැනීම නොකළ යුතු වැඩක් බව බමුණුආරච්චි මහතාටද මතක් කිරීමට අමතක නොකරමි.
චතුර කියන කෙනා එහෙනම් මේ පාලම හදන්න දායක වුනු කෙනෙක් වගේ. ලංකාවේ පාලම් බෝක්කු ඇතුළු සියලු දේ කරන්නේ කොන්ත්‍රාත්තු දීලා. හැමෝම ගැහිලි ගහගන්නවා. ඉතින් වැඩේ වෙන්නේ අඩු ප්‍රමිතියටයි. අනිවාර්යෙන් දේශපාලකයින් වග කියන්න ඕනෑමේවට...
පාලම ගිලා බැසීමක් සිදුවේදැයි මට නම් නොපෙනේ. පාලම් ගේඩර් තබනුයේ පොලොවේ ගැඹූරේ සිට ඉහළට නංවන ලද අර පෙනෙන රවුම් කණු මත බැවින් පාලම ඉතිරි වනු ඇත. එසේ වුවද පාලමට ගොඩවීමට ඇති කොටස් ගඟට සේදී යාමේ අවදානමක් ඇති බව පෙනේ.
යහලුවනේ සණ්ඩු කර ගන්න එපා. කාල ගුණය , දේශ ගුණය දෙවියන්ට තියා බුද්දිමත් මිනිස්සුන්ටවත් හරියාකාරව විශ්ලේෂණය කල හැකි දෙයක් නෙමේ. අනුමානයෙන් කියා හැකි. මිනිසා විසින් සොබාදහමට පටහැනිව කල දේවල් වල ප්‍රතිපල තාම විනාශ වෙමින් පවතින්නේ. තාක්ෂනය දියුණු නිසා ලෝකයේ සිදුවන දේවල් නිමේෂයකින් මිනිසා දකිනවා. පිළියම් සෙවීම බුද්දිමත්, සොභාදහමට ආදරයෙන් කරුණාවෙන් සලකන, පිළිපදින මිනිසුන් තුලයි තිබෙන්නේ. එම මිනිසා සොයා පිළියම් කිරීම භාර දිය යුතුයි.
හොර දෙසපලුවෝ කරන වැරදි වලට අපිට තමා පව් ගෙවන්න වෙලා තියෙන්නේ.
ඔබලා හැමෝම වලිගය පාගාගෙන ඇති බවක් තමයි මට නම් පෙනෙන්නේ. මමත් ඔය කොකාට ඡන්දය පාවිච්චි කරපු කෙනෙක් නම් නෙමෙයි. මම කතා කලේ ඇත්ත අපි මේ දෙයට දේශපාලනය ගැන කතා කරලා වැඩක් නැ. පුළුවන් නම් මේ දෙයට කරන්න ඕනේ දේ ගැන කතා කරන්න. මම පිලිගන්නවා පාලකයෝ අධර්මිෂ්ඨ උනාම මේ වගේ විපත් ඇති වෙනවා. එත් මේ දේවල් වලට මිනිස්සුත් වග කියන්න ඕනේ. ඒ වගේ අයව තෝර ගත්තට. ඔයාල කියන විදියට මේ ගැන කතා කරන හැමෝම මේ පාලම හදන්න දායක නොඋන අය. මේක ගැන කතා නොකරන අය මේ පාලම හදන්න උදව් උන අය. මෙන්න මේක නිසා තමයි දේශපාලකයෝ මිනිස්සිඋන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ. හරිම දුකයි ලංකාව ගැන.
RDA එකේ බලධාරීන් මෙවැනි තත්වයේ වැඩ නිම නොකළ පාලමක් මහජන භාවිතයට ඉඩ හරියේ මක්නිසාද කියා සොයා බැලිය යුතුයි. පාලමේ හරියාකාරව නිර්මාණ කර නැති බව සහ ඉදිකර නැති බව ඡායාරූප බලන විට පෙනේ.
පාලම ගිලා බසින බවක් නොපෙනේ. පාලමට මහා මාර්ගය සම්බන්ධ වන ස්ථාන (Bridge Approaches) ඛාදනය වීම පටන් ගෙන ඇති බව පෙනේ. බලධාරීන් මෙම තත්වයෙන් තිබු පාලමක් මහජනයාගේ භාවිතයට ඉඩ හරියේ ඇයි ද කියා සොයා බැලිය යුතු වේ. පාලමට මහා මාර්ගය සම්බන්ධ වන ස්ථාන (Bridge Approaches) හරියාකාරව නිර්මාණය (Design) කිරීම සහ ඉදි කිරීම කර නැත. වගකිවයුත්තන්ට වන්දි ගෙවන්න වෙනවා නම් මෙවැනි වැරදි මතුවට සිදු නොවේ.