ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
අර්ජුන ඇලෝසියස් මහතාගේ මුදල් මැතිවරණය සඳහා යෙදවුවද බැඳුම්කර සිද්ධියේ දී කිසිවිටක ඔහු ආරක්ෂා කිරිම සඳහා පෙනීසිටියේ නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (25) පැවසීය.
වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වු අවස්ථාවේ දී මුදල් චෙක්පතක් ලැබුණු බවත් එය දුන් අය සහ මාරු කළ අය පිළිබඳව මතකයක් නැතැයි ද දයාසිරි මහතා කීය.
පාර්ලිමේන්තුවේ අද (25) පැවති විසර්ජන පනත යටතේ යෝජනා සම්බන්ධයෙන් වු විවාදයට එක්වෙමින් මෙසේ පැවසීය.
අර්ජුන් ඇලෝසියස් මහතාත් ඔහුගේ පියාත් අපි අවුරුදු ගණනාවක සිට දන්නා අය.ව්‍යාපාරිකයන් ලෙස ඔවුන් අප ආශ්‍රය කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පළාත් සභා මන්ත්‍රිවරුන්ට සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ට උදව් කරනවා. මේ රටේ දේශපාලනය යන්නේ ඒ ආකාරයටයි.
ඒ අනුව අපටත් මේ අය උදව් කර තිබෙනවා. මේ සිද්ධිය වන විට මම කෝප් කමිටු සාමාජිකයෙක් නොවෙයි. මම කෝප් කමිටුවට පත් වෙන්නේ 2015 අගෝස්තු 17 වැනි දා.එදා සිට මා හැම විටම බැඳුම්කර සිද්ධියේ දී අර්ජුන් මහේන්ද්‍රන් කළ ක්‍රියාවට විරුද්ධව පෙනී සිටියා.
මේ චෙක්පත මගේ නමට ලියුවක් නොවෙයි. මෙය මුදල් චෙක්පතක්. අපටත් මතක නැහැ කවුද මෙය දුන්නේ කියලා. අර්ජුන ඇලෝසියස් හෝ වෙනත් කෙනෙක් අස්සන් කර තිබු එකක් ද කියලා මතක නැහැ. මම දන්නේ නැහැ මොකක්ද සිදුවෙලා තිබුණේ කියලා.
නමුත් මෙම චෙක්පත මාරුකරු ඒ මුදල් ටික එදා තිබුණු මැතිවරණ ව්‍යාපාරයට අරගෙන තිබෙනවා. මේ ගත්ත මුදල් ප්‍රමාණය වගේම මුදල් ගන්න මන්ත්‍රිවරු තව ඉන්නවා. ඒ අයට උදව් කළ අය ගැන තොරතුරු මා ළඟ තියෙනවා.
බැඳුම්කර කොමිසින් සභා වාර්තාවේ තව පිටු තුන්දහසක් තියෙනවා. ඒ පිටු තුන්දහස ඉදිරිපත් කරන්න ඒවා ඇතුලේ අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ගත්ත අයගේ නම් තිබෙනවා.
අපි අර්ජුන් ඇලෝසියස්ලාගේ මුදල් අරගෙන ඒ අය ආරක්ෂා කිරිමට කටයුතු කළේ නැහැ.මේ බැඳුම්කර ගනුදෙනුව ආරක්ෂා කිරිමට මම ගේම් ගැහුවේ නැහැ. කෝප් කමිටු වාර්තාව නවත්වන්න මම උසාවි ගියෙත් නැහැ. අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටියෙත් නැහැ. පෙනී ඉන්නෙත් නැතැයි මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිතුල් ගහට නැගපු මිනිහටත් කියන්න ලස්සන කතාවක් තිබ්බ රටක්නේ මේක. ඇලෝසියස්ලාගෙන් මිලියන ගණන් මුදල් ගත්තේ "සන්තෝෂම්" ලෙස නම් ඇලෝසියස්ලා පමණක් රිමාන්ඩ් භාරයේ සිටීම සාධාරණ ද?
මහා ජනතාවනි ලංකාවේ දේශලාගකයන්ගේ තරම බලා ගන්න. අවුරුදු කීපයකට කලින් මිලියනයක චෙක් පත මාරු කල හැටි මතක නැහැලු. ඉතින් කොහෙද රට සිංගප්පුරුවක් කරන්නේ??
අනේ මෙහෙමත් මිනිස්සු පහුගිය කාලෙ කියපුව හැටියට මේවා අපිට අහන් ඉන්න පුළුවන්ද?
මෙන්න ආදායම් බදු දෙපාර්තමේන්තුවට කරන්න ඕන වැඩ මේ මැති ඇමතිවරැන්ගේ ගිණුම් පරික්ෂා කරන්න. මහජනතාව අමාරැවෙන් හම්බ කරන හැම සතේම හූරා ගන්නෙ නැතිව. සාමාන්‍ය පුද්ගලයෙක් වැඩි ගානක් තැන්පත් කරන්න ගියාම කවුන්ටරෙන් අහනවා කොහෙන්ද සල්ලි කියල. මේ ගොල්ලන්ට රටේ අමුතු නීතියක්ද ?
ඔය එළිවෙන්නේ .............
අර්ජුන උන්නැහේ සංගප්පූරුවේ ඔය හංගලා ඉන්නේ . තවත් මොනවද කතා .
ඔව් දේශපාලනය කරන කිසිම එකෙක්ට ලංකාවේ නිතිය අදාලම නැත ....
මට මතක් නෑ!! අලුත්ම තියරිය.
රටට දෙවියන්ගේම පිහිටයි.
මෙතුමා කියනවා ව්‍යාපාරිකයෝ දේශපාලකයන්ගේ මැතිවරණ කටයුතු වලට උදව් කරනවලු. එ්ක ලංකාවේ හැටිලු. අපි දනිමු. උදව් කරන්නේ මොකටද නැවත උදව් බලාපොරොත්තුවෙන්. ව්‍යාපාරිකයො නීතියට අනූව තම ව්‍යාපාර කරනවනම් මොකටද? දේශපාලකයන්ගේ උදව්. එ් කියන්නේ නීති විරෝධි උදව් ලබා ගැනීම නොවේද? මෙහි යටි අරමුණ. ජනතාවනි මෙන්න මේකයි මේ රට හදන්න බැරි. මේ දේශපාලන සංකෘතිය තියනකන් මේ රට හදන්න බෑ. දෙපැත්තට දෙමාරුවට තකිරය ගහන්න කලින් ජනතාව විදියට දැවැන්ත බලපෑමක් මේ සඳහා යෙදවිය යුතුයි.මේ විදිය අංශක 360කින් වෙනස් කළ යුතුයි
එහෙනම් ඉතින් ගෙදර යන්න, වෙලාව හරි වගෙයි.
මම දන්නේ නෑ. මට මතක නෑ. මෙහෙම අයටද අපි ඡන්දෙ දෙන්නේ.
සදාචාරාත්මක ජීවගුණයක් නොමැති මනාප ඡන්ද ක්‍රමයේ අනිසිඵල.
මට ලියන්න දෙයක් ඉතිරිවෙලා නැත .................
කතාවනම් කපුරුහාමි වගේ, රනිල් එක්ක ඉන්න බෑ කියල නේද අයින් වුනේ ?
අනේ මෙහෙමත් අයගෙන් වැඩක් වෙයිද මෙහෙම රටකට ..............
ලොකු තුවක්කුවක් අරන් කොඩිතුවක්කු ලගඳි එනවා
මහා මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයෙක් අඩුම වශයෙන් රුපියල් කෝටි දෙකක් වියදම් කරන්න ඕන. නැත්නම් හරියට පොස්ටේර් ටික වත් පිළිවෙලකට අලවගන්න ලැබෙන්නේ නැහැ. සමහර අපේක්ෂකයෝ කෝටි 50 ක් වියදම් කරලා තියෙනවලු. මේවට වැඩිපුරම වියදම් කරන්නේ ව්‍යාපාරිකයෝ.
කිසි කෙළෙහෙ ගුණයක් නැති අය..............
දේසපාලන වැඩවලට වියදම් කලානම් කමක් නැහැ .අපි හිතුවේ නෝනගේ වියදම් වලටයි, ළමයින්ට උගන්නන්නයි ,කන්න දෙන්නයි කියල.
දේශපාලුවන් ව්‍යාපාරිකයින් මුදල් ගෙන ඡන්දවලට වියදම් කරනවා පමණක් නොව තමන්ගේ පැවැත්මටත් යොදා ගන්නා බව මෑතකදී ඔප්පු වුණා. ඒ දේශපාලුවන්ට පමණයි. මේගොල්ලෝ මුදල් කෝටිගණක් සන්තෝසම් දී දැනටමත් කර ඇති වරදවල් වලින් නීතියෙනුත් ගැලවී නොයයි කියා. ඇලෝසියස් අපට අරක්කු බෝන්න දීල උපයන මුදලින් දේශපාලකයන්ගේ පවුල් පවා ජීවත් වෙනවා. අන්තිමට කියනේ අපි කෝටිගණන් ඡන්දෙට වියදම් කළා කියලා කාර් පර්මිට් එකත් විකුණගන්නවා. ඒ විතරක් නොවෙයි පොලිස් ලොක්කන්ට රෙගු ලොක්කන්ට කොහොමට දෙනවා ඇත්ද? ලස්සන වැඩේ මේඔක්කොම අපි මත් වෙන්න දෙන සල්ලි. බලනකොට රට පාලනය කොරලා තිබෙන්නේ අලෝසියස්ලා ඇතුළු ව්‍යාපාරිකයෝ.
"සල්ලී ගත්තට මම අර්ජුණ ඇලෝසියස් වෙනුවෙන් පෙනී හිටියේ නැහැ."මරු කථාව එතකොට ඇලෝසියස් මෙයාට සල්ලී දුන්නේ මොකටද මෙයා එ.ජා.ප.ඉවත්වෙලා එනකොට කිව්වේ එ.ජා.ප.ය තුළ තවදුරටත් ඉන්න බැරි කියලානේ .මේවගේ අය තෝරලාම පාර්ලීමේන්තුවට එවු කුරුණෑගල දිස්ත්‍රික් ජනතාවට අපගේ උපහාරය.
හොරාට කලින් කෙහෙල් කැන වැට පැනල වගේ ...මුළු පාර්ලිමේන්තුව තුළම ඉන්නේ මේ වගේ අයයි...ඉතින් අපේ රටට අබ සරණයි....
ඇමති තුමා සල්ලිත් ගත්ත නම්, ඒ සල්ලි වලින් ඡන්දත් ගත්තනම් දැන් ඉල්ලා අස්වෙන්න. මතක නැති කථා , දන්නෙ නැති කථා ඔය කොමිසම ඇතුලේ තවත් එක්කෙනෙක් කිව්වානෙ. එයා කළ දේමයි ඹබත් කරල තියෙන්නෙ. වෙනසක් නෑ. අපි ඔබට දීපු ඡනදේ ඉල්ලා අස්කර ගන්නවා. දැන් ඔබට මහජන මනාපය නෑ. කරුණාකරල අයින් වෙන්න.
ඡන්ද ව්‍යාපාරය කියන්නෙත් හොද ගැරිල්ලක් නේද? මේවා අහුවෙන්නේ නැතුව කරන අලුත්ම හොරකමක් තමයි....
"මේ රටේ දේශපාලනය යන්නේ ඒ ආකාරයටයි." අගෙයි එහෙම තමයි කරන්න ඕන . අපි මෙච්චරකල් හිතන් හිටියේ මේ ගොල්ලෝ පත්වෙන්නේ මහජන ඡන්දෙන් කියල , බලන් යනකොට අපි රැවටිලානේ ........ඉතින් උදව් කරපු අයට අපි උදවු කරන්න ඕනනේ නේද , මිනිසුන්ව රවට්ටන්න සල්ලි තියෙන්නත් එපාය නේද මහත්තයෝ..............
දැන දැනම නරක වැඩ කරපු අය සමග අවුරුදු තුනක් දීග කාපු බව නම් අපි දන්නවා.
සදාචාර වැරදි දෙකයි. හොර මුදල් ගැනීම හා දුන්නු එකාගේ අත සපා කෑම.
වෙන රටකනම් මේ ප්‍රකාශයම ඇති ආණ්ඩුවක් පෙරලෙන්න. අපේ රටේ මහජනතාවත් ඇටි කෙහෙල් කාපු උගඩුවෝ වගේ ඔහේ බලන් ඉන්නවා. සමහරු තවත් මේ දේශපාලකයන්ට කඩෙත් යනවා. අසරණ දුක් විඳින ජනතාව ගැන දෙවියන්ට කියනවා හැර වෙන කවර පිලිසරණක්ද.
පව් ඔයි ලක්ෂ 10 චෙක් එක දුන්නේ කව්ද කියල මතක නෑලු, මේක බෝවන රෝගයක් පාර්ලිමේන්තුවේ ඉන්න අයට, පාර්ලිමේන්තුවට ගියාම එතෙන්ට අවේ ඇයි කියලත් මතක නැහැ ....ඉතින් කොහෙද රටට වැඩ කරන්නේ
අපේ රට ආපස්සට අරන් යන සියලුම අයට යහපතක් වන්නේ නෑ................
ඔලුව වැදුණද අමතකවෙන්න. වහිනවා එලියට යන්න එපා. මේවගේ අය නිසාතම අපේ රටේ ස්වභාවික විපත් වැඩිවෙලා තියෙන්නේ.
නිකන් සල්ලි දෙන්නේ කවුද... නීතියට පිටින් මොනවා හරි කරගන්න ඇති... එක මොකක්ද කියනකෝ ............
බලන කොට ඔක්කොම එකයි......
එහෙනම් මෙයගෙනුත් කටඋත්තර ගන්න. දයාසිරිත් අර්ජුනගෙන් සල්ලි අරගෙනනේ,,
මහත්තයා ඔය මුදලට tax ගෙව්වද ?.
ලැජ්ජයි දයාසිරි, තිබුණු ගරුත්වය, උගත්කම පහළටම ගියා, යකඩ මල්ලට ගුල්ලෝ විද්දා නම් පුළුන් මල්ල ගැන මොන කතාද? ඩී.එස්. ඩඩ්ලිගෙන් පසු මහත්මා දේශපාලකයෝ ලංකාවේ බිහිවුනේ නැහැ. බිහිවෙන්නෙත් නැහැ. අපේ සුරපුරයක්ව තිබුණු රට සෝමාලියාවක් කළාට සාපවේවා !!!
මේ විදියට මුදල් ගැනීම නීත්‍යානුකූලද? මේ අන්දමින් මොවුන් කෙතරම් මුදල් ප‍්‍රමාණයක් ලබා ගෙන ඇද්ද? අර්ජුන් ඇලෝසියස්ලාට පමණක් නොවේ, පාර්ලිමේන්තුවේදී මුදල් ලබා ගත් බව පිළිගත් මොහුටද නීතිය කි‍්‍රයාත්මක විය යුතු නොවේද?
මෙයා මුලින් කිවුවේ මොනවහරි මට විරුද්ධව ඔප්පුවුනොත් ඇමති කමත් දාල ගෙදර යනවා කියල. දැන් ඉතින් මේ සක් සුදක් සේ ඔප්පුවෙලා තියෙන්නේ ඇලෝසියස්ලා ගෙන් මිලියනයක මුදලක් ගත්තබව. තව හංගපු මුදල් කොච්චර ඇත්ද? දැන් එතින් ඇදුම් ගැලවිලා ඉවරයි.......... තවත් ජනතාව ගොනාට අන්දන්නෙ නැතුව ගෙදර යන්න. මෙහෙමත් හොර දේශපාලකයෝ ඉන්න රටක් ලංකාව.
පස්වන පන්තියේ" උසස්පෙළ " ශිෂ්‍යත්ව අතිරේක පන්තියක මුදලාලි දරුවන්ට ප්‍රශ්නයක් දීල තිබුන ප්‍රසිද්ද ගීතයකට තමන්ගේ වචන යොදා නැවත ලියන ලෙස .පහත දැක්වෙන්නේ එක් දරුවකු එසේ ලිවූ ගීතයක් බව කාරුණිකව දන්වනෙමු. අපි ඔක්කොම පල් හොරු ....ඔක්කොම තක්කඩි .... නිල්, රතු,කොළ ඔක්කොම එක මල්ලේ... අපි ඔක්කොම බුරුවො...හැම පක්ෂයකම බුරුවොනේ.... හැම පක්ෂයකම තක්කඩි නේ ...... ජය දද බන්දා හු හු හු හූ ....... අපි 225 ටම ජය ලැබුණ හු හු හු හූ.... රටටම හෙන වැදුනා....... යනඑන මං නැති වූ වා.....
අර්ජුන් ඇලෝසියස් සල්ලි විසිකෙරුවේ අනාගත ප්ලැන් එක හොදට හදල ඉවර වෙලා. කිසිම කෙනෙක් මුදල් ආයෝජනය කරන්නේ නැහැ අදායමක් ලබා ගන්න බැරි නම්. දියවන්නාවේ ගාලේ සේරටම සල්ලි දුන්නේ මහා බැංකුවට ගේම දෙන්න බලාගෙන තමයි. ""මේ ගත්ත මුදල් ප්‍රමාණය වගේම මුදල් ගන්න මන්ත්‍රිවරු තව ඉන්නවා. ඒ අයට උදව් කළ අය ගැන තොරතුරු මා ළඟ තියෙනවා."" මට මතක නැත්තේ මට මුදල් දුන්නේ කවුද? ඒ චෙක් එක මාරු කලේ කවුද ? එතන මුදල් කොච්චර තිබ්බද කියල ?. මේකත් හරියට හිටපු මුදල් ඇමතිතුමාගේ මොනක් රෙසිඩන් ගෙදර වගේ තමයි. මට මතක නැහැ, මම දන්නේ නැහැ, දන්නා කෙනෙක් ගෙන් අහල බලන්න. ජනතාව අනේ මේ ඇත්තටත් ලබන පාර කතිරේ ගහන්න අමතක කරන්න එපා. දෙවි පිහිටයි ශ්‍රී ලක් වාසීන්ට.
හා හා ... මලයටත් එහෙනම් යෝකර් බන්දුවක් ඇවිත් "විකට් පොලු තුනම" හතරේ සිමාවටම විසිවුණා නේද ???
හා හා... මලයටත් එහෙනම් යෝකර් පන්දුවක් ඇවිත් "විකට් පොලු තුනම" හතරේ සීමාවටම විසිවුණා නේද?
මම හිතනවා දේශපාලන පක්ෂ තමන්ට මේ විදියට ලැබෙන සියලුම මුදල් රටට හෙළි කල යුතුයි කියල නීතියක් අවශ්‍යයි කියල. වෙනත් රටවල මේ නිතිය තිබෙනවා. යම් දේශපාලකයකු එසේ හෙළි නොකොළොත් ඔහු හෝ ඇය දඬුවම් වලට යටත් කල යුතුයි.
මේ මනුස්සයා රෙදි ඇඳගෙනද දන්නේ නෑ කතා කරන්නේ.
දයාසිරි ඇලෝසියස්ගේ රු. මිලියනය ලබා ගත්තේ ඡන්ද ව්‍යාපාරයට යැයි කියන්නේ නම් චෙක් පත මාරු කළ 2015 ජුනි 15 වෙනිදා රටේ තිබූ ඡන්ද ව්‍යාපාරය කුමක්ද කියා පැහැදිලි කල යුතුය. ඒ වන විට දයාසිරි සිටියේ වයඹ මහ ඇමැති ලෙසයි. ඒ අනුව ඔහුට නියමිත පළාත් සභා ඡන්දයකි. නමුත් පෙනෙන තෙක් මානයක පළාත් සභා ඡන්දයක් තිබුනේ නැත. ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන්නට හිතාගෙන සිටියා නම් 2015 ජුනි 15 වන විට පාර්ලිමේන්තු ඡන්දයක් කැඳවා තිබුනේද නැත. 2015 අගොස්තු 17 පැවැති ඡන්දය සඳහා නාම යෝජනා කැඳවීමට දින ප්‍රකාශයට පත් කරන්නේ ජනාධිපතිවරයා විසින් 2015 ජූලි 5 වෙනිදාය. පැත්ත පළාතක ඡන්දයක් නොතිබූ කාලයක ලබා ගත් මුදල් ඡන්දයට ලබා ගත්තා යයි කියන්නේ කෙසේද? ඇලෝසියස්ගේ මිලියනයේ චෙක් පත තමා නමට නොලියූ එකක් යයි දයාසිරි කියන්නේ තමන් වරදකරුවෙක් නොවන බව අඟවමිනි. නමුත් තමන්ගේ බොඩි ගාඩ් එම චෙක් පත මාරු කරගෙන විත් තමන්ට මුදල් දුන් බව හරියට කියන්නේ නැත. තමන්ට හරියටම මතක නැති බව පැවසීමෙන් පසුගිය කාලයේ සිටි සියළු හොර තක්කඩියන්ට වැළැඳී තිබූ මතක නැති වීමේ ලෙඩේ මොහුටද වැළඳී තිබෙන බව පෙනේ.
කුරුණෑගල නිසොල්ලාසය දයාසිරි මේ කියන ‘කුරුණෑගල නිසොල්ලාසයේ’ කතා සත්‍යයක් නම් ඔහු පිළිතුරු දිය යුතු කාරණා කිහිපයක් මෙසේය. දැනට වයස අවුරුදු 33 ක් පමණ වන ඇලෝසියස්, දයාසිරිගේ පියා ව්‍යාපාර කරන කාලයේ සිටම ව්‍යාපාරිකයෙකු ලෙස හඳුනනවානම් ඇලෝසියස් අම්මාගේ බඩේ ඉන්නා කාලයේ සිටම ව්‍යාපාර කරමින් සිටින්නෙක් විය යුතුය. එය පිළිගත හැකිද? දයාසිරි ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් බව (මැතිවරණය සඳහා හෝ) රහස් පොලිස් වාර්තාවකින් අධිකරණයේ දී හෙළිදරව් වන තුරුම පසුගිය බැඳුම්කර ගනුදෙනුව ගැන අනන්තවත් කතා ඇදෙද්දී හෙළි නොකර සඟවා ගෙන සිටියේ ඇයි? “මේ බැඳුම්කර හොරා මටත් සල්ලි දුන්නා. මං ගත්තේ ඔහු බැඳුම්කර හොරෙක් බව නොදැනයි.. මං දැන්ම ඌට උගේ සල්ලි රිටර්න් කරනවා.” යි දයාසිරි සුද්දවන්තයෙක් නම් විරයා සේ මීට පෙර දීම කියන්නට තිබුනා නොවේද? අඩුම ගණනේ අද පාර්ලිමේන්තුවේ දී හෝ කියන්නට තිබුනා නොවේද? එසේ නොකීවේ ඇයි..? දයාසිරි ඇලෝසියස්ගේ රු. මිලියනය ලබා ගත්තේ ඡන්ද ව්‍යාපාරයට යයි පාර්ලිමේන්තු පොළොවේ හැපි හැපී කියන්නේ නම් චෙක් පත මාරු කළ 2015 ජුනි 15 වෙනිදා රටේ තිබූ ඡන්ද ව්‍යාපාරය කුමක්ද? ඒ වන විට දයාසිරි සිටියේ වයඹ මහ ඇමැති ලෙසය.
අනේ අපිට මේ ගොල්ලන්ට ඔරිජිනල් භාෂාවෙන්ම කතා කරන්න ඉඩදෙන්නකෝ...
දයාසිරි ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් බව (මැතිවරණය සඳහා හෝ) රහස් පොලිස් වාර්තාවකින් අධිකරණයේ දී හෙළිදරව් වනතුරුම පසුගිය බැඳුම්කර ගනුදෙනුව ගැන අනන්තවත් කතා ඇදෙද්දී හෙළි නොකර සඟවා ගෙන සිටියේ ඇයි? “මේ බැඳුම්කර හොරා මටත් සල්ලි දුන්නා. මං ගත්තේ ඔහු බැඳුම්කර හොරෙක් බව නොදැනයි.. මං දැන්ම එයාට එයාගේ සල්ලි රිටර්න් කරනවා.” යි දයාසිරි සුද්දවන්තයෙක් නම් විරයා සේ මීට පෙර දීම කියන්නට තිබුණා නොවේද? අඩුම ගණනේ අද පාර්ලිමේන්තුවේ දී හෝ කියන්නට තිබුණා නොවේද? එසේ නොකීවේ ඇයි..? දයාසිරි ඇලෝසියස්ගේ රු. මිලියනය ලබා ගත්තේ ඡන්ද ව්‍යාපාරයට යයි පාර්ලිමේන්තු පොළොවේ හැපි හැපී කියන්නේ නම් චෙක් පත මාරු කළ 2015 ජුනි 15 වෙනිදා රටේ තිබූ ඡන්ද ව්‍යාපාරය කුමක්ද? ඒ වනවිට දයාසිරි සිටියේ වයඹ මහ ඇමැති ලෙසයි. ඒ අනුව ඔහුට නියමිත පළාත් සභා ඡන්දයකි. නමුත් පෙනෙන තෙක් මානයක පළාත් සභා ඡන්දයක් තිබුනේ නැත. ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන්නට හිතාගෙන සිටියා නම් 2015 ජුනි 15 වනවිට පාර්ලිමේන්තු ඡන්දයක් කැඳවා තිබුනේ ද නැත.
පැත්ත පළාතක ඡන්දයක් නොතිබූ කාලයක ලබාගත් මුදල් ඡන්දයට ලබා ගත්තා යයි කියන්නේ කෙසේද? දයාසිරි හිතාගෙන ඉන්නේ ඔහු කියන බොරු පිළිගැනීමට මේ රටේ ඉන්නේ ඔහු වැනිම බච්චන් කියාද? ඇලෝසියස්ගේ මිලියනයේ චෙක්පත තමා නමට නොලියූ එකක් යයි දයාසිරි පුනපුනා කියන්නේ තමන් වරදකරුවෙක් නොවන බව අඟවමිනි. නමුත් තමන්ගේ බොඩි ගාඩ් එම චෙක්පත මාරු කරගෙන විත් තමන්ට මුදල් දුන් බව හරියට කියන්නේ නැත. තමන්ට හරියටම මතක නැති බව පැවසීමෙන් රාජපක්ෂලාගේ දශකයේ සිටි සියළු හොර තක්කඩියන්ට වැළඳී තිබූ මතක නැති වීමේ ලෙඩේ දයාසිරිටද වැළඳී තිබෙන බව පෙනේ. තමන් පමණක් නොව ව්‍යාපාරිකයන්ගෙන් ඡන්දයට මුදල් ගැනීම හැමෝම කරන සාමාන්‍ය දෙයක් බව දයාසිරි කියයි. එමගින් ඔහු පවසන්නේ ‘හොර තක්කඩියා මං පමණක් නොව අපි හැමෝමයි’ යන්න මිස ඔහු නිවැරදිකරුවා කියා නොවේ.
චන්දෙට සල්ලි දෙන උන්ට හොරකන් කරන තම.
සුජීවත් මේ වගේම සල්ලි අරන් ඇති.. එ්කනේ පොත් පවා ලිව්වේ අර්ජුන්ව බේරගන්න... පව් අප්පා අපි කරුම ගෙවනවා.
මේ සිද්ධියෙන් පෙනී යන්නේ අර්ජුන් ඇලෝසියස් යනු දෙපක්ෂයේම ඡන්ද ව්‍යාපාරය සඳහා මුදල් සපයන කෙනෙක් බවයි. බැඳුම්කර සිද්ධියෙන් සිදුවුයේ ඔහුගෙන් ලබාගත් ණය පියවීම පමණයි. අද ඒකාබද්ධ විපක්ෂය කියාගන්න අය දේශපාලන ලකුණු ලබා ගැනීම සඳහා බැඳුම්කර සිද්ධිය මගඩියක් යයි කියා මොර දුන්නාට, ඔවුන්ගේ අතීත ඡන්ද ව්‍යාපාර සඳහාත් අවශ්‍ය විට මුදල් ලබා ගත්තේත් ඇලෝසියස්ගෙනුයි.
දැනට වයස අවුරුදු 33 ක් පමණ වන ඇලෝසියස්, දයාසිරිගේ පියා ව්‍යාපාර කරන කාලයේ සිටම ව්‍යාපාරිකයෙකු ලෙස හඳුනනවා නම් ඇලෝසියස් අම්මාගේ බඩේ ඉන්නා කාලයේ සිටම ව්‍යාපාර කරමින් සිටින්නෙක් විය යුතුය. එය පිළිගත හැකිද?
හොර හොරුත් එක්ක ලඟදි සාකච්චා කලාලු නේද?
බැඳුම්කර සිද්ධිය මෙතනට අදාළ නැත. මිලියනයක චෙක් පත පමණක් අදාලයි. එය ලැබුණු බවක් මීට කලින් කිවේ නැත. එය ලැබී කෑෂ් කරන විට බැඳුම්කර සිද්ධියක් තිබුනේ නැත. මෙය ෂුවර් එකටම අල්ලසකි !!!
දැන් හොදටම පැහැදිලිය් මේ රටේ අවංක දේශපාලකයින් නැති බව . මොවුන් අල්ලස් අරගෙන , මහජන මුදල් සොරාකාල රට කාබාසිනියා කළා. ජනතාවටත් දුන්න ආදර්ශය නම් කාගෙන් හරි කමක් නැහැ හූරාකන්න. ඒකයි, මේ රට මොවුන් නැති කරලා ඉවරයි. හෙට අනිද්දා මොවුන් හමුවෙන්න යන්නේ මේ ක්‍රමවල ගුරුවරු.
අයියෝ දයාසිරි මේවට උත්තර දෙන්න...... 1.යමෙකුට සේවයක් හෝ භාන්ඩයක් නොසපයා මුදල් ලබා ගැනීම අල්ලසක් නොවේද? 2. ඇලෝසියස් ඔබට මුදල් දී ඔහු ඔබගෙන් ඉල්ලුවේ මොනවද? 3. ඇලෝසියස් කාටවත් නිකම් මුදල් විසි කරන්නේ නෑ 4. මුදල් වලට හරියන ලෙස ඔබ ඇලෝසියස්ට කල උදව්ව කුමක්ද? 5. බැදුම්කර හොරුත් එක්ක ආණ්ඩුවේ ඉන්න බෑ කියල නේද අයින් උනේ? 6. බලනකොට ඔබත් බැදුම්කර හොරෙක් නේද? 7. ලැජ්ජාවක් තියෙනවනම් මන්ත්‍රීකම දාල ගෙදර යන්න තවත් බොරු නොකිය. මම හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම ඇලෝසියස්ගෙන් මුදල් අරගෙන තියනව. මේයා රු මිලියන 1 ක් අරගෙන කතාකලේ නැහැ ඇලෝසියස් වෙනුවෙන් නුමුත් යටින් ගේම දුන්න. නමුත් ඇලෝසියස් වෙනුවෙන් කෑ ගහපු එවුන් කොපමණ මුදලක් අලෝසියස්ගෙන් ගන්න ඇතිද? දැන් උසාවියේදී හෙලිවෙන්න කලින් ඔය 225 න් අලෝසියස්ගෙන් මුදල් ගත්ත කට්ටිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරලා වැරැද්ද පිළිගෙන මන්ත්‍රී කමෙන් ඉල්ලා අස්වෙලා ගෙදර ගියොත් හොදයි. අනෙක් කට්ටිය අලෝසියස්ගෙන් මුදල් ගත්තේ නැහැ කියල ප්‍රකාශයක් කලොත් හොදයි.
ඡනාධීපතිතුමා යාන්තම් දෙකකින් ෂේප් උනා ,පොල්ගම්පොල සහ අස්වුණු අැමති දයාසිරි