ජයරත්න වික්‍රමාරච්චි
කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන්දොරටු 4ක් අඩි 1 බැගින් අද (24) උදෑසන විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පවසයි.
අලුයම කාලයේ සිට අවස්ථා කිහිපයක දී ක්‍රමක්‍රමයෙන් මෙම විවෘත කිරීම සිදුකර ඇත.
වසර දෙකක පමණ කාලයක් නියඟයට ගොදුරු වී තිබූ කරුවලගස්වැව තබ්බෝව ජලාශයට පසුගිය දින කිහිපයේ සිට ඇති වූ වැසි ජලයෙන් පිරිණි.
මුදාහැරෙන ජලය නරිඔය ඔස්සේ මී ඔයට ගලා යයි. ඉදිරි කාලගුණ තත්වයන් අනුව ජලය මුදා හැරෙන තත්වයන් වෙනස් විය හැකි බව වාරිමාර්ග කාර්යාලය සඳහන් කරයි.





COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.