විනීතා එම් ගමගේ
ජනාධිපතිතුමන් තමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිබුණේ මොනවද දන්නේ නැතිවා වගේම තමන් ජනාධිපති වුණේ කවදා කොයි මොහොතේ සිටද කියා දන්නෙත් නැති බව පෙනෙතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
2016 අප්‍රේල් මාසයේ දිනක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උත්සවයක් අමතමින් මම මහින්දට ගෙදර යන්න හෙලිකොප්ටරයක් දුන්නා. අපි පැරදුනා නම් අඩි හයක් යට යැයි පැවසූ බවත් ඊයේ කථාවක දී මහින්දට හෙළිකොප්ටර් දුන්නේ කවුදැයි ගුවන් හමුදාපතිගෙන් ඇසුවා නම් කියාවි යැයි කී බවත් මේ කථා දෙකම බොරු බවත් හෙතෙම කියා සිටියේය.
2015 ජනවාරි 9 වැනිදා උදේ 9.30 වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා බවත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ එදින සවස 6.30 ට බවත් පෙන්වා දුන් ගම්මන්පිල මහතා ඒ අනුව රාජපක්ෂ මහතාට රජයේ හෙලිකොප්ටරයක් රැගෙන ගෙදර ගිය බව සැබෑ නමුත් එය ගෙන ගියේ විධායක ජනාධිපතිවරයා වශයෙන් ඔහු විසින්ම බවත් පැවැසීය.
විධායක ජනාධිපතිට හෙළිකොප්ටරයෙන් ගමනක් යන්නට කාගෙන්වත් අවසර වුවමනා නොවන බව හෙළිකොප්ටර් වලින් සවාරි යන ජනාධිපතිතුමන් නොදැන සිටීම කණගාටුවට කරුණක් බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.
ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ මහින්ද රාජපක්ෂ මහතාට හෙළිකොප්ටර් දීම ගැන මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කර ඇති ප‍්‍රකාශය ගැන ඒකාබද්ධ විපක්ෂයේ මතය කුමක් දැයි ලංකාදීප කළ විමසීමක දීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිළිතුර නම් හරියට හරි .
ගම්මන්පිල මොනව කිවවත්, ඇත්ත කතා කරොත් පහුගිය අවරුදු තුන තුල ලංකාවේ රාජ්‍ය නායකයින් හෙලිකෝප්ටර වලින් ගමන් කිරීම බෙහෙවින් අඩුවී ඇත.
කලකට පස්සේ තර්කාන්විතව නියම කියමනක් කිවා, ඔබ හරි
විශිෂ්ට පිළිතුරක් ...
ඇයි මේ ඔබ තුමා හැම එකටම පනින්නේ ? තමන්ට කියල කිසිම වැඩක් නැද්ද ?
කවුරු කව්රුත් සිරිසේන මැතිතුමාට මතක් කරලා දෙන්න ඕනේ එතුමා මේ රටේ විධායක ජනාධිපති බව. එතුමා කියන සමහර දේවල් වලින් අපට තේරෙන්නේ එතුමා වෙනත් තනතුරක් දරන කෙනෙක් වගේ.
රට එක්සේසත් කල ලෝකයම පිළිගත් නායකයාට හෙලිකොප්ටරයක් ගෙදර ගෙනියන්න දුන්නත් මොකද වෙන්නේ මේ මහ දවල් බැං'කු මංකොල්ලකාල හරි අපූරුවට ඉන්නේ
අප දැක්ක හැටියට නම් ඒ හෙලිකොප්ටර් එකේ ගහලා තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියලයි. එ්ක මහින්දගේ එකක් කියලා දන්නේ අදයි. මෙයත් දන්න දේවල් !!
ඇත්තද? ඔයාද දුන්නේ හෙලිකොප්ටරය. එහෙනම් ඔහේගේ එක වෙන්න ඇති.
ඒ ගමනට මහින්ද මහත්තයා මුදල් ගෙවලා තියෙනවාද..?
එයාගේ එකකින්ම යන්න ඇත්තේ..........
අනුන්ගේ කුණු හෝදන මෝඩ තකටීරුවෙක්
මහින්ද පැරදුනේ ඇයි? එයාව ජනතාව ප්‍රතික්ෂේප කල නිසානේ. එහෙනම් මොකටද හෙලිකොප්ටර්?
පත්තුව, ඉන්න ගමකින්, ඔලුවට පත්තුවක් දාගෙනම එලියට ඇවිල්ල ලෝකය ගැන ටිකක් අධ්‍යනය කරන්න.
පැරදුනා නං මොකටද පඩි ගෙවන්නෙ කියලත් ඔබ අහයි......!
ජනාධිපතිට පිස්සු කියලා රටම දන්නවා එත් පර්ලිමෙන්න්තුවේ ඉන්න අයට මොළේ නැති හින්දා හරි රටට ආදරේ නැති හින්ද දෝශාභියෝගයක් ගේන්නේ නැහැ
ඔය ගම්මන්පිල කියන ඒවා ගණන් ගන්න හොඳ නැහැ.
යුද්දය ඉවර කලේ මහින්ද නෙවෙයි සරත් ෆොන්සේකා.