සිරංගිකා ලොකුකරවිට
දකුණු පළාතේ පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගෙන් මෙතෙක් කිසිදු නිර්දේශයක් ලැබී නොමැති බැවින් වසා දැමුණු පාසල් හෙට (30) සිට යළි විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතා පැවසීය.
එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ දරුවන්ගේ ජීවිතය පළමු ස්ථානය බවත් අධ්‍යාපනය වැටෙන්නේ ඉන්පසුව බවත් සියලු දෙනා තේරුම් ගතයුතු බවයි. දකුණේ දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන රෝගී තත්ත්වය හේතුවෙන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණයක් අනුව පසුගිය 22 වැනි දා සිට දකුණු පළතේ කලාප කිහිපයක පාසල් හි ප්‍රාථමික අංශ වසා තැබිණි.
අමාත්‍යවරයා පවසන්නේ පාසල් වැසීමට ගත් තීරණය සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසිදු තීරණයක් ලබා නොදුන් බවයි. පාසල් වසා දැමීමෙන් පසු අවස්ථා කිහිපයකදීම මෙම රෝගය පැතිරීම පාලනය කිරීම පිළිබඳව හා පාසල් යළි විවෘත කිරීමේ හැකියාව පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඉල්ලා සිටියද මෙතෙක් ඒ පිළිබඳව කිසිදු නිර්දේශයක් ලැබී නැති බවද ඇමැතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
"ඉන්ෆ්ලුවන්සා රෝගය දකුණු පළාතේ සීඝ්‍රයෙන් පැතිර යාම පාලනය කිරීමට අපි දකුණේ අධ්‍යාපන කලාප කිහිපයක ප්‍රාථමික අංශ දින කිහිපයක් වසා තැබීමට කටයුතු කළා. මා දන්නා තරමින් මේ රෝගයෙන් කුඩා දරුවන් සැළකිය යුතු ප්‍රමාණයක් මිය ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා වැරදි තොරතුරු සමාජගත වීමෙන් අනවශ්‍ය බියක් ඇතිවෙලා කියලා.
වැරදි තොරතුරු පැතිරෙන්නේ නිවැරදි තොරතුරු නොදෙන නිසයි. නිවැරදි තොරතුරු දෙනවා නම් අපිටත් හරි තීරණයක් ගන්න පුළුවන්. කෙසේ වුවත් අපි හෙට (30) දිනයේ පාසල් සුපුරුදු පරිදි විවෘත කරනවා. පාසල් විවෘත කරාට පසු මේ රෝගය තවදුරටත් පැතිර ගියහොත් හෝ එක දරුවකු හරි මිය ගියහොත් එහි වගකීම සෞඛ්‍ය බලධාරීන් විසින් බාරගත යුතුයි."
දකුණු පළාතේ පෙර පාසල් නැවත විවෘත කරන්නේ ජුනි 4 වැනි දා බවත් පළාතේ දහම් පාසල් ලබන ඉරිදාත් ජුනි 3 දක්වා වසා තැබෙන බවත් අමාත්‍ය රාසපුත්‍ර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය දර්ශක අතින් අපි ලෝකෙන්ම ඉහල තැනක ඉන්නවා නම් ඉතින් ඔය මරණ ගැන කතා කිරීම අපගේ තත්වයට ගැලපේද? ඒ වගේම ප්‍රමිති ගත වෛද්‍ය අධ්‍යාපනයක් හා උසස් සෞඛ්‍ය සේවයක් තියන රටේ ඔය වගේ මරණ කීපයක් ගැන කතා කතා කරන එක සුදුසුද? දොස්තර කෙනෙක් වීමට නොහැකිවූ හීනමානයට, මානසික ව්‍යාධියට ලක් වුවන් මෙවැනි සුළු කාරණා ලොකුවට තැකුවාට, රාජකාරියට, පැමිණෙන හා පිටවෙන, ලෝකයේ සම්මත ක්‍රමවේදයන් සියල්ල පසෙකට විසිකර, පෞද්ගලික රෝහල් හා චැනල් සෙන්ටර් තුලින් ඉතාම අඩු සාධාරණ මුදලකට, දිවා රාත්‍රිය නොතකා තම සේවාව සපයමින්, තම රාජකාරියෙන් ද ඔබ්බට ගොස් දිනපතා, මාධ්‍ය සාකච්චා පවත්වමින්, රටට ගැලපෙන දේශපාලනයක් කරමින්, මේ රට ලෝකයේ සංවර්ධිත රටක් බවට පත් කල. වෛද්‍ය සභාව, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු මේ සංගම් වල ප්‍රධානීන්ට අපි කෘතගුණ පුදකළ යුතු නොවෙමුද?
පුදුම වෙන්න දෙයක් නැහැ. මේක දොස්තරලගේ සුඛවිහරණ අදාල ඉල්ලීමක් නොවන නිසා අදාල නොවේ කියල ඉන්නවා ඇති.
පාසල් බලධාරීන් ට මෙහි දී තීරණ ගත නොහැක වෙෙද්‍ය සංගමයටද මීට වඩා වැඩ තිබේ දෙමාපියන් කැමැත්තක් කරන්න.
මිනිස් ජීවිත ගැන ගානක් නැති මිනිස්සු................ මේ වගේ රටවල් වල ඉපදෙන්න අපි සැහෙන්න පව් කරලා ඇති!
පින් මද පුතුන් සියයක් ලද වත් නිසරු... ගුණ නැණ බෙලෙන් යුතු පුතු මය ඉතා ගරු..
බෑනේ... ඕකෙන් ජී එම් ඕ එකට දේශපාලන වාසි ගන්න බෑනේ... ඒක නිසා කට වහගෙන ඉන්න ඕනේ