IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දිස්ත්‍රික්14ක 84,943 ක් පීඩාවට-මිය ගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ යයි

(ඩයනා උදයංගනී)
           

දිවයිනේ දිස්ත‍්‍රික්ක 14 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 18,542 කට අයත් පුද්ගලයින් 84,943 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අකුණු සැර වැදීම්, දියේ ගිලීම්, ඉවුරු හා ගස් අතු කඩාවැටීම් හේතුවෙන් මේ වන විට මරණ 11ක් වාර්තා ඇතැයි ද එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

පවතින ගං වතුර හා නායයෑම් අවදානම හේතුවෙන් පවුල් 7526 කට අයත් පුද්ගලයින් 27,621 දෙනෙකු අවතැන්ව සිටින අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන 194 ක රඳවා සිටිති.

මහනුවර, ගාල්ල, රත්නපුර, බදුල්ල, නුවරඑළිය, කෑගල්ල, කළුතර, ගම්පහ, කොළඹ, කුරුණෑගල, පුත්තලම, මාතලේ, මොණරාගල, මාතර, සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයන්ට මෙම ආපදා තත්ත්වය බලපා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් වන අතර එම දිස්ත‍්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, නිවිතිගල, රත්නපුර, ඇලපාත, කහවත්ත, කලවාන, කිරිඇල්ල, පැල්මඩුල්ල,  ඕපනායක, අයගම, බලංගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 6133කට අයත් 24,625 දෙනෙක් පීඩාවට පත්ව සිටින අතර ඉන් පවුල් 493කට අයත් 1,951 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 38ක රඳවනු ලැබ ඇතැයි ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මීට අමතරව ගම්පහ දිස්ත‍්‍රික්කයේ ගම්පහ, අත්තනගල්ල, දොම්පේ, මිනුවන්ගොඩ, වත්තල, බියගම, දිවුලපිටිය, මීරිගම, කැලණිය, ජා ඇල, මහර සහ කටාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පවුල් 1590කට අයත් පුද්ගලයින් 22,673 දෙනෙක්, පුත්තලම දිස්ත‍්‍රික්කයේ මහවැව, දංකොටුව, මුන්දලම, ආරච්චිකට්ටුව, පල්ලම, කරුවලගස්වැවල ආණමඩුව, නාත්තන්ඩිය, හලැවත ඇතුළු ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 14ක පවුල් 4,256කට අයත් පුද්ගලයින් 12,760 දෙනෙක් සහ කොළඹ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 5ක, පවුල් 1945කට අයත් පුද්ගලයින් 7482 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ඔහු සඳහන් කළේය.


එමෙන්ම කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 1,150කට අයත් 4,316 දෙනෙක්, කළුතර දිස්ත‍්‍රික්කයේ පවුල් 933කට අයත් 3,370 දෙනෙක්, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පවුල් 1,595 කට අයත් 5,866 දෙනෙක්, මහනුවර දිස්ත‍්‍රික්කයේ පවුල් 231කට අයත් 996 දෙනෙක්, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පවුල් 221කට අයත් 832දෙනෙක්, ගාල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 341කට අයත් 1,387 දෙනෙක්, බදුල්ල දිස්ත‍්‍රික්කයේ පවුල් 123 කට අයත් 516 දෙනෙක්, මාතර දිස්ත‍්‍රික්කයේ පවුල් 19කට අයත් 84 දෙනෙක්, පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පවුල් 4කට අයත් 13 දෙනෙක් සහ මොණරාගල දිස්ත‍්‍රිත්තයේ පවුලක තිදෙනෙක් මෙලෙස පීඩාවට පත්ව සිටිති.

මෙම ආපදා තත්ත්වයේ බලපෑමෙන් නිවාස 29 සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 2,527කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.



අදහස් (1)

දිස්ත්‍රික්14ක 84,943 ක් පීඩාවට-මිය ගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ යයි

Bamunuarachchi Wednesday, 23 May 2018 12:43 PM

බයිබලයේ පැරණි ඇස්තමේන්තුවේ ජෙනිසෙස් 6හි සඳහන් වන ආකාරයට ලෝකය දරුණු වී අධර්මිෂ්ඨ වී තිබෙන සැටිදුටු දෙවියන් වහන්සේ කම්පා වී ලොව මහා ගංවතුරකින් සියලුම පණ ඇති, මිනිසා ඇතුළු, සතුන් විනාශ කිරීමට සිතා ගත්තේය. නමුත් දෙවියන්ට අවනතව සිටි ඔහුගේ පවුලේ අය සහ සෑම වර්ගයේම සතුන් දෙදෙනෙකුට බේරීමට මාර්ග සැලසුවේය. දැන් දෙවියන් වහන්සේ ලංකාව දෙස බලන කාලයයි. එසේ බැලූ දෙවියන්ට කොටළුවෝ 62 ලංකාව විනාශ මුඛයට අැද දමා තිබෙන අාකාරය දැක කම්පා වී මහත් වූ වර්ෂාවකින් මෙරට විනාශ කිරීමට සිතුවා වත්ද? කාරණා එසේනම් දෙවියන්ට අවනත මහින්ද සහ ගෝඨාභය මහතුන්ට ඔවුන්ගේ 57 ජනතාව සමග බේරීමට දැනටමත් උපදෙස් දී ඇති බව පෙනේ. අද හෙටම මෙම ආණ්ඩුව පලවා හැරියොත් වර්ෂාව නැවතී මේ මහා ගංවතුර බැස යනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 163 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1581 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site