(ජයන්ත සමරකෝන්)
කොළඹ මහ නගර සභාවේ රුපියල් මිලියන 200 ක වියදමකින් ගිනි නිවීමේ ජල බවුසර් රථ දෙකක් මිලට ගැනීම සඳහා පවරන ලද ටෙන්ඩරයකට කොන්දේසි කඩ කිරීම හේතුවෙන් අදාල සමාගමෙන් අය කරන ලද රුපියල් මිලියන 135 ක මුදලක් ආපසු ලබා දීමේ සුදානමක් පවතින බව එම නගර සභා ආරංචි මාර්ග පවසයි.
මේ සඳහා දැනටමත් මුදල් කාරක සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ද පැවසේ.
2017 වසරේ පවරන ලද අදාල ටෙන්ඩරයට අනුව මාස 3 ක් ඇතුළත පිට කරන බවට ගිවිසුමට බැදී සිටියද වසර දෙකහමාරකින් එය ඉටු නොකිරීම නිසා අදාළ සමාගම අසාදු ලේඛනගත කර ඇතැයිද දැනගන්නට තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.