ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ්රීලනීපයට දැනුම් දෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කරන්නටනම් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනීප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවත් අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කර පෙන්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි. 28 November 2017
ගෝඨාගේ ඉල්ලීමේ තීන්දුව හෙට මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ තමා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති හෙයින් එම සිද්ධිය සිවිල් ගනුදෙනුවක් නිසා එම පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණය හෙට(29) ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය තීන්දු කළේය. 28 November 2017
ඡන්ද ගැසට්ටුව රකින්න නීතිපතිගෙන් මෝසමක් පළාත් පළාන ආයතන වල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය පිළිබඳ ගැසට් නිවේදනයට එරෙහිව නිකුත් කළ අතුරු නියෝගය නිශ්ප්‍රභ කරන්නැයි නීතීපතිවරයා මෝසමක් මඟින් අභියාචනාධිකරණයෙන් අද (27) ඉල්ලීමක් කළේය. 27 November 2017
පොහොට්ටුව දිස්ත්‍රික් 3කට ඇප මුදල් තැන්පත් කරයි පළාත් පාලන මැතිවරණයට අද(27) නාම යෝජනා කැඳවීමෙන් පසු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික්ක තුනක ආසන 16ක් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත. 27 November 2017
ගාල්ලේ පළාත් පාලන ආයතන 5 කට පොහොට්ටුව ඇප තැන්පත් කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතන 5 ක් සඳහා අද (27) දහවල් ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා හමුවේ ඇප මුදල් තැන්පත් කිරීම සිදු කැරිණි. 27 November 2017
පළාත් පාලන ආයතන 93කට නාම යෝජනා කැඳවීම ඇරඹෙයි පළාත් පාලන ආයතන 93ක් සඳහා මැතිවරණයට පැවැත්වීමට නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද(27) පෙරවරුවේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කළ බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. 27 November 2017
පුංචි ඡන්දයේ නාමයෝජනා නිවේදනය හෙට ආයතන 93 ක ඡන්ද විමසීම පැවත්වීමට මැතිතවරණ කොමිසම තීන්දුකර තිබේ. 26 November 2017
මහවිරු සතිය සමරන්න යාපනය සරසවියෙන් ඉල්ලීමක් කොටි සංවිධානය නායක වේලුපිල්ලේ ප්රභාකරන් සහ මහ විරු සමරුව අභිමානවත්ව සමරන්නැයි ඉල්ලා යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨය ප්රභාකරන්ගේ රුව සහිත පෝස්ටර් අලවා ඇතැයි 26 November 2017
කෘෂිකර්ම ගොඩනැගිල්ලේ බදු ගිවිසුම අමාත්‍යංශයේ නෑ ආන්දෝලනයට තුඩු දී ඇති කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ගොඩනැගිල්ලට අදාළ බදු ගිවිසුම මේ වනවිට අමාත්‍යංශය සතුව නැතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “ලංකාදීප”යට පැවැසීය. 24 November 2017
ඡන්දය කඩිනමින් ඉල්ලන යෝජනාවක් මැතිසබේට පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලන යෝජනාවක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීමට පක්ෂ නායකයින් අතර නිල නොවන මට්ටමේ සාකච්ඡාවක් පවත්වා තිබේ. 24 November 2017
ෆයිසර්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක් පළාත් පාලන සහ පළාත් සභා කටයුතු පිළිබඳ අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාස භංගයක් කථානායකවරයාට බාර දී තිබේ. 23 November 2017
‘පෙට්රල්වලට භූමිතෙල් කලවම් කරලා‘ නාඋල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකින් පෙට්රල්වලට භූමිතෙල් කලවම් කර නිකුත් කරන බව වාහන හිමියෝ පවසති. 23 November 2017
සීමා නිර්ණ ගැසට් පත්‍රයට වාරණයක් පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රයට දෙසැම්බර් 04 වැනිදා තෙක් වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය. 22 November 2017
ජනපති ගැන සුජීව සේනසිංහ දැඩි කළකිරීමෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. 21 November 2017
ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනාට ඇප කොල්ලුපිටියේ හොටෙල් සමාගමක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන හතරක් යොදවා පොදු දේපළ පනත ප්‍රකාරව වරදක් කළැයි දින අටක් රිමාන්ඩ් කරනු ලැබ සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමීණි සෙනරත් ඇතුළු තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (21) නියෝග කළාය. 21 November 2017
හංගන්න දෙයක් නෑ - අගමැති වැරැදීම් සිදුවිය හැකි නමුත් සැඟවීමට කිසිවක් නැතැයි ද යහපාලන ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට යන්නේ යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පැවැසීය. 20 November 2017
අගමැති බැඳුම්කර කොමිසමට එයි ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පැමිණියේය. 20 November 2017
ශ්‍රී ලංකා ධජයේ වෙනස්කම් සිදුවිය යුතුයි - පා.ම. ධර්මලිංගම් රටම පිළිගෙන ඇති ජාතික ධජයට ගෞරව කිරීම හා පිළිගැනීම සියලු දෙනාගේම වගකීමක් හා යුතුකමක් වුවත් ශ්‍රී ලංකා ධජයේ වෙනස්කම් සිදුවිය යුතුයි යන්න තමාගේ ස්ථාවරය බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා අද (19) පැවසීය. 19 November 2017
හමුදාවේ 176ක්: පොලිසියේ 428ක්: ගිංතොට රැකවල් කරති ගිංතොට ඇතිවූ කලබලකාරී තත්ත්වය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බවත් තවදුරටත් එවැනි අවාසනාවන්ත සිද්ධියක් වීම වැළැක්වීම සඳහා දෙපාර්ශවය සමග සාකච්ඡා කර එකඟතාවයට එළැඹී ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසයි. 19 November 2017
ගිංතොට සිද්ධිය බැලීමට අගමැති යයි කලබලකාරී ලෙස හැසිරෙමින් ගැටුමක් ඇතිකර දේපලවලට හානි සිදුකළ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරන්නැයි දැනටමත් පොලිසියට දැනුම් දී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) කීවේය. 19 November 2017
ගාල්ලට යළිත් පොලිස් ඇඳිරිනීතිය නීතිය හා සාමය පවත්වාගෙන යාම පිණිස ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවන ලද බව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා පැවසීය. අද පස්වරු 4.00 සිට පනවන ලද පොලිස් ඇඳිරිනීතිය හෙට උදෑසන 9.00 දක්වා බලපැවැත්වේ. 18 November 2017
පිටතින් පැමිණි පිරිස් ගිංතොට ගැමියන්ට පහර දෙති ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් අද (17) රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති. 17 November 2017
පුංචි ඡන්දයේ නාම යෝජනා දැන්වීම 27වැනිදා පළාත් පාලන මැතිවරණය සඳහා වන නාම යෝජනා දැන්වීම 2017 නොවැම්බර් 27 වැනිදා නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද(17) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. 17 November 2017
ත්‍රස්ත නායකයන් සැමරීමට එරෙහිව නීතිමය පියවර මේ මස 26 වැනිදාට කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ උපන්දිනය හා 27 වැනිදාට උතුරේ ස්ථාන රැසක මහවිරු සැමරුම් සංවිධානය කර ඇති හෙයින් නීතියට විරුද්ධව තහනම් සංවිධානයක් හෝ ත්‍රස්ත නායකයෙක් සැමරීමට යමෙක් ක්‍රියාකරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පොලිස් නිලධාරීන් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගැනීමට සූදානම් වෙයි. 17 November 2017
පුංචි ඡන්දය ගැන කොමිසමෙන් තීරණයක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හෙට (17) රැස්වී තීන්දුවක් ගනු ඇතැයි මැතිවරණ කොමිසමේ අතිරේක කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා කීය. 16 November 2017
කෝප් කමිටුවේ 5ක් ඇලෝසියස් සමග දුරකථන සබඳතා බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීමට පත් කළ කෝප් කමිටුවේ සාමාජිකයින් 28 දෙනාගෙන් 5 දෙනකුම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සම්බන්ධතා පවත්වා ඇතැයි අද(16) බැඳුම්කර කොමිසමේදී හෙළිවිය. 16 November 2017
අයවැය දෙවැනිවර කියවීමේ ඡන්දය අද 2018 වසර සඳහා වන අයවැය වාර්තාව පිළිබඳ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (16) පස්වරු 5.00 ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය. 16 November 2017
ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි රිට් පෙත්සමක් පළාත් පළාන ආයතනවල සීමාවන් සහ සභික සංඛ්‍යාව නිර්ණය කරමින් මෑතකදී නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පළාත් පාලන ආයතන 6ක ඡන්දදායකයින් පිරිසක් විසින් ගොනු කළ රිට් පෙත්සම හෙට (16) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය. 15 November 2017
සෙවණගල දයාට නෑ ඌණ උපයෝගිතා පනත අනුව සෙවනගල සීනි කර්මාන්ත ශාලාව යළි අමාත්‍ය දයා ගමගේට පැවරීමට රජය තීරණය කර නැතැයි ජල කළමනාකරණ හා වාරි මාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා අද(15) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. 15 November 2017
ගාමිණි සෙනරත් යළි රිමාන්ඩ් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා නොවැම්බර් 21 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) නියෝග කළාය. 15 November 2017
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026