(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහලේකම් ලෙස කැළණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනය අංශයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කරනු ලැබ සිටියි.
පක්ෂයේ හිටපු මහලේකම් දුමින්ද දිසානායක මහතා ජාතික සංවිධායක ලෙස පත්කිරීම නිසා මහලේකම් තනතුරට මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කරනු ලැබ ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද (3) රැස්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාවේ දී මෙම නිලධාරි මණ්ඩලය පත්ව ඇත.
පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා මෙම තාවකාලික නිලධාරි මණ්ඩලය පත්කර ඇති අතර එම තාවකාලික නිලධාරි මණ්ඩලයේ සහභාගීත්වයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ ලේකම් විතරක් නොවේ , සභාපති , කාරක සභිකයෝ , සාමාජිකයෝ ඔක්කොම තාවකාලිකයි . කොයි වෙලාවේ දාලා යයිද දන්නේ නැහැ .
උගතෙක් නිසා දැන් ඉතින් රට සාර වෙයි.....
නායකයන් ඉස්සෙල්ලාම අයින් කරොත් අනාගතයක් තියේවි.........................
කරණම් බැලුවා......... හැබැයි, මේවා තමයි, නියම කරනම්!