සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ජනාධිපතිවරයාගේ නියෝගයට පිටින් පිටස්තර පුද්ගලයන් 3න් දෙනෙකු විදේශ සංචාරයකට පිටත් කර යවා ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (06) පිළිගත්තාය.
රාජ්‍ය ඇමතිවරිය මේ බව පිළිගත්තේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මේ පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු බලා දෙමිනි.
ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය මෙසේද පැවසුවාය.
‘‘විදේශ අධ්‍යාපන චාරිකාවට යවනවා නම් පළාත් සභාවේ මහජන නියෝජිතයින් හා මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන් පමණක් යොදා ගන්නැයි ජනාධිපතිතුමා නියෝග කරලා තිබුණා.
නමුත් මහ ඇමතිතුමා ආණ්ඩුකාරවරයාගේ අවසරය අරගෙන බාහිර පුද්ගලයින් සිවු දෙනෙකු අරගෙන ගොස් තිබෙනවා.
ජනාධිපතිතුමාගේ නියෝගය ක්‍රියාත්මක වෙන්ව ඕන. නමුත් ඒක වෙලා නැති බව පිළිගන්නවා.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරියක් දණ ගස්සවපු වෙලාවේ ජනාධිපතිවරයා මෙයාව හුරතල් කළානේ... ඒකට කෘතගුණ සලකන්නත් එක්ක ජනාධිපති නියෝග කඩ කරලා පෙන්වන්න ඇති. දැන් ඊලගට කියයිද දන්නේ නැහැ මේ මනුස්සයව ඌවේ මහ ඇමති කළ එක ආණ්ඩුව කල මෝඩ වැඩක් කියලා.
මේ මහ ඇමති මීට පෙර මට්ටු කරන්න නිසි පියවර ගත්තේ නැහැ. ඔන්න ඒ පාර ඇමතියා ජනාධිපතිවවත් මායිම් නොකරපු හැටි හරිම අපූරුයි.
ජනාධිපතිගේ හැකියාව බලමු දැන්. මට්ටු කරනවද කර අරිනවද කියලා. අපේ සල්ලි අනිසි විදිහට පරිහරණය කරනවා. මාද්‍යයට ගොඩක් පින් මෙවැනි පුවත් පලකරනවට...
මෙතරම් ගරු ගාම්භීර තනතුරක් බාරගත්තාට පස්සේ තමන් හදාගත් ජනප්‍රියත්වය බාල්දු වෙලා ඇති තරම අර කතාවේදී අත් දෙකම දික්කරල රඟදක්වලාම පෙන්නුවානේ නේද? කාටවත් දොස් කියල වැඩක් නැහැ වැරැද්ද තියෙන්නේ තමන්ගේ නොන්ජල් කමේ නම්.
හරකුන්ට හෙල්මට් දැම්ම කියන්නේ ප්‍රතිපල අති විශිෂ්ටයි.
ගස් ගොන්නු මහා ඇමතිකම් ලෙස පත් කලාම මෙහෙම වෙනවා ...නිස්සෝ සුදුස්සෝ ඉද්දි නුසුදුස්සෝ යයි ඉහලට සෙතක් වෙයිද එහෙම රටකට ඔයි
ජනාධිපතිත් පම්බයෙක්ගේ ගානට වැටි ඇත.
මේ මිනිහාගේ තක්කඩිකම පාලනය කරන්න ජනාධිපති තුමාටත් බැරිද? මේකා ඊට වඩා ලොක්කෙක් නම් ලබන ජනාධිපති වරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන්න . වහාම මේ දුර්දාන්තයාව එළවිය යුතුය.
ඕක මොකක්ද අනේ? ඔන්න ඔහේ ඇනුමක් ඇරලා, කාට හරි වැරැද්ද පටවල අමතක කරලා දාමු.
එකක් මේ යුගය අපේ රටේ දෙසපාලනයේ අඳුරු යුගයක් කියන එක. මොකද එක්කෝ ගොන්නු තක්කඩි අමනයෝ මැරයෝ නැතිනම් උගත් උන් උනත් රට ගැන නොහිතන ලෝක හොරු. අනික තමයි ඔය පිටරට වැඩමුළු පුහුණු සෙල්ලම.ඔය දෙසපලකයෝ ගිහින් එන වැඩමුළු බොහොමයක් පරික්ෂා කලොත් ඒවා ජාත්‍යන්තර ආයතන වල නම් අනුකරණය කරමින් සංවිධානාත්මකව කරන ව්‍යාජ ඒවා. ලොකු හෝටල් කුලියට අරන් කරන්නේ. මේ උදවිය රංචු පිටින් ගිහින් ඒවායේ විනෝද වෙලා සවාරිත් ගහල දෙන බොරු සහතිකේ ආණ්ඩුවට පෙන්නලා සල්ලිත් කපාගෙන ඔහේ ඉන්නවා. මේ සෙල්ලම තාම රටේ වැඩිදෙනා දන්නේ නැහැ.
ගොඩක් දුරට බැලුවාම මේ ප්‍රශ්නවලට මුල සිරිසේන ජනාධිපතිතුමාගේ දුර්වල නායකත්වය. වෙනත් තැනක එතුමා පොලිතින් ප්‍රශ්නය ගැන රටටම දොස් කියපු එක ගැන කමෙන්ට් එකක් තිබුනා එතුමා කරන්නේ කාට හරි දොස් කියන එක පමණයි කියල. තව තැනක කියලා තිබුනා ජයවර්ධන, ප්‍රේමදාස සහ රාජපක්ෂ ජනපතිවරුන් අනුන්ට ඇඟිලි දික්කරේ නැහැ හැබැයි වැඩේ කෙරෙන තැනට ගෙනාවා කියලා. සිරිමා බණ්ඩාරනායක අගමැතිතුමියත් එහෙමයි. ඒ තමයි අපි පුද්ගලයන්ව වෙන වෙනම අනුමත කරත් නොකරත් නියම නායකත්වය. අද අපේ රටේ උඩම තැන එය ඇත්තෙම නැහැ. හරි ලුලෙක් පොකුණට නැති නිසා කනයෝ විතරක් නෙවෙයි කාවයියොත් බඩ පිනුම් ගහනවා. හෙට අනිද්දා වෙනකොට දියබරියෝ ඇවිත් ටිකිරිලියාව ගිල්ලා කියාවි.
ගුරුවරියකට ඉතාම කැත විදියට අපහාස කරපු එකට කිසි දඬුවමක් නොදුන්න එකේ මේවට මොන දඬුවම්ද? නියම විදියට මේකට ගිහිපු සියලු වියදම් පුද්ගලිකව ගෙවන්න කියන්න ඕන..........
"නිවට ඇම්බට්ටයට එළුවොත් නිකට පානවා" කියල පැරණි කියමනක් තිබුන.
ගුරුවරියක් දන ගැස්සුවා. පළාතේ හැසිරෙන්නේ නරක විදියට. ඔය කිසි එකක් ජනාධිපති තුමාට පෙන්නේ නෑ.
ඔන්න දැන් තමයි ජනාධිපතිතුමා මේක දැනගන්නේ ලංකාදීප පත්තරේ බලල.
අනේ ! මේක අලුත් කතාවක් නෙමෙයි, පසුගිය අවුරුදු 18 ක කාලයතුල මේ වගේ නුසුදුස්සෝ ගාල් පිටින් ආවා යුරෝපයට විවිධ සම්මන්ත්‍රණ වලට වැඩමුළුවලට දෙශපාලුවන්ගේ හෙන්චයියෝ. ලෝකයේ උත්තරීතර සංවිධානයක් තුල මගේ අත්දැකීම්, මොනවා කරන්නද මිතුරනේ ?
මෙය කව්රුන් හෝ කෙනෙකුට ටීඑන්එල් චැනලයෙන් වැදුණු පහරකට ඔහු විසින් ප්‍රසිද්දියේ කරන ලද පැහැරීමක් වගෙයි පෙනෙන්නට තියෙන්නේ. ශාන් වික්‍රමසිංහ කියන්නේ නිහඬ බුද්ධිමතෙක්.එතුමා මෙයට නිසි ක්‍රියාමාර්ග ගනීවි.
තුෂාර මයා වෙත... ලංකාදීප පත්තරේ බැලුවා. දැන් මතක නැහැ.
මායිම් කරයිද ? ඒක තමයි රටට තියෙන ලොකුම ප්‍රශ්නය.
දේශපාලකයන්ගේ ආකාරය ගැන ඔවුන් ජනතා බදු මුදල් වාෂ්ප කිරීම ගැන, සැබවින්ම ඔබ අසතුටින් නම් ඒවා සම්බන්ධයෙන් දැනුවත්වීම පිරිමි දරුවන්ට වැරහැලි කලිසමක් එලලීම හෝ ගැහැණු දරුවකුට යකඩ වැඩ ඉගැන්වීමට වඩා පහසුවෙන් කල හැකිය. දේශපාලනයට පිවිසීම කිසිදු සුදුසුකම් නො සොයන සමාජයක ' මහා ඇමති විය යුත්තේ කවුද යන්න ප්‍රශ්නයක් නොවේ. ගුරුවරියක දැනගස්විම , ඔහුගේ අනුගාමික මුද්ධයින්ට , උතුර ජයගත් සපුමල් කුමාරයාගේ වීරත්වයට වඩා වැඩි යාමකි. අපේ අනාගත ජීවිතය, ගාල කඩාගත් පට්ටියට වැටුණු කුළු හරකුන්ට බාර දී මොවුන් හැසිරෙන්නේ මෙසේද යන්න විමසීම සරදමකි.