(විනීතා එම් ගමගේ)
ලෝක සෞඛ්‍ය සංවිධානය 2015 වසරේ දී ග්ලයිෆොසේට් පිළිකා කාරකයක් ලෙස නම් කොට ඇතැයි කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, නිව්යෝක් හි මෙට්‍රොපොලිටන් රෝහලේ වෛද්‍ය අධිකාරී, ලෝක බැංකුව හා යුනිසෙෆ් සංවිධානවල උපදේශකවරයෙකු වන වෛද්‍ය සරත් ගුණතිලක මහතා ප‍්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවෙන් ලබා ගත් සාම්පල පිළිබඳව ඇමරිකාවේ කළ පළමු පරික්ෂණයේ දීම මෙරට වකුගඩු රෝගයට හේතුව ග්ලයිෆොසේට් බව තහවුරු කරගත් බව ද ගුණතිලක මහතා ප‍්‍රකාශ කළේය.
ඒ පිළිබඳව පළමු පර්යේෂණ පත‍්‍රිකාව පළවූ පසු තමන් සේවය කරන කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට මෙරට විද්වතුන් 12 දෙනෙකු විසින් පෙත්සම් යවා ඇති බවත් ඒ පෙත්සම්වලට පිළිතුරු ලෙස පිටු හැට අටක ලිපියක් ලිවීමට තමන්ට සිදුවූ බවත් ගුණතිලක මහතා පැවැසීය.
ග්ලයිෆොසේට් නිපදවන මොන්සැන්ටෝ සමාගමට මේ වන විට සැන් ප‍්‍රැන්සිස්කෝ නුවර අධිකරණවල පමණක් නඩු 400 කට වඩා පවරා ඇති බවත් ඇමරිකාවේ අධිකරණවල නඩු දහසකට වඩා ඇති බවත් හෙතෙම කියා සිටියේය.
ග්ලයිෆොසේට් පිලිකා කාරකයක් බවට මුල් වරට සැක පළ කළේ 1985 දි ඇමරිකානු පරිසර දෙපාර්තමේන්තුව විසින් බව පැවසූ ගුණතිලක මහතා එය සී වර්ගයට අයත් පිළිකා කාරකයක් බව පසුව සොයා ගත් බව ද පැවැසීය.
ග්ලයිෆොසේට්, මේස ලූණුවලටත් වඩා සුරක්ෂිතයැයි එකී සමාගම පළ කළ දැන්වීමකට එරෙහිව පැවරූ නඩුවකින් එම සමාගමට ඩොලර් 50000 ක් දඩ ගෙවීමට සිදුවූ බවත්, 2012 වසරේ දී එවැනි දැන්වීමකට එම සමාගමටම බ‍්‍රසීලයේ දී ඩොලර් 250000 ක් දඩ ගැසූ බවත් මහාචාර්යවරයා එළි කළේය.
යුරෝපීය පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ මුත‍්‍රා සාම්පල පරික්ෂා කිරීමේ දී ජලයේ ඇති ග්ලයිෆොසේට් ප‍්‍රමාණය මෙන් 13 ගුණයක් එම සාම්පල වල ග්ලයිෆොසේට් තිබු බව ද හෙළි වී ඇතැයි හෙතෙම පැවැසීය.
මව්කිරිවල පවා ග්ලයිෆොසේට් අඩංගු බව මේ වනවිට හෙලිවී ඇතැයි පැවසූ ගුණතිලක මහතා ග්ලයිෆොසේට් නිසා පිලිකා වකුගඩු රෝග පමණක් නොව ස්මරණය අඩු වීම, දියවැඩියාව,ඔටිසම් තත්ත්වය වැනි රෝග රැසක් ඇතිවිය හැකි බව පර්යේෂණවලින් තහවුරු වී ඇතැයි ද කීය.
මහාචාර්යවරයා මේ අදහස් පළ කළේ උපාය මාර්ගික සංවර්ධන ආයතනයේ (සෙමා) අද (05)පැවැති ප‍්‍රසිද්ධ දේශනයක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හත්දෙයියනේ ????? පසුගිය දවස්වල් අපට ග්ලයිෆොසේට් නැතුව වැසිකිලි යන්නත් බැහැ වගේ " කියල නේද සමහර ඉගෙනගත්ත ඔස්තාර්ලා කියල කියාගත් අය මහහඩින් රට දෙවනත් වෙන්න කෑමොර දුන්නේ ???
මව්කිරි වල ග්ලයිෆොසෙට් තියෙනවා? මොන බොරුද. අවුරුදු දහස් ගාණක් තිස්සේ ළමයි බිව්වේ මව් කිරි. පිටි කිරි සමාගම් හදන්නේ බොරු ප්‍රචාර හදලා ළමයින් මව් කිරි බොන එක නවත්වන්නයි. 1970 දශකයේ නෙස්ලේ සමාගමත් මේ වගේම වැඩක් කරා. මේක නිසා අප්‍රිකාවේ ළමයි සියගණනකට වඩා මැරුණා..
දේශපාලකයන් හිතන හැටි... ග්ලයිෆොසේට් පිළිකා කාරකයකි. ශ්‍රී ලංකාවෙන් ලබා ගත් සාම්පල පිළිබඳව ඇමරිකාවේ කළ පළමු පරික්ෂණයේ දීම මෙරට වකුගඩු රෝගයට හේතුව ග්ලයිෆොසේට් බව තහවුරු කර ඇත. මව්කිරිවල පවා ග්ලයිෆොසේට් අඩංගු බව මේ වනවිට හෙලිවී ඇත. මොන්සැන්ටෝ සමාගමට එරෙහිව ලොවපුරා අධිකරණ වල නඩු දහස් ගණනක් පවතී. දසදහස් ගණනින් දඩ ගෙවා ඇත. එනමුදු, ග්ලයිෆොසේට් මේස ලූණුවලටත් වඩා සුරක්ෂිතයැයි එම සමාගම පවසන බැවින් ලංකාව තුළ තහනම ඉවත්කිරීමට කටයුතු යොදමින් පවතී.
කෝකටත් ඔලුව වනන්න හැකි උතුමාණනි දැන් වත් අවදි වන්න.
පහුගිය දවස් වල, ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන්න, පුදුම උනන්දුවකින් වැඩ කරපු අය , දැන් මොකද කියන්නේ ?
රතන හාමුදුරුවනේ ඔන්න වෙලාව. දෙන කිසි එකෙකුට කතා කරන්ට දෙන්ට එපා ග්ල්ය්ෆොසෙට් ගැන.
රට නුසුදුසු පාලනය බරගත්විට මේවා තමයි සිදුවෙන්නේ .
අම්මලා කන කෑම වල අන්තර්ගත දේවල් මව් කිරිවල අන්තර්ගත වෙනවා. ඒ නිසා අපි කන ආහාර වල තියෙන කෘමිනාශක වල්නාශක වුනත් ඒ විදියට මව්කිරිවලට යන්න පුලුවන්. ඒ නිසයි මව්කිරි දෙන අම්මලාට සමහර බෙහෙත් වර්ග වර්ග නොදෙන්නෙ. මේකෙන් අදහස් කරන්නේ නෑ මව්කිරි වෙනුවට පිටි කිරි දෙන්න ඕනේ කියලා මොකද පිටි කිරිවල ඊට වඩා අහිතකර සංයෝග අඩංගු වෙනවා. ඒ නිසා පුලුවන් තරම් ආහාර ගන්න කොට අම්මලා සැලකිලිමත් වෙන එක වැදගත්.
ග්ලයිෆොසෙට් තහනම් නොකරපු රටවල් තව අතලොස්සයි තියෙන්නේ. ඕක ඕනේ කියල කෑගහන්න ගොවියෝ නොවෙයි. කුට්ටිය බෙදාගන්න කට්ටිය
මිනිස්සුන්ව ලෙඩ කරන්නේ මේ රටේ දේශපාලකයෝ. රතන හමුදුරන්ට බොහොම පින් ඔබ වහන්සේ කරපු දැනුවත් කිරීම් වලට
ග්ලයිෆොසෙට් ඕනේ කියන අය මවකිරි නොබිව් නිසා ඔවුනට ප්‍රස්නයක් නැත.
වහාම ග්ල්යිපොසෙට් තහනම් කොට,සියලු වගාවන් සඳහා ඒවා නොදීමට පියවර ගත යුතුයි. නැතහොත්,වෙන්නේ මහා විනාශයක්.