( සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස සිංගප්පූරු පුරවැසියෙක් පත් කළේ කවුරුන්දැයි ජනාධිපතිතුමා රටට ප්‍රකාශ කළ යුතු බවත් මහබැංකු වංචාවෙන් රටට වු පාඩුවේ වගකීමෙන් ජනාධිපතිවරයාට ද කිසිසේත්ම මිදිය නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය.
ආණ්ඩුවෙන් ජනතාවට වැරදි නිවැරදි කර ගැනීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් කරගෙන ජාතික ආණ්ඩු අටමගල අවසන් කළ යුතු බවත් කී සමරවීර මහතා අර්ජුන ඇලෝසියස්ගෙන් ජරාව කාපු 118 දෙනාගේ ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද ජනාධිපතිවරයාගේ වගකීම බවත් ප්‍රකාශ කළේය.
සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ එම පක්ෂ මුලස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදිය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.