( සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස සිංගප්පූරු පුරවැසියෙක් පත් කළේ කවුරුන්දැයි ජනාධිපතිතුමා රටට ප්‍රකාශ කළ යුතු බවත් මහබැංකු වංචාවෙන් රටට වු පාඩුවේ වගකීමෙන් ජනාධිපතිවරයාට ද කිසිසේත්ම මිදිය නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය.
ආණ්ඩුවෙන් ජනතාවට වැරදි නිවැරදි කර ගැනීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් කරගෙන ජාතික ආණ්ඩු අටමගල අවසන් කළ යුතු බවත් කී සමරවීර මහතා අර්ජුන ඇලෝසියස්ගෙන් ජරාව කාපු 118 දෙනාගේ ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද ජනාධිපතිවරයාගේ වගකීම බවත් ප්‍රකාශ කළේය.
සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ එම පක්ෂ මුලස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමාගේ වෑයම තමුන් දින සීයේ වැඩපිළිවෙල වගේම මහ බැංකු හොරකමත් නොදන්නා බවයි...... එහි අදහස තමුන් ජනාධිපති පුටුවේ තිබ්බ වගේම එජාපය තමුන් ගොඩ දාගෙන යායුතු බව නොවේද ? එසේ නොවුණු කල එහි වගකීම වෙනෙකුට තල්ලු කිරීමට උත්සාහ කිරීම හරිද ? සියල්ල හොඳින් සිදුවුයේ නම් දින සීයත් ඔහුගේ මහා බැංකුවත් ඔහු යටතේ.
ජනාධිපති පමණක් නොවේ අනෙක් 225 ම වගකිව යුතුයි ?? මක්නිසාදයත් විපක්ෂයේ යයි කියා ගන්න වැඩි දෙනෙකු මෙම වංචාව පිළිබඳව නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම සහ ජරාව කාපු අර මොනවද ගිලපු පිරිසක්සේ සිටීම එකී මෙකි සියල්ලෙන්ම ගම්‍ය වන්නේ 225 ම ලංකා මාතාවගේ රීරිමාංශ ගිල දැමු බවක් නොවේද ???
ඔක්කොම දන්නවා .දන් නැතුව ඉන්න හොඳට දන්නවා .අපිත් ඉතින් කට අර ගෙන බලා ඉන්නවා.........
මහබැංකු වංචාවෙන් රටට සිදු වු පාඩුවට ජනපතිත් වගකිව යුතුයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැත.