(මනෝප‍්‍රිය ගුණසේකර)
කොළඹ කුරුඳුවත්තේ සිය නිවසට විදුලිය හොරෙන් ලබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් ද්විත්ව පුරවැසිභාවය සහිත මහා පරිමාණ ව්‍යාපාරිකයකුට රුපියල් 10,000ක දඩයක් නියම කළ මාලිගාකන්ද අතිරේක මහෙස්ත‍්‍රාත් අරුණි ආටිගල මහත්මිය විදුලිය හොරෙන් ලබා ගැනීම හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවු රුපියල් ලක්‍ෂ 16කට අධික පාඩුව ගෙවීමටද විත්තිකරුට අද (12) නියම කළාය.
වායු සමීකරණ යන්ත‍්‍ර හතක් සහ වතුර උණුකරන යන්ත‍්‍ර තුනක් ඇති විත්තිකරුගේ නිවසේ විදුලි බිල වශ්‍යයෙන් පසුගිය වසර ගණනාවක කාලයක් ගෙවා ඇත්තේ රුපියල් 2,000 ක පමණ බිලක් බවත් ඉන් ලංකා විදුලි බල මණ්ඩලයට විශාල පාඩුවක් සිදුවී ඇති බව කියමින් ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ යසන්ත පෙරේරා මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහෙස්ත‍්‍රාත්වරිය එලෙස නියම කළාය.
ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවු පාඩුව වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්‍ෂ 16ක මුදල කොටස් තුනකින් ගෙවීමට විත්තිකරුට අවසර දෙන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තිලක් අත්තනායක මහතා ඉල්ලා සිටියත් ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ යසන්ත පෙරේරා මහතා ඊට විරුද්ධත්වය පළ කරමින් ද්විත්ව පුරවැසිභාවය හිමි මහා පරිමාණ ව්‍යාපාරිකයකු වන විත්තිකරු මෙම නිවස විකුණා දමා රටින් පිටව යෑමට හැකියාව ඇතැයි කියමින් ඉදිරිපත් කළ කරුණු පිළිගත් මහෙස්ත‍්‍රාත්වරිය ලංකා විදුලි බල මණ්ඩලයට සිදුවු රුපියල් 1,606,487. 26ක පාඩුව වහාම ගෙවීමට විත්තිකරුට නියම කළාය.
චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ 07, බුලර්ස් පටුමගේ පදිංචි ලක්සිරි ද සිල්වා මහතාටය.
විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමණාකාර ඉන්දික ප‍්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරී ගාමිණි ප‍්‍රනාන්දු සහ සහකාර විමර්ශන නිලධාරීන් වන අධිකාරි පුෂ්පකුමාර සහ චානක යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අනිත් මිනිසුන්ටත් මේවගේ කරුණාව පෙන්වනවා නම් කවුරුවත් විදුලීබිල ගෙවන එකක් නැහැ.
නොදකිං මේවගේ හිගන්නොද ද්විත්ව පුරවැසිභාවය සහිත මහා පරිමාණ ව්‍යාපාරිකයකු කියන්නේ ??? ලැජ්ජයි තු ........ විතරක් මහලොකු මහා පරිමානයේ ව්‍යාපාරිකයක. සාමාන්‍ය පුරවැසියන් වන අපට තිබෙන ගැටලුව මේ ද්විත්ව පුරවැසිභාවය සහිත මහා පරිමාණ ව්‍යාපාරික "හිගන්නා" හොරකම් කර ඇත්තේ මහජන දේපොළ නොවේද ?? කළු කබාවලටත් ලැජ්ජයි .....
අගය කල හැකි නඩු තීන්දුවක් ! මේකත් රාජ්‍ය දේපොළ සොරා ගැනීමක් වශයෙන් සැලකිය හැක. කවුරු කලත් හොරකම හොරකමකි. නමුත් මෙතැන වෙලා තිබෙන්නේ මහා පරිමාණ ධනවතෙක් කරලා තිබෙන හොරකමක් නිසා, දීපු දඩය නම් ඉතාම සුළු බවයි....
ද්විත්ව පුරවැසිබව තියන තව කීපදෙනෙක් ඉන්නවා.
ලජ්ජා භය තියෙන මිනිස්සුන්ට ගොඩක් ලොකු සල්ලිකාරයෝ වෙන්න බැහැ. ගොඩක් සල්ලි තියෙන මිනිස්සු තමයි ගොඩක් වංචා දූෂණ කරන්නේ.
හොරාට පාඩුව 10000 යි. ලක්ෂ 16 ක විදුලිබලය එයා පාවිච්චි කලානේ.
මේ වසල ක්‍රියාව කළ කම්බ හොරාගේ නම සඳහන් කල " ලංකාදීපය "ට ස්තුතියි.
අපි කවුරුත් එකතුවෙලා මේ 10000 මහා දඩ මුදල ගෙවන්න මේ අසරණයට උදවු කරමුද? රන්ජනුත් කීයක් හරි නොදා ඉන්න එකක් නැහැ.
බයිසිකල් , ත්‍රිරෝද කරුවන්ගේ නඩුව ඉවරවී දඩය ගෙවන තුරු වසා තබනවා නේද ? මොහුටත් එහෙම කලාද ?
අහිංසක ළමයෙක් අඹ ගෙඩියක් කඩා ගත්තනම් විනිසුරු වරියගේ තීන්දුව කුමක් වේවිද ??
ඔය මනුස්සසයට වැඩි ගානක් නොවුනත් නිතිය අකුරටම වෙන්න ඕනේ . තව ඉන්නවා හොඳ හොඳ වැඩ දෙන කට්ටිය .එයාලටත් ඔහොමම නිතිය තියෙන්න ඕනේ .එතකොට තමා මිනිස්සුන්ට දැනෙන්නේ
මොහු ඔස්ටෙලියාවටත් සම්බන්ධ කෙනෙකු විය යුතු යයි මා සිතනවා. ඒක හරි නම් , මිනිහ නොයෙක් තැන් වලට ජිල්මාට් දාපු පොලු කිං කෙනෙක් කියල තමයි අහල තියෙන්නේ.