දඹුල්ල නව රෝහල ඉදිකිරිම සදහා රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අයත් දඹුල්ල ජය මාවතේ පිහිටි අක්කර 05 ක භුමි භාගයක් ලබාදීමට රංගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාර මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ සිරි රාහුල නාහිමියන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පොරොන්දු වූහ.
ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා නාහිමියන් හමු වී මේ පිළිබදව සාකච්ඡා කළ අවස්ථාවේ දීය.
මෙම හමුව රංගිරි දඹුලු රජමහා විහාරයේ දී පසුගියදා පැවැත්විණි.
ප්‍රංශ රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 7000 ක මුදලක් වැය කරමින් නව රෝහල ඉදිකිරීමට නියමිතය.
දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මලික රෝහලේ පවතින තදබදය සහ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා නව රෝහල ඉදිකිරිමට සෞඛ්‍ය අඅමාත්‍යවරයා තීරණය කර ඇත. ඒ අනුව මෙම නව රෝහල ඉදිකරන අතර, ඒ සදහා ඉඩමක් පරිත්‍යාග කිරීමට තමන් තීරණය කළ බව භාරකාර නාහිමියන් මෙහිදී පැවැසිය.
මෙහි මැනුම් කටයුතු ඉදිරියේ දී සිදු කරන බවත්, රෝහල කඩිනමින් ඉදි කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා නාහිමියන්ට දැනුම් දුන්නේය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම, දඹූල්ල නගාරාධිපති ජාලිය ඕපාත, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මී හේවා පතිරණ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යෝජිත දඹුලු නව රෝහලට රංගිරි දඹුලු විහාරයෙන් අක්කර 5ක්
rocky Monday, 04 June 2018 08:06 AM
ඉඩමේ ඔප්පුව ලියාපදිංචි කරන්න තියෙන්නේ දැන්ම........ නැත්තන් කවුරුහරි දේශපාලකයෙක් ඉඩම් කෑල්ලට හෙමින් සීරුවේ වැඩේ දීල ඒකේ හොටෙල් එකක් අටවාවී!