(කල්පිටිය පද්මා කුමාරි)
සමස්ත කල්පිටිය අර්ධද්වීපයේම බ්‍රහස්පතින්දා රාත්‍රියේදී සිට විදුලිය බිඳ වැටීම සහ කල්පිටිය අර්ධද්වීපයේ ජනතාව විදුලිබල මණ්ඩලයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට විරෝධය පාමින් 500 කට අධික ජනතාවක් නොරොච්චෝල ලක් විජය විදුලිබලාගාරය ඉදිරිපිට අද (8 වැනිදා) උදෑසන සිට විරෝධතාවක නිරත වෙති.
නොරොච්චෝල විදුලිබලාගාරයේ සේවක පිරිසක් රැගත් බස් රථයකට බලාගාරයට ඇතුල් වීමට ඉඩ නොදී මාර්ගය අවහිර කරමින් ඔවුහු මෙසේ විරෝධය ප්‍රකාශ කරති.
මේ නිසා බලාගාරයේ දෛනික කටයුතු අඩාල වී ඇති අතර මෙම නිලධාරීන්ගේ සේවය අත්‍යාවශ්‍ය බවත් මේ නිසා ඇති වන ප්‍රමාදය ජාතික වශයෙන් නොරොච්චෝල විදුලි නිෂ්පාදනයට බලපාන බව බලාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා සිටියේය.
නොසන්සුන්කාරී ස්ථානයට කල්පිටිය සහකාර පොලිස් අධිකාරීවරයා පැමිණි අතර උද්ඝෝෂණකයන් දහ දෙනෙකු හා විදුලිබල මණ්ඩල සේවකයන් අතර සාකච්ඡාවක් ලබා දෙන බවට පොරොන්දු වී ඇත.
නමුත් උද්ඝෝෂකයන් පවසා සිටියේ විදුලි බල මණ්ඩලය අත්තනෝමතික ලෙස විදුලිය කප්පාදු කරමින් කල්පිටියේ ධීවර සහ ගොවි ජනතාව ප්‍රාණ ඇපකරුවන් බවට පත් කරමින් කරන ලද ද්වේශ සහගත ක්‍රියාව නවත්වන බවට වගකිව යුතු නිලධාරිනේගෙන් පොරොන්දුවක් ලබා දෙන තුරු උද්ඝෝෂණයේ නිරත වන බවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නොරොච්චෝල විදුලි බලාගාරයට යන එන මං අහුරති
Mahee Friday, 08 June 2018 04:21 AM
අපේ රටේ ආණ්ඩුවක් කියල දෙයක් තියෙනවද කියලයි මං මේ කල්පනා කලේ. නීතියක් නැති බව නම් මං දන්නවා, ඒත් ආණ්ඩුවක්?
Hafeel Friday, 08 June 2018 07:14 AM
විෂය බාර ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමතිලා ඉඳලත් වැඩක් නැහැනේ. රටේ පරිපාලනය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. එදා මම මේ පිටුවේ අදහස් පල කළා "අද රට නූල් කැඩිච්ච සුරංගල් වගේ" කියල.