(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරය බාර ගන්නේ නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අනුශාසකවරයකු ලෙස පත් කිරිමට ශ්‍රීලනිප විධායක සභාව හා සමස්ත ලංකා කාරක සභාව තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද (3) රැස්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාවේ දී මෙම තීරණය ගැනිණ.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරුන් ලෙස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ හිටපු අගමැති දි.මු.ජයරත්න මහතා පත්කරනු ලැබ ඇත.
පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති වරු ලෙස නිමල් සිරිපාල සිල්වා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරු පත් කරනු ලැබ සිටිති.
පක්ෂයේ උප සභාපතිවරුන් ලෙස ආචාර්ය සරත් අමුණුගම, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, රෙජිනෝල්ඩ් කුරේ, පියසේන ගමගේ, මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරු පත්කරනු ලැබ සිටිති.
උප ලේකම්වරු ලෙස රංජිත් සියඹලාපිටිය, සුමේධා ජී ජයසේන යන මහත්ම මහත්මීන් පත්කරනු ලැබ තිබේ.
පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා මෙම තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත්කර ඇති අතර එම තාවකාලික නිලධාරි මණ්ඩලයේ සහභාගීත්වයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට තීරණය කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුශාශක තනතුරට චන්ද්‍රිකා මහත්මිය හිටියම ඇතිනේ, එයාලගේ පක්ෂය නිසා. 2015 සිට මේ දක්වා පක්ෂේ ලබපු " ප්‍රගතිය " එයා නිසානේ. මහින්ද මහත්තයට 2015 දී ම වෙනම ඉල්ලුවේ නැති එකේ පාඩුව දැන් හොදටම පෙනෙන්න තියෙන නිසා , ඔය තනතුරු බාරගෙන අනුන්ගේ කුණුගොඩවල් කරේ දාගන්න ඕනේ නැහැ.
තාමත් මහින්ද මහත්තයා නැතුව දිනන්න බැහැ නේද? කිව්වේ නම් එයා නැතුව අපිට පුළුවන් කියලනේ.
එතකොට අර "හොරු අල්ලන්න හිරගෙවල්වල පොලව පලාගෙන අවීචි මහ නරකාදියට හරි යන්න මම පසුබට වෙන්නේ නැහැ" කියල කියපු කතාවත් හෙලිකොප්ටර් දුන්න කතාව වගේ දෙබිඩි කියමනක්ද ?
මොකටද එතුමාගේ අනුශාසනා. රනිල්ව ඒ තණතුරට පත් කලානම් වඩා සුදුසුයි නේද ? බැරිවෙනකොට අන්තීමේදී කියයි පක්ෂ නායකකමත් ගන්න කියලා.
ගිලෙන නැවට මොන මීයද පනින්නේ?
මස් කුට්ටිය අත ඇරලා මී කුනකට ඔට්ටු වෙන්න තරම් එතුමා මෝඩ නෑ.
මෙන විකාරද ලක්ෂ 45 ක් ගත්ත මල් පොහොට්ටුව තියෙද්දී අපේ මහින්ද මහතයාට ලක්ෂ 14 ක් ගත්ත පක්ෂෙක මොන අනුශාසක කමක්ද? .මොලේ අමාරුවක් නෑ අපේ හිටපු ජනාධිපති තුමාට ...!!!
මහින්ද මහත්තයෝ, පක්ෂේ දිනවන්න නෙමේ අපිට ඕන. ඔබතුමා රට දිනවන මතේ ඉන්නකන් මේ රටේ මිනිස්සු ඔබතුමා මොන පක්ෂේ හිටියත් ඔබතුමා පසුපස පෙළ ගැසේවි. එම නිසා මෙවන් උගුල් වලට අහු වෙන්න එපා.
මේ කට්ටියගේ සැලසුම පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපයට වැටුණු ඡන්ද ලක්ෂ දහතුන කොහොමහරි ඊළඟ මැතිවරණයේදී පොහොට්ටුවට වැටෙන එක වළක්වාගන්න. මොකද මහින්ද මහත්තයට ශ්‍රීලනිපයට එන්න කිව්වා ආවේ නැහැ එම නිසා ඔබල ශ්‍රීලනිපය දාල යන්න එපා කියන්න පුළුවන් නේ. එතුමාට අනුශාසක නෙවේ සභාපති තනතුර බාර දෙන්න. ජනාධිපතිතුමාට ජනාධිපති තනතුරේ වැඩටික කරගෙන යන්න පුළුවන්නේ එතුමා පත්කරන්න සහයෝගය දුන්නු එජාපයට ගරහන්නේ නැතුව. රවුලයි කැදයි දෙකම බැහැනේ .
පොහොට්ටුවේ විශාල බලයක් තියෙද්දී මහින්ද මහත්තයා මොකටද, අන්ත පරාජිත වූ පක්ෂයක අනුශාසකකමට යන්නේ. අප එතුමාව සහ පොහොට්ටුව විවේචනය කරන්නේ තම වැරදි හදා ගැනීම පිණිසයි.
අරයා හැරෙන්නේ පොල් පැලේ කන්න වගේ