IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මහින්ද එනවානම් ශ්‍රීලනිපයේ අනුශාසක තනතුරක්

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරය බාර ගන්නේ නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අනුශාසකවරයකු ලෙස පත් කිරිමට  ශ්‍රීලනිප විධායක සභාව හා සමස්ත ලංකා කාරක සභාව තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද (3) රැස්වු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාවේ දී මෙම තීරණය ගැනිණ. 

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරුන් ලෙස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ හිටපු අගමැති දි.මු.ජයරත්න මහතා  පත්කරනු ලැබ ඇත. 

පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති වරු ලෙස නිමල් සිරිපාල සිල්වා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරු පත් කරනු ලැබ සිටිති.

පක්ෂයේ උප සභාපතිවරුන් ලෙස ආචාර්ය සරත් අමුණුගම, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, රෙජිනෝල්ඩ් කුරේ, පියසේන ගමගේ, මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරු පත්කරනු ලැබ සිටිති.

උප ලේකම්වරු ලෙස රංජිත් සියඹලාපිටිය, සුමේධා ජී ජයසේන යන මහත්ම මහත්මීන් පත්කරනු ලැබ තිබේ.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු  සඳහා මෙම තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත්කර ඇති අතර  එම තාවකාලික නිලධාරි මණ්ඩලයේ සහභාගීත්වයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට තීරණය කෙරිණි. 



අදහස් (11)

මහින්ද එනවානම් ශ්‍රීලනිපයේ අනුශාසක තනතුරක්

Senarath Sunday, 03 June 2018 07:43 AM

අනුශාශක තනතුරට චන්ද්‍රිකා මහත්මිය හිටියම ඇතිනේ, එයාලගේ පක්ෂය නිසා. 2015 සිට මේ දක්වා පක්ෂේ ලබපු " ප්‍රගතිය " එයා නිසානේ. මහින්ද මහත්තයට 2015 දී ම වෙනම ඉල්ලුවේ නැති එකේ පාඩුව දැන් හොදටම පෙනෙන්න තියෙන නිසා , ඔය තනතුරු බාරගෙන අනුන්ගේ කුණුගොඩවල් කරේ දාගන්න ඕනේ නැහැ.

:       464       637

dasun Sunday, 03 June 2018 07:55 AM

තාමත් මහින්ද මහත්තයා නැතුව දිනන්න බැහැ නේද? කිව්වේ නම් එයා නැතුව අපිට පුළුවන් කියලනේ.

:       92       199

sirimal Sunday, 03 June 2018 08:01 AM

එතකොට අර "හොරු අල්ලන්න හිරගෙවල්වල පොලව පලාගෙන අවීචි මහ නරකාදියට හරි යන්න මම පසුබට වෙන්නේ නැහැ" කියල කියපු කතාවත් හෙලිකොප්ටර් දුන්න කතාව වගේ දෙබිඩි කියමනක්ද ?

:       0       112

Thilina Sunday, 03 June 2018 08:25 AM

මොකටද එතුමාගේ අනුශාසනා. රනිල්ව ඒ තණතුරට පත් කලානම් වඩා සුදුසුයි නේද ? බැරිවෙනකොට අන්තීමේදී කියයි පක්ෂ නායකකමත් ගන්න කියලා.

:       57       146

siri Sunday, 03 June 2018 08:43 AM

ගිලෙන නැවට මොන මීයද පනින්නේ?

:       61       166

Suranga Bandara Sunday, 03 June 2018 08:52 AM

මස් කුට්ටිය අත ඇරලා මී කුනකට ඔට්ටු වෙන්න තරම් එතුමා මෝඩ නෑ.

:       107       291

irantha Sunday, 03 June 2018 08:59 AM

මෙන විකාරද ලක්ෂ 45 ක් ගත්ත මල් පොහොට්ටුව තියෙද්දී අපේ මහින්ද මහතයාට ලක්ෂ 14 ක් ගත්ත පක්ෂෙක මොන අනුශාසක කමක්ද? .මොලේ අමාරුවක් නෑ අපේ හිටපු ජනාධිපති තුමාට ...!!!

:       119       312

manoj Sunday, 03 June 2018 09:04 AM

මහින්ද මහත්තයෝ, පක්ෂේ දිනවන්න නෙමේ අපිට ඕන. ඔබතුමා රට දිනවන මතේ ඉන්නකන් මේ රටේ මිනිස්සු ඔබතුමා මොන පක්ෂේ හිටියත් ඔබතුමා පසුපස පෙළ ගැසේවි. එම නිසා මෙවන් උගුල් වලට අහු වෙන්න එපා.

:       174       385

sunil Sunday, 03 June 2018 10:35 AM

මේ කට්ටියගේ සැලසුම පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපයට වැටුණු ඡන්ද ලක්ෂ දහතුන කොහොමහරි ඊළඟ මැතිවරණයේදී පොහොට්ටුවට වැටෙන එක වළක්වාගන්න. මොකද මහින්ද මහත්තයට ශ්‍රීලනිපයට එන්න කිව්වා ආවේ නැහැ එම නිසා ඔබල ශ්‍රීලනිපය දාල යන්න එපා කියන්න පුළුවන් නේ. එතුමාට අනුශාසක නෙවේ සභාපති තනතුර බාර දෙන්න. ජනාධිපතිතුමාට ජනාධිපති තනතුරේ වැඩටික කරගෙන යන්න පුළුවන්නේ එතුමා පත්කරන්න සහයෝගය දුන්නු එජාපයට ගරහන්නේ නැතුව. රවුලයි කැදයි දෙකම බැහැනේ .

:       158       150

Sapumal. Sunday, 03 June 2018 01:27 PM

පොහොට්ටුවේ විශාල බලයක් තියෙද්දී මහින්ද මහත්තයා මොකටද, අන්ත පරාජිත වූ පක්ෂයක අනුශාසකකමට යන්නේ. අප එතුමාව සහ පොහොට්ටුව විවේචනය කරන්නේ තම වැරදි හදා ගැනීම පිණිසයි.

:       0       240

Bamunuarachchi Monday, 04 June 2018 05:51 PM

අරයා හැරෙන්නේ පොල් පැලේ කන්න වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාඨලීගේ පෙත්සම විසි වෙයි
2025 මැයි මස 09 344 0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ


‘‘ඉන්දු පකිස්ථාන ගැටුම්වලට අපේ ගුවන බෑ‘‘
2025 මැයි මස 09 326 0

ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය


රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය
2025 මැයි මස 09 77 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පාකිස්තාන ප්‍රහාරයකින් ඉන්දියානුවන් 16ක් මරුට
2025 මැයි මස 09 755 0

පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස්


දැරිය පැහැර ගන්න හැදු සැකකරු රඳවාගන්න අවසර
2025 මැයි මස 09 190 0

කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට තැත් කළේ යැයි අත්අඩංගුවට පත් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත


මාස හතරට ඝාතන 29ක්
2025 මැයි මස 09 105 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගම මෙම වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් 43 කින් 29 ක් ඝාතනයට ලක්ව ඇතැය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1221 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 307 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1337 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site