(කුෂාන් ජයවර්ධන)
විජිතපුරයට අයත් එළාර රජුගේ බලකොටුවේ පිහිටි බැලූම්ගල නම්වූ පුරා විද්‍යා ස්ථානය ඩොසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ නිමවන්නටත් පෙර විජිතපුර ප‍්‍රදේශයේම පිහිටි දුටුගැමුණු රජුගේ බල කොටුවට අයත් බවට සැළකෙන පුරාවිද්‍යා ස්ථානයක්ද බැකෝ යන්ත‍්‍රයක් යොදා ඉකුත් දා ඩෝසර් කර එළි පෙහෙළි කිරීමට කිසියම් පිරිසක් කටයුතු කර තිබේ.
එම අනවසර හෙළි කිරීම සිදුවන අවස්ථාවේ ඒ ගැන සොයා බැලීමට එහි ගිය අංක 493 විජිතපුර සිවිල් ආරක්ෂක කමිටු ලේකම් නලින් විජේසිංහ මහතාට එම ස්ථානයේ සිටි චීවරධාරියකු විසින් පහරදීමක්ද සිදුකර තිබිණි. එම පහරදීම සම්බන්ධයෙන් නලින් මහතා ඉපලෝගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අංක 493 විජිතපුර සිවිල් ආරක්ෂක කමිටු ලේකම් නලින් විජේසිංහ මහතා මෙසේ පැවසීය.
ඉකුත් 27 වැනි දා දුටුගැමුණු ආරණ්‍ය සේනාසනයේ පිහිටි පුරාවිද්‍යා භූමියේ ඩෝසර් යන්ත‍්‍රයක් ක‍්‍රියාකරවන හඬ මට ඇසුනා මගේ නිවස තියෙන්නේ එම භූමියට යාබදවයි. එතැන වෙන්නේ මොකක්ද කියලා බලන්න මම එතැනට ගියා. මම ග‍්‍රාම නිලධාරීවරයාත් දැනුම්වත් කරලයි එතැනට ගියේ. ඒ යනකොට චීවරධාරියෙක් සහ තවත් අයෙක් බැකෝ යන්ත‍්‍රක් ගෙනල්ලා පුරාවිද්‍යා භූමිය සහිත කැලෑව ඩෝසර් කරමින් තිබුණා.
මම ඇහැව්වා ඇයි මෙතැන ඩෝසර් කරන්නේ කියලා එතැන හිටපු චීවරධාරියකු කිව්වා ආරණ්‍යයට යන්න පාරක් කපනවා කියලා. ආරණ්‍යයට යන්න පාරවල් තියෙනවා. ඒ නිසා මට මේ සිද්ධිය ගැන සැක හිතුනා. ඒ නිසා මම චීවරධාරියාගෙන් ඇහැව්වා මෙතැන එළිකරන්නේ නීත්‍යාණුකූල අවසරයන් අරගෙනද කියලා. මොකද මෙතැන පුරාවිද්‍යා භූමියක් නිසා. ඒ වෙලාවේ ඒ චීවරධාරියා උඹ කවුද ඒවා හොයන්න කියලා මට පහර දුන්නා. අදාල දර්ශන මා පටිගත කර තිබෙනවා.
මෙතැන පුරාවිද්‍යා වටිනාකම් තියෙන තැනක් මෑත කාලීනවත් විවිධ කැණීම් කරලා තියෙනවා. බාහිර පුද්ගලයින් තමා මෙතැන වැඩිපුර ගැවසෙන්නේ. පිටපළාත් වලින් නන්නාදුරන සැක කටයුතු පිරිස් සුඛෝපභෝගී වාහන වලින් මෙතැනට එනවා යනවා. මෙතැන ඓතිහාසික වැදගත්කමක් තියෙන පුරාවිද්‍යාත්මක භූමියක් මේ ස්ථානය මතු පරපුර වෙනුවෙන් බේරා ගන්න එක කාගේත් යුතු කමක්.
පුරාවිද්‍යා වැදගත්කමක් තියෙන මෙම ස්ථානයේ ගල් තලා ආශ‍්‍රිතව විවිධ කැණීම් කරලා තියෙනවා. මෙහි තිබූ ඉපැරණී පිළීම පවා දැන් නැහැ. චීවරධාරියා මට කළ පහරදීම ගැන මම ඉපලෝගම පොලිසියට පැමිණීලි කර තිබෙනවා. මෙහෙම ගියොත් විජිතපුරයේ එළාර බලකොටුවයි දුටුගැමුණු බල කොටුවයි දෙකම ජාතියට නැති වෙනවා. මේ ස්ථානය ගැන බලධාරීන් මීට වඩා අවධානය යොමු කළ යුතුයි.
කෙසේ වෙතත් ඓතිහාසික වටිනාකමක් ඇති එම කඳුවැටිය ආශ‍්‍රිතව අලූතින් සිදුකරන ලද කැණීම් රැසක් ද නිධන් හොරුන්ගේ ග‍්‍රහණයට නතුවී ඇති ස්ථාන රැසක් ද දැක ගැනීමට හැකි වේ. තවද පුරා විද්‍යාත්මක ස්ථාන ආශ‍්‍රිතව කොන්ක‍්‍රීට් යොදා සිදුකර ඇති මෑතකාලීන ඉදිකිරීම් කිහිපයක්ද එම භූමිය තුළ දැකිය හැකිය.
තමන්ට සිදුවූ පහරදීම සම්බන්ධයෙන් විජිතපුර සිවිල් ආරක්ෂක කමිටු ලේකම් නලින් විජේසිංහ මහතා සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිස් ස්ථානයට පැමිණීලි කිරීමට කටයුතු කර තිබිණි.
දුටුගැමුණු බලකොටුවේ සිදුව ඇති එම සිද්ධිය සම්බන්ධයෙන් අද (4) ඉපලෝගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු ආයතන කිහිපයක් එක්ව ඒකාබද්ධ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබේ.





විජිතපුර සිවිල් ආරක්ෂක කමිටු ලේකම් නලින් විජේසිංහ මහතා
විඩියෝ දර්ශන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කූබින්නේ තොපටත් රජෙකු ඉන්නේ, අපට නැත ඉන්නේ, ඒ නිසාවෙනි අපි තැවෙන්නේ...
මේවා අපේ මතු පරපුර වෙනුවෙන් රැක ගන්න ඕනේ. කරුණාකරලා නිසි බලදරයන් මේ පිළිබඳව අවදානය යොමු කරනවා නම් විශාල කර්ත්වයක් වෙනවා
78 න් පස්සේ රට පාලනය කරන්නේ රටට ආදරයක් ඇති පාලකයෝ නොවෙයි. රටේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන පුළුවන් තරම් ඉක්මණට ඩෝසර් කරලා සුද්දන්ට හෝටල් හදන්න ඕනා කියන සංකල්පයේ ඉන්නේ. ඒවගේම විකුණන්න පුළුවන් නම් ගල්කණු උනත් කමක් නැහැ කියලා හිතාගෙන ඉන්නේ, එහෙව් ජාතියකට කවදාවත් හරියන්නේ නැහැ.
බලන් යනකොට ලංකාවේ හැම තැනකම පුරා විද්‍යා වටිනාකම් ඇති ස්ථාන තියෙන්නෙ. මේව ඇයි දැන් මේ සාමාන්‍ය ජනතාව කියන්නෙ............මෙච්චර අවුරුදු ගාණක් යනකම් පුරා විද්‍යාඥයෝ මේව හොයල බැලුවේ නැද්ද?
සිංහලයාට රටකුත් නෑ අනාගතයකුත් නෑ කොහොමත් මතු පරපුරකුත් නෑ. දේශපාලුවන්ට පිංසිද්ධ වෙන්න.
දුටුගැමුණු වළගම්බා වැනි මහා රජවරු ගොඩනැගු මගේ මව්බිම ඩෝසර් කරලා අවසන් .අපේ දරුවන්ට ඉතිරිවන්නේ අගක් මුලක් නැති රටක්.
මෙවැනි චීවර ධාරීන් ගෙදර යැවිය යුතුයි. බුද්ධාගම, ජාතිය විනාශ කරන හොර චීවර ධාරීන් ශාසනයෙන් නෙරපිය යුතුයි. චීවරය දමාගෙන ප්‍රචණ්ඩ ක්‍රියා කරමින් ජවිපෙ වැනි මාක්ස්වාදීන්ට කඩේ යන චීවරධාරීන්ට දැඩි දඬුවම් දිය යුතුයි. මේ අය සිවුරු දමාගෙන සිවුරෙන් යැපෙමින් බුදු දහම විනාශ කරන්න ආපු අයයි. මහනායක හාමුදුරුවරුන් මේ යක්ෂයින්ගෙන් බුදුදහම බේරා ගැනීමට දැන්ම පියවර නොගන්නේ නම් ශාසනයේ පරිහානිය වැඩි ඈතක නොවේ.
මේ රට දැන් පත්වෙලා තියෙන්නේ මහා ඛේදනීය මට්ටමකටනේ.මේකට ඉදිරිපත් වූ මේ එඩිතර කෙනාට තරම්වත් උවමනාවක් වගකිය යුත්තන්ට නැහැනේ.හැබෑටම කව්ද මේ භික්ෂුන් වහන්සේ.........මොහු ගැන සංඝ සමාජය වහාම පියවරක් ගත යුතුයි. මේවා මේ දහම් දිවයිනක සිදුවියයුතු වැඩද ?
මේවත් වැඩද? මුළු සිංහල ජාතියම ඩෝසර් වුනත් කමක් නැහැ. සංහිඳියාව වෙනුවෙන් කියලා හිතන කියන සිංහලයෝ ටිකක් තවටිකකින් මෙතන ලියාවි... සිංහල ජාතිය ගැන නොසිතන 62 ලක්ෂයක් මේ රටේ ඉන්නවා. ඔවුනට විජිතපුරේ නොව සිංහල ජාතියම ඩෝසර් වුනාට කමක් නැත.
බුද්ධගයාවට බෝම්බ ගැසූ හතරදෙනාටම ජීවිතාන්තය දක්වාම හිරදඬුවම දීලා තිබෙන බව පුවත්පතක අද දැක්කා. ඉන්දියාව එහෙමයි උරුමය ආරක්ෂා කරන්නේ. ඉන්දියාවට සංහිඳියාවක් වැඩක් නැත. ඒකට අපේ සිංහලයෝ...
විජිතපුර බලකොටුව ඩෝසර් කිරීම සහ ජවිපෙ දේශපාලනය අතර ඇති සම්බන්ධය කුමක්ද? වසර 70ක් තිස්සේ අපේ මව්බිම ඩෝසර් කළ දේශපාලකයන් ගැන විමසිලිමත් නොවී විකාරරූපී රංගනයන්ගෙන් ඵලක් නැත.
ඉස්සර එළාර රජතුමාගෙන්වත් ඔහොම බලපෑමක් වෙන්න නැතිව ඇති .
යහපාලන කට්ටිය හිතන්නේ පුරා විද්‍යාත්මක ස්ථාන සංහිඳියාවට බාධාවක් කියලයි.
ඔවැනි අය ඕනා තරම් මේ රටේ ඉන්නවා. ශාසනය පමණක් නොවේ, රට ජාතිය, හා ඉතිහාස පුරා වස්තුත් විනාශ කරන. එදා අන්‍ය ආගමික සුද්දෝ වත් විනාශ නොකළ දෑ මේ අය විනාශ කරමින් සිටිනවා.
හලෝ කලණි, අපේ මව්බිම ඩෝසර් කරන්න ජවිපෙත් අනුග්‍රහය දැක්වූ කණ්ඩායමක්. මතක නැද්ද 71 සහ 88 අපේ සිංහල ජාතිය ඩෝසර් කරපු හැටි... කරපු විප්ලයකුත් නැහැ අපේ උගත් සිංහල කොල්ලෝ කෙල්ලෝ ටික විනාශ වුනා. පන්සලකට පල්ලියකට යන්නේ නැති කාලකන්නි මිනීමරු ජවිපෙ අපේ තරුණ හාමුදුරුවරු පාවිච්චි කරනවා ඒ අයගේ පැවැත්මට. මේ හාමුදුරුවරුන්ට එ්ක තේරෙන්නේ නැහැ. බංකොලොත් මාක්ස්වාදය ඕනේ නම් සිවුරක් දාගන්නේ මොකටද? ජාතියක් ආගමක් සංස්කෘතියක් හෝ කිසිම ප්‍රතිපත්තියක් නැති ජවිපෙ අපේ රටට පිළිලයක්. මොවුන් රෝ වැනි සංවිධාන සමග හොරෙන් කරපු ගනුදෙණු රටට හෙළි කළ යුතුයි. අනෙක් දේශපාලන පක්ෂ මෙන්ම ජවිපෙත් අපේ රටේ ජාතිය, බුද්ධාගම, සංස්කෘතිය විනාශ කරන්න හවුල් වුනා. මතක තියාගන්න සිංහලයාට තියෙන සහ අයිති එකම රට ලංකාවයි. අපේ සිංහල සංස්කෘතිය තියෙන්නේ ලංකාවේ...
ලොකුම හරක් ටික ඉන්නේ රාජ්‍ය සේවයේ.. මෙලෝ රහක් නැහැ. දේශපාලකයින් පිටින් දාලා... රටම නැති කරනවා ... දිසාපති කාර්යාලවල ඉන්නේ මෙවැනි අයද? මේ මිනිස්සු මාසේ පඩිය විතරක් ගත්තොත් ඇද්ද? මේවා නවත්තන්න පිට කොන්දක් නැද්ද? ලංකාව හැම පැත්තෙන්ම නැති කරනවා. මේකේ අනාගතේ ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. මේ රට හමුදාකරණය කරන්න ඕනෑ..
මේ ලිපියේ පැහැදිලිවම කියලා තියනවා මේ පුරාවස්තු සංහාරය සිදු කරන්නේ චීවරධාරියෙකු බව. ඒ සත්‍යය පෙනි පෙනී, මෙතන දේශපාලන කතා කියන මොලේ විතරක් නෙවෙයි ශරීරයේ අනිත් අවයවත් නැති අය ගැන කණගාටුයි.. මේ පින් බත් කන අය ඉන්නේ නීතියටත් ඉහළින්... පොලිසියටවත් අවනත නැහැ. තමන්ගේ රැලේ වුනත් පූජකයා, හොරෙක්, තක්කඩියෙක් නම් ඒ ගැන නොබියව කියන්න පුරුදු වෙන්න. නැත්නම් රට පමණක් නොවේ, කාලකන්නි ඔබලාත් දන්නෙම නැතිව විනාශ වෙනවා.
අනිච්චේ ශාසනේටත් ගිය කලක්! පළමුවෙන්ම මේ අසමජ්ජාති අය එලවා දැමීම සුදුසුයි.
රජයේ සේවකයෝ සේවය නොසලකන ජාතියක් කලෙත් දේශපාලකයෝ. නිලධාරීන්ගේ කොඳුකඩන ආණ්ඩු කියන ලිපිය කියවන්න.
ඓතිහාසික වටිනාකක් ඇති කිසිවක් ජාති, ආගම්, කුලමල නිසා විනාශකිරීම මුළු මහත් ශිෂ්ටාචාර ලෝකයම පිළිකුල් කරන්නකි. වසර 70ක් පමණ කාල පරාසයක් එක දිගට රැවටුන , වසර 2500 කට වැඩි සාඩම්බර ලිඛිත ඉතිහාසයක් හිමි, ජනතාවකට අනවශ්‍ය වේදනා, කලකිරීම් අත්කරදෙමින් ඔවුන්ගේ අතීත නටබුන් ඩෝසර් කරන දේශද්‍රෝහීන්ගේ ජඩකම් කතා කර විරෝධය පළ කරමු. එය වෙනත් මාතෘකාවට යොමුකිරිම නො මනාය. අපි උඩඟු සත්ත්ව කණ්ඩායමක් වෙමු. අපගේ තර්ක කිරීමේ හැකියාව සහ අන්‍යයන් හෙලාදැකීමේ කැමැත්ත නිසා චිම්පන්සියන්ට වඩා දෙවදුතයන්ට ලංව ඇති සිතන්නට හුරුව සිටිමු. .
මේ කට්ටිය චීවරය පොරෝගෙන ඉන්නේ සාසනේ රකින්න..................
පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති මේ ස්ථාන සංරක්ෂණය කරලා ජනතාවට පෙන්නුවානම් කොච්චර අදායමක් ගන්න පුලුවන්ද.. ඉතිහාසයේ දුටුගැමුණු වගේ උදාර රජවරුන් ගැන තියෙන ප්‍රබල සාක්ෂි. සිංහල ජාතියේ උරුමය.. ලෝකෙටම තියෙන උරුමයන් මේවා.. ඇයි මේවා එලි කරලා සංවර්දනය නොකරණේ... මතු පරම්පරාවට අපේ උරුමය