රංජන් කස්තුරි
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ දුරකතන සංවාද පැවැත්වූ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ නාමලේඛනය මේ සතිය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් ලේඛන අනුව එම නම් හෙළි කරන බවද කතානායකවරයා කීවේය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු සමඟ දුරකතන සංවාද පැවැත්වූ මැති ඇමැතිවරුන්ගේ නාම ලේඛනය තමාට ලබා දෙන්නැයි ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙන අතර එය ඉක්මනින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද කරු ජයසූරිය මහතා සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.