රංජන් කස්තුරි
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ දුරකතන සංවාද පැවැත්වූ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ නාමලේඛනය මේ සතිය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් ලේඛන අනුව එම නම් හෙළි කරන බවද කතානායකවරයා කීවේය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු සමඟ දුරකතන සංවාද පැවැත්වූ මැති ඇමැතිවරුන්ගේ නාම ලේඛනය තමාට ලබා දෙන්නැයි ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙන අතර එය ඉක්මනින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද කරු ජයසූරිය මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු අපිට ආදරේ කරන අපිටම සේවය කරන්න දගලන ජනතාවාදී, සමාජශීලි ආදර්ශවත් උත්තමයාණන්ලා ගොඩ...
සිංදුව මාරුවෙලා, කලින් කිව්වේ සල්ලි ගත්ත 118 කියලා නේද?
දැන් හදන්නේ සල්ලි ගත්ත අයගේ නම් නැතුව කෝල් ගත්ත අයගේ නම් දෙන්න වගේ.
මේ නොකියා කියන්නේ ගනුදෙනුවේ අඩු වැඩිය ගැන කතාකිරීමත් සාකච්ඡාවෙන් වැඩි මුදලක් ඉල්ලපු අයගේ නම් නොවේද ?
කොහෙද යන්නේ මල්ලේ පොල්..............සල්ලිගත්ත නම් ලැයිස්තුව වෙනුවට දුරකථන හුවමාරු ලැයිස්තුව ඉදිරිපත් කරන්නේ...................
අපිට කෝල් ගත්ත අයගේ නම් වැඩක් නෑ. ඇලෝසියස් ගෙන් සල්ලි ගත්ත අයගේ නම් ජනතාවට හෙළි කරන්න. මොකද ඔය කොමිසම ජනතාවගේ බදු සල්ලි කෝටි ගානක් වියදම් කරලා ගෙනාපු එකක්. ඒක නිසා ජනතාවට ඒකෙ තොරතුරු දැනගැනීමේ අයිතියක් තියනවා
අපිට ඕනේ සල්ලි ගත්තු අය ටික මිසක් කෝල් ගත්තු අය නෙමෙයි
අස්සයා ගියා මහත්වරුනි ඉස්තාලේ වහල වැඩක් නෑ. මොනවා කලත් ඔබතුමාලාට බලයේ ඉන්න ලැබෙන්නේ මේ අවුරුදු කීපය පමණයි.
කොහොම කොහොම හරි කට්ටිය ඔක්කොම එකතු වෙලා ඇලොසියස්ව ඉක්මනට නිදහස් කර ගන්නවා. ඒක තමයි වෙන්නේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.
කතා කල ලිස්ට් එකේ කිසි තේරුමක් තියනවද. ඒගොල්ල කියයි ඔව් කතා කළා මන් බෑ කිව්වා කියල. සල්ලි ගත්ත අයව හෙළිදරව් කරන්න ඕන............
දත්ත ගබඩාව ගිනි ගනීද දන්නේ නැහැ පාර්ලිමේන්තුවට එන්න ඉස්සර...සල්ලි ගත්ත අය නම් මේ කපේදී දැනගන්න ලැබෙන්නේ නැහැ...
සල්ලි දීපු කෙනා ඇතුලේ. ගත්තු අය එළියේ. සතුටුයිද දැන්. 77න් පස්සේ ආපු හැම කෙනාම කලේ හොරකම.
සල්ලි ගත්ත අයගේ ලැයිස්තුව දෙන්න වෙනවා. දැන් නම් කාලේ ඉවර වෙලා ගෙදර යන්නම වෙනවා.
සමන්... ප්‍රේක්ෂක ප්‍රතිචාර මත තැටිය මාරු කලෙමි.
කතා නායක තුමා ගේ නමත් අර කියපු ලයිස්තුවේ තියනවා නම් කොහොමද ඒක එලියට දාන්නේ? බාග වෙලාවට ජනාධිපති තුමාගේ නමත් ඇති.
පරිස්සමින් කරන්න . ඔබතුමාගෙ නමත් තියෙයි ද දන්නේ නැහැ ඔය ලැයිස්තුවේ .
ඔය මොනවා හෙළි කලත් ඔය අයට ආපසු ඡන්දෙ දීල පාර්ලිමේන්තු අරින්න තරම් අපේ රටේ බොහොම බුද්ධිමත් ජනතාවක් ඉන්නවා.