රංජන් කස්තුරි
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හය දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යධූර ලබා දීමට තීරණය කර තිබෙන අතර ඉන් පස් දෙනෙකු හෙට (12) ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දීමට නියමිතය.
රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නලින් බණ්ඩාර මහතා දිවුරුම් දෙන අතර , ලකී ජයවර්ධන මහතා කඳුරට උරුමය හා මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් , අජිත් මාන්නප්පෙරුම මහතා මහනගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් , රංජිත් අලුවිහාරේ මහතා සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් . එඩ්වඩ් ගුණසේකර මහතා අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිව්රුම් දීමට නියමිතය.
එමෙන්ම කලක් තිස්සේ කිසිදු අමාත්‍යධූරයක් නොලැබුණ බුද්ධික පතිරණ මහතාට මෙවර වෙළඳ වාණිජ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවිරුම් දීමට නියමිත අතර ඒ මහතා විදේශගතව සිටින බැවින් එම නියෝජ්‍ය අමාත්‍යධූරය පසුව දිව්රුම් දෙනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්දික පතිරණ තමයි ඔතන ඉන්න පරණම පාර්ලිමේන්තු මන්ත්‍රී. නියම විධියට නම් එයාට කැබිනට් ඇමති කමක් දෙන්න ඕන. නමුත් එයාගේ ෆාදර් ඉන් ලෝ විපක්ෂෙට ආවඩන නිසා දිගටම කැපුනා.
අපිට ඉතින් සොරි ඩොට් කොම් තමා. තව බදු ගහමු. පරණ ණය, අලුත් ණය එහෙම ගෙවන්නත් තියෙනවනේ. මන්ත්‍රීවරු ඇමතිවරු උනහම සොරිම තමා. ඔහම යන්. ඔහම යන්....
මුළු රටම ණය වෙලාලු ඉන්නේ ඔය විදියට ආණ්ඩුවේ ඉන්න ඔක්කොම මන්ත්‍රි ඇමතිකම් දෙන්න. මෙහෙම ඇමතිකම් දෙන්න යහ පාලනේ ගිවිසුම් ගහලද තියෙන්නේ? ජනතාවට සහන දෙන එකද ලොකු නැත්නම් ඇමතිකම් හද හදා දෙන එකද ලොකු ? මොනවද ඔය තරම් දෙන්න යන ඇමතිවරුන්ට තියන වැඩ?
මේ දවස්වල කැරට් අල ලාබද? මේ කරන්නේ එක්සත් ජාතික පක්ෂය නැති බංගස්ථාන කර දැමීම උදෙසා ආණ්ඩුවේ පාර්ශව කරුවන් විසින්ම ගෙනයන යටි කුට්ටු වැඩ පිළිවෙලට තව තවත් උල් පන්දම් දීමකි. හොරු අල්ලන පොරොන්දුව පිට බලයට පැමිණි ආණ්ඩුව මෙතෙක් කල් කලේ මහ බැංකු කොමිසම පිහිටුවා ආණ්ඩුවේම පාර්ශවයක් අමාරුවේ දැමීමය. අල්ලනවා කීව මහා පරිමානයේ හොරු මේ වැඩ පිළිවෙලට මුවාවෙමින් දැන් බලය අල්ලා ගැනීමේ ව්‍යාපාරය ඉතා සාර්ථකව කරගෙන යයි. ඇත්ත නැත්ත කෙසේවෙතත් මහ බැංකු මංකොල්ල කරුවා අගමැති බව මහජනතාවගේ සිත් සතන් තුලට ගිලා බැස්සවීමට පරණ ආණ්ඩුවේ කොටස්කාරයින්ට අයත් මාධ්‍ය සමත්වී ඇත. හිසේ කකුමක් හැදුන වෙලාවට බෙහෙතක් ගන්නවා මිස පරණ කොට්ටය මාරු කිරීමෙන් වැඩක් වෙන්නේ නැත.
අනේ ලංකාවේ ඔක්කම ඇමතියෝ උප ඇමතියෝ කරපල්ලකෝ. එතකොට ලෝකෙම දුප්පත්ම රට කියල නොම්මර එකට එන්ඩ පුළු වන්. මහා කාලකන්නි දේශ පාලුවෝ ඉන්න රටක්. හොර නොකාපු හොර නොකන එක දේශ පලුවෙක්වත් හොයා ගඳ බැරි එකම රට.
ජයවේවා හෙට ඉදලා ඔබලා ස්වයන් පෝෂිතයි.
උන්නැහේලගේ පුත්තු එලවන වාහන වලිනුත් ගෙවල් පරිස්සම් කර ගන්න හුදී ජනයාට සිද්ධ වේවිද?
යහපාලනය .....
තවත් බදු ගෙවීමක්
රට ඇමතිවරුන්ගෙන් නියෝජය ඇමතිවරුන්ගෙන් හා රාජය ඇමතිවරුන්ගෙන් නම් සංවර්ධිතයි.මහින්ද රාජපක්ෂ යුගයේ ලෝකයේ ලොකුම ආමාතය මණ්ඩලය පිහිටුවලා තිබ්බ වර්ථාව කඩන්න තව කීයද අඩු කියලා කාට හරි කියන්න පුළුවන්ද අපේ හාමුදුරුවනේ !
මරේ මරු නියෝජ්‍ය අමාත්‍යධූර වැඩි වෙනවා අද තව පත්තරය තිබුනා පරිපාලන සේවයේ සිටින නිලදාරීන්ට රු 50000 ක් නැතිනම් ලක්ෂ බාගෙක මාසික දීමනාවක් දෙන්න අනුමත කොරලාලු. රජයේ නිලදාරීන්ට අවුරුදු 10 සැරයක් දීපු බදු රහිත වාහන දැන් අවුරුදු 5 න් 5 ට දෙන්න යනවාලු. අනේ මේවා නුඹලා ලබන්නේ දෙන්නේ අර අහිංසක වයස්ගහත මිනිසුන්ගේ තැන්පත් මුදලට ලැබෙන පොලී මුදලට කෙලලා නේද? පාමසියකට ඇවිත් බලපල්ලා ජීවිත කාලයටම එකම බෙහෙත ගන්න ඕනේ මිනිස්සු බෙහෙත් ගෙනියන්නේ දවස් 4 - 5 කට. මිනිසුන් ට සල්ලි නැහැ බදු ගෙවනවා. පුළුවන් එකා වටමේස සාකච්චා තියලා චැනල් සේවය නවත්වල උන්ගේ බදු අඩුකොරගන්නවා මේ මිනිස්සු වෙනුවෙන් අපි මෙතන යමක් ලීවොත් හැරෙන්නට කතා කොරන්න කෙනෙක් නැත.
දැන් එතකොට ඉන්න තරමක් ඉන්නේ "මැති, ඇමතියෝ" විතරයි වගේ දියවන්නඔය ගාලේ.
දැන් එතකොට ඉන්න තරමක් ඉන්නේ "මැති, ඇමතියෝ" විතරයි වගේ දියවන්නඔය ගාලේ.
අපු දවස් වල ඉඳලම කලේ ඒ ගොල්ලොන්ට බෙදා ගන්න එක විතරයි . මෙන්න සංවර්දනය !
මගේ මව්බිම කේතුමතී රාජධානියක් වෙත කැදවා ගෙන යාමට පෙර ගමන්කරුවන් කොපමණ අවශ්‍ය වෙත්ද?
තව කට්ටිය ඉතුරුවෙලා ඉන්නවද ඇමති කම් නැතුව?
මේ පාර්ලිමේන්තුවේ තව කීදෙනෙක් ඉන්නවද මන්ත්‍රී කමට අමතරව මොකක් හෝ තනතුරක් නොමැති අය. ඔය තනතුරු ගරුතර කටයුතුද? යම්කිසි වේතනයක් ලබාගන්නවා නේද? මහජනයාගේ රීරි මාංශ උරාබෝන්නේ නැතිව සියලුම අදායම් වලට බදු අයකරන්න. දුප්පත් ජනතාවට තව ඉතිරි වෙන්න දෙයක් නැති තරමටම ඔවුන්ගේ රීරි මාංශ උරා බොන එක දේශපාලුවන්ගේ ලොකුම මහජන සේවය වෙලා.
සල්ලි වැහි වැහැලා වියදම් කරගන්න විදිහක් නැතුව ඉන්නෙ.. තව දාපල්ලා කාලකන්නි මල පෙරේතයෝ.. රටත් කාලා විනාස කරලා අපිව මරලා දාපල්ලා...
ලක්ෂ 62 ඔන්න තවත් කට්ටිය වැඩි වෙලා. ඔබට සතුටුයි නේද දැන්......? හි..... හි........ හි.......
බුද්ධික පතිරණ ඇමතිවරයාට අපේ උඋසුම් සුබපැතුම්.!
මේ ගොල්ල 8 වත් පාස් නම් හොඳා...
මුළු මහත් රැය පුරා - තොල ගාමු මධු විත -නටමු අපි -එපමණක් නොව - පුදුමයකි ඇමතිවරු අඩ දුසිමක් -නටති අප සමඟ. එන්න පිය මිතුරනි පුරවන්න මේ කුසලානය ...උතුරා ගලා යන සතුටු කඳුලෙන් .