එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු හත් දෙනෙක් (12) රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යරු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ.
දිව්රුම් දුන් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු මෙසේය.
රාජ්‍ය අමාත්‍යවරු
01- සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු - රංජිත් අලුවිහාරේ
02- කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන - ලකී ජයවර්ධන
නියෝජ්‍ය ඇමැතිවරු
01- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය - නලින් බණ්ඩාර
02- කෘෂිකර්ම - අන්ගජන් රාමනාදන්
03- පරිසර- අජිත් මානප්පෙරුම
04- අභන්තර කටයුතු හා වයඹ සංවර්ධන - එඩ්වඩ් ගුණසේකර
05- නැවත පදිංචිකිරීම් පුනරුත්ථාපන උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු -කාදර් මස්තාන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුපෙළ සද්දේ දාපු නිසා තනතුරු දීල සද්දේ වැහුව. මාර ක්‍රම සහ විධි, සභාතොමෝ සතුටින් විසිර ගියහ.
අංගජන් එජාප නොවෙයි... කාදර් මොන පක්ෂයෙද.?
අපේ රටට අබසරණයි , අමතිකම් දෙනවා. බදු ගහනවා.ඇමති ගොඩ යනවා ජනතාව නොකා නොබී ඉන්නවා.....
දකින කොට මහින්ද රාජපක්ෂ මහත්තයට මල් තියලා වඳින්න ඕන.
විපක්ෂේ කට්ටියටත් ඇමතිකම් දුන්නනම් තව කාලයක් අපිට බඩට නොකා නොබී ඉන්න පුළුවන් , රටේ තියන එකම ප්‍රශ්නය මේකද? ජනාධිපතිතුමා!!!
හම්මෝ..දැනෙන සනීපේ ...හරිම සනීපයි දැන් !
හින්දු කටයුතු ඇමති කමට හින්දු ආගමික මන්ත්‍රී කෙනෙක් නැද්ද ? පුදුම ඇමති කමක් නේ.
රනිල් පසුපෙළ මත්‍රිවරුන්ගෙන් බේරගන්න මෙවැනි වැඩ කරන්න දක්ෂයෙක්. නමුත් ප්‍රධාණ මැතිවරණයක් ආවොත්, සොරි තමයි.
මොන තරම් ඇමති වරු දුප්පත් ජනයාගේ බදු මුදලින් නඩත්තු කලත් රටට වෙන සේවයක් නැහැ නරකද පාර්ලිමේන්තුවේ ඉන්න 225 ඇමතිලා කලොත් එක්වරම.
මෙදා පාරත් අර දකුණේ බුද්ධිමත් මන්ත්‍රී තුමාගේ නම කැපිල ගිහිල්ල වගේ. මේ අන්දමට පැලැස්තර ප්‍රතිසංවිධාන කරාට වැඩක් වෙන්නේ කොහොමද ?
ඒ අය ඉස්සරහ පෙලට යනවා අපි ඉන්න පේලියෙනුත් තව පස්සට යනවා.
අලුත් ඇමති වරුන්ට පඩි රථවාහන දීමනා සහ විශ්‍රාම වැටුප් ? අහෝ කේදයකි අහිංසක මහජනයාගේ බදු සහ විදේශිය ශ්‍රමිකයන් හම්බ කරන ඩොලර් ?
ලංකාවේ අලි ගහනය ක්‍රම ක්‍රමයෙන් වඳ වී යන බව තහවුරු වී ඇත.
අනේ මේ අයට ඇමතිකම් ගන්න ලැජ්ජාවක් නැද්ද? අහිංසක ජනතාව එදා වේල කන්න නැතිව දුක් විදිනවා. තවත් ඇමතිකම් ගන්නවා. අන්තිම අවුරුදු ටිකේ හොඳට හම්බ කර ගන්න ඇමතිකම් දෙනවා. පුංචි රටක මෙච්චර ඇමතිවරු ඉන්න එකම රට ලංකාව. මේ අය නඩත්තු කරන්නේ දුප්පත් අහිංසක ජනතාව.
විශිෂ්ඨයි !! අගමැතිතුමනි, ජනාධිපතිතුමනි, යහපාලනය තවදුරටත් යථාර්තයක් වෙන්න පසුපෙළ හිටපු කිරි බබාලට සූප්පුවක් කටේ ගැහුවා එහෙනම්. පුළුවන්නම් අර පුත්තලමේ ඉන්න පුතාටත් ඔය කැබිනට් එකේ ලාච්චුවේ කොක්කක් වෙන්න ඉඩ දෙන්න!!
දැන් රට සීඝ්‍ර සංවර්ධනයකට ලක්කල හැකි බවයී මගේ අදහස.මොකද මෙච්චර කාළයක් ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් දැරුවේ පට්ටපල් මෝඩයො හොරු දූෂිතයෝ රැලක් දැන් තමයි උගත් බුද්ධිමත් කාර්යශූර අවංක විනය ගරුක මහත්වරු ටිකක් රට භාර ගන්නේ ඉතින් මේ උත්තමයෝ රට සීඝ්‍ර සංවර්ධනයකට ලක්කරයි නැද්ද මං අහන්නේ.
ක්‍රිස්තියානි කටයුතු - අලුවිහාරේ හින්දු කටයුතු කාදර් නිතිය හා සාමය නලින් බණ්ඩාර ..හරිම විද්‍යාත්මකයි.
තව බෙන්ස් කාර් අලුතෙන් කියක් ඕනෙද? ඉක්මනට සල්ලි වෙන් කරන්ඩ. තෙන් මිල හරි පිටි මිල වැඩි කරන්න. බොරු කාරයින්ද ශාප වේවා. අහෝ ලංකාවට වුණ දෙයක්!
මීට පස්සේ මහා මැතිවරණ තියන්න ඕන නැහැ ඒ වෙනුවට මහා ඇමතිවරණ තියමු. තව ටිකක් කල් ගිහාම නිකන් මන්ත්‍රී කෙනෙක් බේතටවත් හොයා ගන්න බැරිවේවි. මේ ගොල්ලන්ගේ නෝනලාටත් ඔහේ මොන මොනවා හරි ඇමති පට්ටම් ටිකක් දුන්නොත් තවත් හොඳයි. අල්ලස් සහ කොමිස් පිළිබඳ ඇමති, කොත්තු රොටි සහ බිත්තර ආප්ප පිළිබඳ ඇමති, රැස්වීම්වලට සෙනඟ ප්‍රවාහනය කිරීම් භාර ඇමති, දේවාල සහ පින්පෙට්ටි භාර ඇමති .. ඔය තියෙන්නේ ව්‍යාපෘති!
පට්ටියේ අලුත් අයටත් දැන් නාස් ලණුව දාලයි තියෙන්නේ.. දැන් කරත්තෙට බඳින්න විතරයි තියෙන්නේ.
දැන් එච්චරයි අපිට අඩු වෙලා තිබුණේ. එ්කත් හරි. දැන් ඉතින් අපේ රට කිරියෙන්, පැණියෙන් ඉතිරෙයි. (ඒත් මේ සෙට් එකට මිනිසුන්ගේ බදු සල්ලිවලින් විකාර කරන්න හරි ඇමතිකම් නොදුන්නොත්, ආයෙත් එන්නේ අර අවතාර නිසා කටවහගෙන ඉන්න ඕන්න....)
මෙහෙම ලංකාවක්? ඇමතිලා පැට්ව් ගහනවා.
" අපායට යන්න ඕනෙනම් නුඹට - කරපන් නී. ඇමතිකම එක දවසකට."