බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබූ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගෙමන් මුදල් ලැබුණේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතාගෙන් රහස් පොලිසිය අද පැය පහක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
පර්පචුවල් සමාගමෙන් මුදල් ලබා දුන් මන්ත්‍රීවරුන් 118 දෙනකුගේ ලැයිස්තුවක් ඇතැයි මුලින්ම කීවේ තමා නොවන බවත්, එය මුලින්ම කීවේ කැෆේ සංවිධානය බවත් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ලැබී ගැනත් එලෙස ලැබුණැයි කියන 118 දෙනාගේ ලැයිස්තුව ගැනත් රහස් පොලිසිය ප්‍රශ්න කළ බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්.... දැන් ඉන්න ගොඩක් අයට දැන් අමුතු ලෙඩක් හැදිලා. මුකුත් මතක නැහැ. රවී තමයි මේ රෝගය බෝකළේ..
ඔය සල්ලී ගත්ත එක තැනක් විතරයිනේ අනික් තැන් වලත් විස්තර හොයා බැලුවානම් හිතා ගන්න පූළුවන් අපේ මහජන නියෝජිතයන්ගේ අවංකභාවය හා විනය ගරුක බව.
ලැජ්ජයි ප්‍රතිපත්තියක් ඇතුව ජීවත් වෙන විදිය නාට්ටාමි කෙනෙකුගෙන් හෝ ඉගෙන ගන්න.
හොරුනුත් දැන් ටයි කෝට් හැඳපළඳින නිසා එහි ගුණාත්මක බව පිරිහෙලා .
මේ මතක නැති කට්ටිය අයෙ හෙම අරිනවා නොවේ. මොනව කලත් අපේ උන්ට්ට මේවා ටික කාලෙකින් අමතකි.
මම මේ කල්පනාකලේ අවරුදු 10-15 ක් තුළ ඉතා අමාරුවෙන් ගොඩ නගාගත් ප්‍රතිපත්ති ගරුක දේශපාලන ප්‍රතිරූපය පසුගිය අවරුදු 4-5 තුල දරුණු ලෙස විනාශ කරගන්න තරම් මේ මනුස්සයට හැදිච්ච පිස්සුව මොකක්ද කියල , කලාවට , ක්‍රීඩාවට දක්ෂ උගත්කමක් ඇති මේ මනුස්සය මොකක්ද මේ කරගන්න හදන්නේ
මට මතකයි පුවත් පතක වාර්තාවක්. පාර්ලිමේන්තු කොරිඩොවේදී දයාසිරි ඇමතිතුමා මුණ ගැසුන අනුර කුමාර දිසානායක මහතා කියපු කතාවක්. " ඇමතිතුමා ඔය කෝට්, කලිසම්, ටයි අඳින්න එපා. ඕවා අදින්නේ කම්බ හොරු " කියලා.