(විනීතා එම් ගමගේ)
කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා ලබාගෙන ඇති රාජගිරියේ ගොඩනැගිල්ලේ බදු ගිවිසුමෙන් ඉවත්ව යළි ගොවිජන මන්දිරයේ ගොඩනැගිල්ලට අමාත්‍යංශය ගෙන යාමේ හැකියාව ගැන සොයා බලමින් සිටින බව කෘෂීකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේය.
එම ගොඩනැගිල්ලට අමාත්‍යංශය ගෙන යන්නට කටයුතු සලස්වා දෙන්නැයි ඉල්ලා කතානායකවරයාට ලිපියක් භාර දුන් බව ද හෙතෙම කියා සිටියේය.
කෘෂිකර්ම අමාත්‍යංශයට වඩාත් සුදුසු වන්නේ අමාත්‍යංශය පෙර පැවැති රජමල්වත්ත පාරේ ගොඩනැගිල්ල බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. කෘෂිකර්ම අමාත්‍යංශය පැවැතිය යුත්තේ වගාවක් කර පෙන්විය හැකි ගොවින්ට හිතකර පරිසරයක් ඇති තැනක් බවත් පෙර පැවැති ගොඩනැගිල්ල මේ අතින් ඉතා සුදුසු බවත් අමාත්‍යවරයා කීය.
පාර්ලිමේන්තු ආංශික කාරක සභාවලට ලබා ගැනීමට යැයි පවසා හිස් කරගත් කෘෂිකර්ම අමාත්‍යංශය පැවැති ගොවිජන මන්දිර ගොඩනැගිල්ල එවැන්නකට පවරා ගෙන නැති බවත් මේ වනවිට එය ප‍්‍රතිසංස්කරණය කරමින් සිටින බවත් එය සිදුකරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ වියදමින් බවත් කී අමරවීර මහතා ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයෙන් කිසිදු වියදමක් නොදරන බවත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හරිම සතුටියි මලයාගේ අවංකභාවයට හුරේ....
වසර පහකටම කුලිය ගෙවලා තියෙන නිසා ගොඩක් ලාබයි නිලියට
ඇමතිවරයාගෙන් ඇමතිවරයාට අමාත්‍යංශ මාරු වෙනකොට අමාත්‍යංශ ගොඩනැගිලි මාරු කරන්න පුරුදු උනොත් අමාත්‍යංශවලට වෙන වැඩක් කරන්න වෙලාවක් නැතිවේවි.
කවුරු කවුරුත් එහෙට මෙහෙට බෝල පාස් කර කර ඉන්න.රටේ සල්ලි නාස්ති වෙන බව කව්රුත් දන්නේ නැහැ.මේගොල්ලන්ට තමා කතානායක චරිත සහතික දෙන්නේ.
ඉතුරු අවුරුදු එකහමාර අමාත්‍යංශ ගැන කියව කියව හිටපුවම හරි.ලබන ඡන්දෙදි එජාපය එකෙන් ජාතික ලැයිස්තුවෙන් එන්ඩ බලාගෙන ඉන්න හින්ද ප්‍රස්නයක් නැහැ.
අර අනිත් ගොඩනැගිල්ල පාවිච්ච් කළත් නැතත් ගහල තියන ගිවිසුම අනුව නිලියට දිගටම කුලිය ගෙවන්න සිද්ධ වේවි නේද?