(ආරියරත්න රණබාහු)
නියෝජ්‍ය කතානායක තෝරාපත් කරගැනීම සඳහා අද (05) පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 97 ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ආනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරීපත් විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට හිමි වුයේ ඡන්ද 53 ක් පමණි.
ඒ අනුව වැඩි ඡන්ද 44 කින් ආනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කතානායක ධුරටය සුදුසුකම් ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන් හදිසියට දැක්කේ අනුර කුමාරට දුන්න කියල
මේකද අපේ රටේ නව දේශපාලන හැඩගැස්ම?
ශ්රි.ල.නි.ප ක්‍රම ක්‍රමයෙන් යහාපාලන ආණ්ඩුවෙන් එලියට තල්ලු වෙනවා. මේක දේශපාලන වශයෙන් සියදිවි නසා ගැනීමක් විය හැකිය.
දැකීම වැරදීම නෑ.
කුසුමවති කලබලේ කියවන්න එපා අකුරු හිරවෙල්ල ජංජාලයක් තමයි වෙන්නේ
යන්තම් ඇති එහෙනම් දැන් රටේ ප්‍රශ්න ඉවරවෙලා සෞභාග්‍ය උදාවේවි
අනුර කුමාරට දුන්නත් කිසීම වැරද්දක් නැත. ඒගොල්ලෝ කෝප් සබාපති කම හරියට කලානම් මේකත් හරියට කරාවි.
අද ශ්‍රී ලංකා දේශපාලනයේ අවුල් වියවුල් සහගත තත්වය පෙන්වන තවත් අවස්ථාවක්ද මේ? එජාපයේ 25 ක් පමණ පාර්ලිමේන්තුවට පැමිණ නොසිටි තත්ත්වයක් තුළ ඔවුන් ඉදිරිපත්කල අපේක්ෂකයාට ඡන්ද 97 ක් ලැබීමට නම් විපක්ෂයේ පිරිස් ද ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කළ ආනන්ද කුමාරසිරිට ඡන්දය දී තිබිය යුතුය. මෙහිදී මහින්ද, චමල්, නාමල් තිදෙනාම සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට ඡන්දය දීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණ නොසිටීම කැපී පෙණින. එපමණක් නොව මහින්දවාදී විපක්ෂ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ඡන්දය විමසද්දී ' කාටහරි හොඳ පාඩමක් ඉගැන්විය යුතු යැයි' පවසමින් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණියහ. දුමින්ද දිසානායක සුසිල් ප්‍රේමජයන්ත වැනි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට ඡන්දය දීම සඳහා පැමිණ සිටියේ නැත. දෙමල සන්ධානය සහ ජවිපෙ ඡන්දය භාවිතා කෙළේ නැත.