(තරිඳු ජයවර්ධන )
සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි වෛද්‍ය සමිර සේනාරත්න මහතා මේ මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වරයා අද පස්වරුවේදී නියෝග කළේය.
ව්‍යාජ පැමිණිල්ක් කිරීම, පොලිසියට ව්‍යාජ ප්‍රකාශයක් දීම සහ කුමන්ත්‍රණය යන චෝදනා යටතේ ද, ගිනි අවි ආඥා පනතට යටතේ ද ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අද පෙරවරුවේ අදාළ චෝදනා කියා දී සේනාරත්න මහතා අත්අඩංගුවට ගනු ලැබීය.
වෛද්‍ය සමීර සේනාරත්න මහතා ගමන්ගත් මෝටර් රථයට ඉකුත් 2017 වසරේ පෙබරවාරි හය වැනිදා සයිටම් ආයතනය ආසන්නයේදි වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර එය හිතා මතාම සැලසුම් සහගව සිදුකරන ලද සිදධියක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර කඩුවෙල නාගරික මන්ත්‍රී ලක්මාල් විලත්ගමුව මහතා අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම සිද්ධියට යොදා ගත් බව කියන ගිනි අවි දෙකක් ද රහස් පොලිස් භාරයට ගෙන ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය දුර්වලයි කියා පෑමට මෙය හොඳ නිදසුනක්.. නැතිනම් මොවුන්ට මේ සෙල්ලම් දමන්න බැහැ.
කලකම් පලදේ...කියන්නේ මේවාට තමා
මෙච්චර වංචාවක් කරලත් අවුරුදු එකහමාරක් ගියා නීතිය ක්‍රියාත්මක වෙන්න පටන්ගන්න විතරක්......සයිටම් නම් ඉතින් වංචාවක්ම තමයි..
අපිට නං ඔය සිද්ධිය වෙච්ච දවස් වලම තේරුණා ඕක හොඳ නාටකයක් තමයි කියල .
කට්ටියම කෛරාටිකලා වගේ නේද _?
මාෆියා කල්ලිය සමඟ එකඟ වූ කාරණාවට මේ අත්අඩංගුවට ගැනීමත් ඇතුළත්ද?
පොදු ජනයා වරදක් කළ විගස පැමිණෙන දඬුවම් සමහර උත්තමයන්ට පැමිණෙන්නේ තැපෑලෙන්.
සයිටම් කියන්නේ හොදම නාටකයක් තමයි, අවු 9ක් තිස්සේ සයිටම් සිසුනුත් රැවැට්ටුව. මුළු රටේම අධ්‍යාපන පද්දතියම විනාශ කල දුෂිත දේශපාලකයෝ සහ පාලනාධිකාරිය,
මේක තනිකරම ගේමක් කියන එක මුල ඉදලම පැහැදිලියි. වැඩේ මෙච්චර ඇදුනේ මේක යට ගහන්න හරි වරද බාර ගන්න කුලිකාරයෙක් හරි හොයා ගන්න වෙන්න ඇති. හරියට කටුගෙයි කඩුවට කන් ගැට්ටෙක් ආවා වගේ. ඒ සියල්ල අසාර්ථක උනාට පස්සේ නඩුව ඉස්සරහට ගේන්න ඇති.
මගඩි නාට්‍ය පරාදයි. අරම්භයේ සිටම වංචාව ....කෝ මේ සයිටම් තමා හොදම වෛද්‍ය වීද්‍යාලය කියපු ටික...
මේවා එතරම ගණන් ගන්න එපා.......මේවා රගපෑම් පමණයි...........හෙට සුවසේ ගෙදර යාවි .
මේ පුද්ගලයා ට වෛද්‍ය කියා ඇමතීම වැරදියි.. ඔහු ට ලංකාවේ වෛද්‍යවරයෙක් ලෙස වැඩ කිරීමට කිසිම සුදුසුකමක් හෝ නිත්‍යානුකුල ලියාපදිංචියක් නැහැ.