(නාලක සංජීව දහනායක)
අමාත්‍යධූර වලින් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු අමාත්‍යවරුන් 16 සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර විශේෂ හමුවක් අඟහරුවාදා (12) පස්වරු 3.00 ට මිරිහාන, නුගේගොඩ පිහිටි හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ නිවසේදී පැවැත්වේ.
තම කණ්ඩායමේ ඉදිරි දේශපාලන සැළසුම් හා ආණ්ඩුවට එරෙහි ජනමතයක් ගොඩ නැඟීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතා ලංකාදීපයට පැවසීය.
ඉදිරියේදී ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමංශික පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ සමඟද සාකච්ඡා කිරීමට බළාපොරොත්තු වන බවද මන්ත‍්‍රීවරයා කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 මන්ත‍්‍රී කණ්ඩායම මීට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ විපක්‍ෂ නායක ආර්.සම්පන්ධන් යන මහත්වරුන් සමඟද සාකච්ඡා කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන එන මං නැති වුනාම දැන් බල්ලයි, කොල්ලයි සේරම බලන්න යනවා වගේ. මේගොල්ලෝ දේශපාලන වශයෙන් අනාථ වෙලා විතරක් නොවේ. අනාගෙනයි තියෙන්නේ...
පරිසරයට ආදරය නොකරන කිසිවෙකුට මෙවර රට නොලැබේවා...!!!
නොගිහින් කොහොමද..., මේ උදවියට ඉතින් කොහේහරි එල්ලෙන්නේ නැතිව යනඑන මං නැහැනේ.. කොහෙන් ගියත් උන් දිනුම්... මෝඩ ජනතාව පරාදයි.
මෙතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනොත් නියත වශයෙන්ම පරාදයි... කවුරු පිළිගන්න අකමැති වුණත් එ්කයි අැත්ත. වත්මන් දුර්වල අාණ්ඩුව හමුවේ ඔහු දිනයි කියලා හිතනවා නම්. මෙහෙම බලමු සිංහල ඡන්ද 72%යි. එතනින් එ.ජා.ප කැපුවත් කොළ කියන ඡන්ද 20% ක් දාමු. පාවෙන ඡන්ද 5%ක් දාමු, ජ.වි.පෙ ඡන්ද 4%ක් දාමු. එතනම 34%යි. එතකොට සිංහල නොවන ඡන්ද 28% න් 1%ක්වත් මෙතුමට ගන්න බෑ. නොවෙන දෙයක් වුනත් ජ.වි.පෙ හා පාවෙන ඡන්ද දෙකට බෙදිලා වැටුනත් 50% ගන්න බෑ.
මෙතුමා මීළඟ ජනපති වෙයි කියලා හිතනවා නම්. රාජපක්ෂ මහතාගේ පරාජයට මෙතුමාගේ වැඩත් 25%ක් විතර බලපෑවා. එසේනම් පරාජයට හේතු වූ සාධකයක් කොහොමද? ජනපති වෙන්නේ... ගිනිපෙල්ලෙන් බැටකාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි. අාරක්ෂක ලේකම් වෙලා එහෙම නම් විධායක බලතල සහිත ජනාධිපති වුණොත් කොහොම වෙයිද? කියලා ජනතාවට හිතෙනවනේ. වත්මන් දුර්වල අාණ්ඩුව හමුවේ වුවත් ඔහුට ඉඩ අඩුයි. මොකද අන්ත ජාතිවාදි ලේබලයත් මෙතුමාගේම නලලේ ගහගෙන ඉන්නේ. මෙතුමා ජනපති වුවොත් මම මෙතන අදහස් දෙන එකත් නවත්වනවා.
මේ ගොල්ලන්ගේ අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයක් නැවත බලයට ගෙන එ්ම වෙන්න බැහැ. ඔතන වාසිපැත්තට හෝයියා කියමින් පැත්තෙන් පැත්තට පැනපු පක්ෂ කිහිපයක හිටපු අයත් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩා වෙනත් පක්ෂයක් පිහිටුවාගෙන බලය අල්ලා ගැනීමට කටයුතු කරන කණ්ඩායමක් නැවත බලයට ගෙන එ්මෙන් කොහොමද පක්ෂය බේරා ගන්නේ?
මෙතුමාගේ සමහර ඡයාරූපවල පසු බිමේ බුදු පිළිමයක් තිබෙනවා. මෙතුමා එ් හරහා ජනතාවට යම් පණිවිඩයක් දෙන්න හදනවා තම භක්තිය පිළිබඳව. ගොඩක් අය එ් ගැන පැහැදෙනවා. නමුත් මම හිතනවා නියම භක්තිමතෙක් නම්. එම පිළිමය තම පිටුපස පැත්තෙන් නොව... ඉදිරිපසින් තැබිය යුතුයි. මේ හරහා ජනතාවගේ හදවතට සමීප වෙන්න උත්සාහ කරනවා නම් විචක්ෂණශීලි මිනිසුන් ඊට නොරැවටෙන බව දැනගත යුතුයි.
යන එන මං නැති වුනාම දැන් ඉබාගාතේ යනවා වගේ. මේගොල්ලෝ දේශපාලන වශයෙන් අනාථ වෙලා විතරක් නොවේ. හොරකම් කරගන්න නැතිව කුලප්පු වෙලා. මේකට තම පැරැන්නෝ කියන්නේ එළුවාගේ මොකක්ද එක වැටෙනකල් නරි පස්සෙන් යනවා කියලයි. කවදාවත් කන්න ලැබෙන්නේ නැහැ... එ්ක නරියා දන්නේ නැහැ.
එහෙමනම් 118 කල්ලිය සමග සාකච්ඡා කරන්නේ නැතිද?
මෙතුමාගේ මූන දකිද්දි මට මතක් වෙන්නේ හිට්ලර්. ඔහුත් පලමු ලෝකයුධ සමයේ ජර්මන් සොල්දාදුවෙක්. පසුකාලිනව වත්මන් ලංකාවේ වගේ ජර්මනියේ දුර්වල වයිමාර් අාන්ඩුවේ මහිමයෙන්, ජර්මන් ජනතාවගේ හදවතටම රිංගලා,නට්සි පක්ෂය පිහිටුවා ජර්මනියේ බලය ගත්තා එතනින් එහාට දන්නවනේ වුන දේවල්, හැබැයි හිට්ලර් අැත්තටම ජර්මනියට අාදරේ කලා. එ් වගේම වීරයෙක් වගේ මැරිලා ගියා. අයුධ බිම තියලා පිට රටකට පලා ගියෙත් නෑ. අත්තඩංගුවට පත් වෙයි කියලා උසාවි නියෝග ගත්තෙත් නෑ. මිනිමරුවෙක් වුවත් ඔහු වීරත්වය පෙන්නලා තියනවා.ඔහුට පිට රටවල පුරවැසිභවයත් නෑ. ඔහු ජර්මනියට පිටරැටියෙක් ලෙස අැවිත් තමා. ජර්මන් ජාතිය ලෝක උතුම්ම ජාතිය කරන්න උත්සාහ කලේ.
හැමෝම එකතුවෙලා ඉඩි අමින් පාලනයකට පාර කපන්න තමයි මේ සූදානම් වෙන්නේ. රටේ භීෂණය බිංදුවට තියාගත්තේ ඩී බී විජේතුංග සහ මෛත්‍රීපාල සිරිසේන මහත්තුරු දෙන්න විතරයි. නමුත් එයාලත් හිතුවක්කාර වෙන වෙලාවල් තිබුන. ගෝටා ජනාධිපති වුනොත් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් මුළු රටම ගිලගන්න එක වලක්වන්න බැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වරු කියන්නේ ජනතා නියෝජිතයෝ...නමුත් මේ දේශපාලන අනාථයෝ කරන ජනතා සේවය කුමක්ද? බඩගෝස්තරවාදය ගැන හිතනවා හැරෙන්න...
අහිකුන්ටික ජනයා තැනින් තැනට ගියාට නිශ්චිත වාසස්ථානයක වසන්න ඔවුන්ට අවකාශයක් නැහැ .
අනාගත ජනාධිපතිලා කරන්න යන්නේ රජයේ මුදල් අවිභාවිත කරමින් මව්පිය සොහොන් ස්මාරක තනපු පුද්ගලයන් නම් රටට ජනතාවට දෙවියන්ගේම පිහිටයි .
"අනේ මහතුනේ අපිලගෙ දුක බලලා - පිනට යමක් දෙනු අපෙ දිවි රැකුම බලා"! මේ වවුල් හැත්ත රොත්ත පිටින්ම දේශපාලනෙන් දුරුවන වෙනවා නම් .. ඒක රටට ශාන්තියක් වේවි! ගෝටා දැනටමත් ජනාධිපති කියල හිතාගන කට්ටියක් කට ඇරගන බලා හිටියත් ඔහුට කවම දාවත් දිනන්න බැහැ! අර ඉස්සර ප්‍රභාකරන්ට ගතමන්ට් එකක් දීලා කෙරුවා කියන්නා වගේ, දැන් උතුරේ දෙමල චන්ද වලක් වන්නත් බැහැ. ජේ.වී.පී. චන්දත් සල්ලිවලට ගන්න බැහැ නේ ! මුස්ලිම් චන්ද ලැබෙන්නෙත් නැහැ.යු.එන්.පී.කියන්නේ රනිල්ම නොවෙයි. චන්ද දායකයෝ තවම ඉන්නවා!ඒ එක්කෙනෙක් වත් රාජපක්ස කෙනෙකුට චන්දෙ දෙයි කියල හිතනවද?
ඔබට ජනාධිපති වීමේ මහඟු අවස්ථාවක් ලැබී තියෙනවා. එයි ගනු ලබන ප්‍රයෝජනය මේ උතුම් රටේ අනාගතයට දැඩිව බලපානු ඇත. මෙවන් අනාථයන් කිසිදු අයුරකින් ඔබ ගොඩ නගන රජයට ගෙන්වා ගන්න එපා. මන්ද ඊළඟ පාර්ලිමේන්තුවේදී අඩුම ගැනේ දැන් ඉන්න 225 න් බාගයක් වත් හල නව බුද්ධිමතුන් පිරිසක් පත් කර ගත යුතුයි. නැත්තම් කරපු හැමදේම එළිවෙනකොට මතක නැති වෙන සෙට් එකත් එක්ක මේ රට ගොඩ නගන්න අමාරුයි.
ධනුෂ්ක, කාටද මේ කඩේ යන්නේ, මට හරි සතුටුයි යහපාලනෙට කඩේ යන කෙනෙක් මුණ ගැහුන එක ගැන . මොකද මේ දවස්වල යහපාලනෙට කඩේ යන කෙනෙක් බේතකටවත් හොයා ගන්න නැහැ.
හොඳට කල්පනා කරන්න සුඛෝපබෝගී ජීවිතයක්, මනුස්සකමක්, අවංකකමක් නැති අය කිට්ටුකර ගන්න එපා. ඔබේ ලකුණුයි කැපෙන්නේ...
ඉතින් නොගිහින් කොහොමද, දාසයෝ හාමුගේ ගෙයි වලන් හෝදන්නේ කවුද?
අනේ ධනුෂ්ක අැලෝසියස්ගෙන් මුදල් ලැබිලා නේද? සිරිකොත මංගලගේ මාධ්‍ය භූමිකාව කරන්නේ, කොටි යුද්ධය කාලේ රනිල්ගේ ගෙදරද හිටියේ. ලැජ්ජයි හලෝ. ඔච්චර රෙදි හෝදන්න එපා.
කිළුටු වෙන රෙදි සෝදලා පිරිසිදු කිරීමේ කොන්ත‍්‍රාත්තුව දෙන්න කියලා
ඔක්කොම කුණු බේරුවල් බොක්කට එකතුවූනාම හොඳා තමා.
බය ගෝඨා යුද්දෙට බයේ පැනලා ගිය මිනිහෙක් නේ. අයියා දිනපු ගමන් ඇවිල්ලා වීරයා වෙන්න හැදුවා. දැන් මිනිස්සු ඉස්සර තරම් ගැති කම් කරන්නේ නෑ. බලමු මොකද වෙන්නේ කියලා.
අමාලි හිතන්නේ ගෝඨාභයට විරුද්ධ ඔක්කොම යහපාලනේ කියලද. ඔය පොහොට්ටුව අැතුලෙත් එතුමට විරුද්ධ බැසිල් මහතට කැමති කට්ටිය ඉන්නේ. ඔයාගේ කියවීම ගැන ලැජ්ජයි. මම කිසිම විදියකින් ලොකු පක්ෂ දෙකේම කාටවත් කඩේ යන්නෑ. ඔවුන්අවුරුදු 70 ක් කරේ යුධ ගිනි අවුලලා එ්වා නියවපු එක විතරයි. අපි එක්ක කරට කර හිටි රටවල් අද අපි පහු කරලා ගොඩක් දුර ගිහින්. හැබැයි කට්ට කයිරාටිකයන්ට විරුද්ධවනම් පුලුවන් තරමින් යමක් කරනවා. මෙතන විතරක් නෙමේ.
ශ්‍රේෂ්ට කීර්තිමත් බුද්ධිමතෙක් වූ අමිත් මුනින්ද්‍රදාස මැතිතුමාට මොකද උනේ කියල ඔය පින්තූරේ ඉන්න වියතාගෙන් අහන්න!