(නිමන්ති රණසිංහ)
පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමට අනුබද්ධ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමෙන් රාජ්‍ය අමාත්‍යවරයකු වෙත අවස්ථා තුනකදී මැතිවරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 3 ක චෙක්පත් තුනක් ලබාදී ඇතැයි නිතිපතිවරයා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ සදහන් කළේය.
ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක‍්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු සදහන් කරනු ලැබීය.
සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් ඖෂධී පලිසේන යන අයවලූන් බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, එම සැකකරුවන් ලබන 21 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමටද අධිකරණය නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් රාජ්‍ය ඇමතිලා දිවුරුම් පෙත්සම් දෙයි පෝලිමට.
බී වාර්තාවේ තියෙන්නේ සුජීව සේරසිංහගේ නමලු. එතකොට අලෝසියස් ගෙන් ගත්ත සල්ලි විතරද ප්‍රශ්නය? මැතිවරණය දවසේ ඇලෝසියස් අරලිය ගහ මන්දිරයේ හිටිය බවටත් වාර්තාවක් පලවෙලා තියෙනවා. එයා හිටපු මහා බැංකු සභාපතිගේ "ක්‍රෙඩිට්" කාඩ් බිලත් ගෙවලාලු. මේ රටේ කොච්චර ධනවතුන් දේශපාලඥයින්ට සල්ලි දීල තියෙනවද? නිකන්ම නිකන් හිටපු අය ලංකාවේ දෙවෙනි සහ තුන්වෙනි ධනවතුන් උනේ කොහොමද කියලත් කතා බහ කලොත් තම වටින්නේ. දැන් පොලිස්පති පුජිත ජයසුන්දර එළවලා ඒ තනතුරට එස්.එම් වික්‍රමසිංහ පත් කර ගැනීමේ කුමන්ත්‍රණයක් දියත් කර තිබෙන බවත් කියනවා. එකලු අර නායකයින් දෙදෙනාම ඉස්සරහ අසූචි වළක සිටින පුද්ගලයෙකු පිළිබඳව වහෙන් ඔරෝ කතාවක් කියනවා ඇහුනේ.එහෙම උනොත් ඉදිරි මාස 2 ක් තුල ආණ්ඩුව බිඳ දැමීම සඳහා රට පුරා කඩාකප්පල් කාරී ක්‍රියා රැල්ලක් ක්‍රියාත්මක වෙන්නට ඉඩ ඇති බවයි කියන්නේ.
අන්තිමට පර්පෙචුවල් පිටින් සියලු කුණු යවන්න පුලුවන්.
මේ ඇමතිවරු ඔක්කොම ඉල්ලා අස්වෙන්න ඕනේ. ඔන්න දැන් තමයි හොරු ටික එළිවෙන්නේ..
බලාගෙන යනකොට බැඳුම්කර වංචාවට බලපුළුවන්කාර හැමෝම සම්බන්ධ කරගෙන තියෙනවනේ. සල්ලි දෙනවනම් අපායට වුනත් යන්න සූදානම් කියල කියන්නේ විහිලුවකට නෙමේ වගෙයි දැන් නම් හිතෙන්නේ.
දෑන් තමයි පෙරහැර පටන් අරන් තියෙන්නේ. ඔය එන්නේ කස කාරයෝ, නිළමෙලා අලි ඇත්තු තව පස්සේ කරළියට එයි. දැන් බැලුවම පසුගිය මහා මැතිවරණයෙදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම වියදම් කරලා තියෙන්නේ අර්ජුන ඈලෝසියස්ගේ සල්ලී ඒ කියන්නේ මහ බැංකුව කඩපු සල්ලී .
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමෙටලු
මෙහෙම බෙදන්න කොහොම වංචා කර ඇතිද ? සුළු වැරදිවලට හිරගෙදර අච්චු විඳින මිනිසුන් නිදහස් කර මේ හොරකමට සම්බන්ධ සියල්ලන් හිරගෙදර යවන්න ඕනේ
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට. කවරකුගේ ඉල්ලීමටද මේ ගෙවිම කරලා තියෙන්නේ?
අර බැදුම්කරේ ගැන පොත් කියපු ඇමති වෙන්න ඇති.....
අනේ හොර බේරෙන්න පොත් ලියපු ෆුට් නෝට් ඇමතිතුමා..................
එක එක දවස්වලට එක එක ප්‍රවෘත්ති මවනවා ඒත් කිසිම දෙයක් නීත්‍යනුකුලව වෙන්නේ නැ
අනේ අම්මේ...අතාරින්නෙම නැහැ, කොහොම කොහොම හරි කරලියට එනවා.. ඇත්ත නැත්තට පුර හඳ..............
පොත පල කරන්න අය කරපු ගාස්තුව වෙන්න ඇති. මේ හාල් කෑල්ලට වැඩියෙන් සල්ලි ගත්තු ලොක්කොත් ඇති නොවැ. ඒ කට්ටියගෙත් නම් ටික එළියට ගමුකෝ.
ඔයමල ඉලව්ව අහලා කියවලම අපිට එපාවෙලා, එකෙන් ඔය මල ඉලව්ව කියවල කාලේ නාස්ති කරන්නේ නැතිව රටේ දියුණුවට වැඩ කරමු, හොරකම වහන, ඒවාට උදව් කරන, මහා බලවතුන් වැඩියි, ඕක ඕක ගන්න බැරි අති විශාල මුදලක්, ලැබෙනවා නම් ලැබිල. එක නොලැබෙන නිසාත් එයින් රටේ යම් යම් බලවතුන්ට කොටස් ලැබුණ නිසාත් , මහා එකාගේ ඉදන් දුප්පත් හිගන්නාගේ ආහාර පතෙන් බදු අය කරගෙන එව පියව ගන්න කරුණක් බව අපි දන්නා නිසා, කාලය නාස්ති නොකර රට ගොඩ නැගීමට අපි සියලුදෙනා වගකීමෙන් කටයුතු කරමු .
ඔන්න රටේ ජනතාවට බලාගන්න පුළුවන් ක්‍රමානුකුලව මේ රටේ දේසපාලකයන්ට මොන හොර සල්ලියක් ගත්තත් මොන ජරා වැඩක් කලත් එක වරදක් නොවෙයි, ඒක එහෙම තමයි, ඒකට අයිතියක් තියෙනවා, ඒක අභියෝග කරන්න බැහැ, ඒක හොයන්න ලේසි නැහැ, කලිනුත් ඕවා වුනා, හරියටම කියන්න කොමිසම් දාලා කල්ප කාලයක් තවත් හොයන්න ඕනි, ඒ නිසා ඔන්න ඔහේ අමතක කරලා වෙන වැඩක් බලාගමු, අඹ ගෙඩියක් කොස් ගෙඩියක් කඩපු කෙනෙක් අහුවුනොත් විතරක් හිරේ දාමු කියන මහා සිද්ධාන්තය.
මොව්න්ට දඩුවන් නැත මොකද මන්ත්‍රී වරු ඇමතිවරු, දියවන්නාවේ ආදිපාද වරු නිසා, පාඩුව විද ගන්න. නඩුත් හබත් තින්දුත් ඔඋන් ගේ
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට !