තරිඳු ජයවර්ධන
විදුහල්පතිවරයා සහ නියොජ්‍ය විදුහල්පතිනිය පාසල් කාර්යාලයේ අත් පටලවාගෙන සිටිනා ආකාරය දුටු සිසුවකු ඔහුගේ මව කැඳවා පාසලෙන් ඉවත් කළ බව කියන ගම්පහ කලාපයේ පාසලක විදුහල්පතිවරයකු සම්බන්ධ විමර්ශන දේශපාලන හේතූන් මත යට ගසා ඇතැයි පළාත් අධ්‍යාපන කාර්යාලයේ ආරංචි මාර්ග කියයි.
11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුවා හුණු කූරක් ගැනීමට උදෑසනම පාසලේ විදුහල්පති කාර්යාලයට ගොස් ඇති බවත්, එම අවස්ථාවේ නියෝජ්‍ය විදුහල්පතිනිය සහ විදුහල්පතිවරයා අත් පටලවාගෙන සිටිනවා දැක එය පන්තියේ මිතුරන්ට ප්‍රකාශ කළ බවත්, ඊට පසු දිනක ඒ ගැන විමසා විදුහල්පතිවරයා බැණ වැදුණු බවත් කියමින් සිසුවා පළාත් අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කර තිබේ.
එක ශ්‍රේණියේ සිටම එම පාසලේ ඉගෙනුම ලැබූ සිසුවා කොට්ඨාස , කලාප සහ පළාත් ක්‍රීඩා තරඟවලින් ජයග්‍රහණ ලබා ගත් සිසුවෙකි.
එම සිද්ධියෙන් පසු දිනපතාම විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිනිය විවිධ වැරදි කියමින් තමාට හිරිහැර කළ බවත්, දිනක් කොණ්ඩය වැඩීයැයි කියමින් නියෝජ්‍ය විදුහල්පතිනිය පහර දෙද්දී තමා අත දිගුකර එම පහරදීම්වලින් බේරීමට උත්සාහ කළ බවත්, ඉන් පසු වෙනත් ගුරුවරයකු තමාට පන්තියට යන ලෙස දැනුම් දුන් බවත් සිසුවා කළ පැමිණිල්ලක සඳහන්වේ.
පැය කිහිපයකින් යළිත් තමා විදුහල්පති කාර්යාලයට කැඳවූ බව ද, එම අවස්ථාවේ පොලිසියේ දෙදෙනකු සහ තම මව පාසලට කැඳවා තිබුණු බව ද, තමා විදුහල්පතිනියට පහර දීමට උත්සාහ කළ බව ඇය කියා සිටි බව ද සිසුවාගේ ලියුමේ සඳහන් වේ. එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති සිසුවා සීසීටීවී දර්ශන පරීක්ෂා කර බලන ලෙස ඉල්ලා ඇතත් එය සිදු කර නැත.
ඉන් පසු සිසුවා පාසලෙන් ඉවත් කර ඇති අතර ඔහු තමාට වූ අසාධාරණය ගැන කලාප අධ්‍යාපන කාර්යාලයට සහ පළාත් අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කර ඇත. කිහිප අවස්ථාවක් මේ සම්බන්ධයෙන් පළාත් කාර්යාලයට සහ කලාප කාර්යාලයට යෑමේ ප්‍රථිපලයක් ලෙස අවසානයේ සිසුවාට කලාපයේ වෙනත් පාසලක් ලැබී තිබේ. මේ හේතුව නිසා සිසුවා දැඩි මානසික පීඩාවට පත්ව ඇතැයි පාසල් ආරංචි මාර්ග කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළත් දේශපාලන බලපෑමක් නිසා විදුහල්පතිවරයාට එරෙහි විමර්ශන යටපත් වී ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් කළ විමසීමක දී එහි උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ දේශපාලන බලපෑම් මත මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නොහැකි වූ බවයි. ‘මේ සිද්ධිය ගැන කලාප කාර්යාලයෙන් විමර්ශනයක් කළා. අදාළ නියෝජ්‍ය විදුහල්පතිනිය පාසලෙන් ඉවත් කරන ලෙසටත් එම විමර්ශනයේ සඳහන් වෙලා තිබුණා. නමුත් දේශපාලන බලපෑම් නිසා අපට විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු අනුව පියවරක් ගන්න බැරි වුණා. කලාප කාර්යාලය හරහා සිසුවාට වෙනත් පාසලක් ලබා දීමට කටයුතු කළා.‘ යැයි එම උසස් නිලධාරියා පැවසීය.
මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කීවේ මෙම සිදුවීම තමාට මතක නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කීවේ මෙම සිදුවීම තමාට මතක නැති බවයි". මේ ඔබේ , මගේ, අපේ බදුමුදල් වලින් වැටුප් ලබන රජයේ නිලදාරියෙක් ඉතා පහසුවෙන් මතක නැහැ කීම මොනතරම් විහිලුවක්ද ? මෙවන් අය මෙවැනි වගකීම් සහිත තනතුරකට කිසිසේත්ම සුදුසු නැති බව අපගේ අදහසයි.
නරකම වයසේ නරකම දර්ශන දැක්කහම ඔහොම වෙනවා පුතේ. දරුවට සාධාරනය ඉෂ්ට උනානම් හොදයි.
දරු පරපුරේ නෙත් පාදන්නට හිතුනා ට.... පෙම්සුව මුල් උනා පාසලතුල දෙදෙනා ට... කරුමෙකි අනේ ඇම්ඩන් හොදින් දැක්කා ට.... දැන් වැරදුනා අපි "ගුරු හොරු" බව දැනුනා නේ...
මෙතන විදුහල්පතිට වැරැද්දක් කියන්න බෑ මොකද නි. විදුහල්පතිනියනේ හදිස්සි වෙලා උදේම විදුහල්පතිගේ කාමරයට පාත්වෙලා තියෙන්නේ.
මේ කොල්ලත් ටිකක් දඟකාරයෙක් වෙන්න ඕන. අපේ ඉස්කෝලෙත් ඉංගිරීසි සර්රුයි ගණන් ටීචරුයි ඔහොම හොරගල් අහිදිනවා අපි දැක්කහම සර් ටොෆි චොකලට් දීල අපිව ශේප් කරගන්නවා.
මතක නැති ලෙඩේ මේ අයටත් බෝ වෙලාද?
මෙන්න ප්‍රසිදධියේ දඬුවම් දෙන්න ඕනි වැරදි . අහිංසක ළමයා මොනව කරන්නද නොහැදිච්ච ලොකු එවුන්ගෙ නොපනත් කම් වලට?
රටට ගිය කලක්. ජනතාවට පිළිසරණය තමන්ම බව දැනගත යුතුය.
ප්‍රින්සිපල්ට දෙවනියා ලෙස ඉන්නේ වයිස් ප්‍රින්සිපල් ද එහෙම නැත නම් වයිෆ් ප්‍රින්සිපල් ද?
ගුරු සංගමය . මේවට සද්දයක් නෑනේ. දෙමව්පියනුත් සංගමයක් හදාගන්න කාලය ඇවිත්.
අකිල ඇමතිතුමෝ මොනවද මේ කතා? ජනතාවට දරුවන්ට ආදර්ශයක් දෙන පියවරක් ගැනීම සහ මේ දරුවාට සහනයක් ලබාදීම යෙහෙකි.
අකිල ඇමතිතුමෝ මොනවද මේ කතා? ජනතාවට දරුවන්ට ආදර්ශයක් දෙන පියවරක් ගැනීම සහ මේ දරුවාට සහනයක් ලබාදීම යෙහෙකි.
අනේ මෙහෙමත් කාලකන්නි ගෘරුවරුන් ඉන්නකොට කොහොමද පාසලක විනය හදන්නේ.
දේශපාලන හිතවත්කම් හරහා තමන්ගේ පවු වසාගන්නා ගුරු වුර්තිය අපකීර්තියට පත් කරන මෙවන් අයව ප්‍රසිද්ධ ලජ්ජා කිරීම් (public shame) වලට ලක්කල යුතුයි.
අද්යාපන බලධාරීන් දෙසපාලුවන්ට බයේ හෝ හිතවත් කම් නිසා රටේ අද්‍යාපනය ද අද බල්ලට ගොස් තිබේ. අනාගත ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිටයි!
පහළ තැනින්නේ ජලය ගලා බසින්නේ.........
ඔය කාර්යාලවල ඉන්නෙ පිස්සෝ.
මේ දෙන්නගේ වැඩ තහනම් කරලා පරීක්ෂණ කරන්න යන්න නැත්නම් පරීක්ෂණවලට බාධා එල්ලවෙන්න පුළුවන්. ඇඹිලිපිටියේ සිසුන් ඝාතනය කරන්න විදුහල්පතිවරයා වැරදී තොරතුරක් දුන්නොත් පෙම් පලහිලව්ව්වක් නිසි අධ්‍යාපනයෙන් දරුවන් පිටමන් කරන ගුරුවරුන්ට උපරිම වශයෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි.