රංජන් කස්තුරි
මෙන්ඩිස් සමාගමෙන් ඡන්ද වැඩවලට මුදල් ගැනීමේ සිද්ධිය හේතුකරගෙන මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමටත් එම ලබාගත් මුදල් සමාජ සේවා කටයුත්තකට යෙදවීමත් තමා එකඟවන බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
අගමැතිතුමා, කතානායකතුමා, මහානායක හිමියන් හෝ එවැනි ඉල්ලීමක් කළ යුතු අතර එම ඉල්ලීම කළ හොත් තමා පසුබට නොවන බවද ඔහු කියයි.
ඡන්ද වැඩට මුදල් ගැනීම නීතිවිරෝධි නොවන අතර තමාට මුදල් ලැබෙන විට මෙන්ඩිස් සමාගම නීත්‍යානුකූල සමාගමක් වන අතර ඊට එරෙහි කිසිදු පරීක්ෂණයක් නොතිබුණු බවද සේනසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහා පුදුම කතාවක්නේ. ඒ කියන්නේ තමන් වැරද්දක් කලත් අනිත් අය ඉල්ලීමක් කරන්න ඕනේ එම වැරැද්ද නිසා ඉල්ලා අස්වෙන්න හෝ තනතුර හැරයන්න කියලා.
ඡන්දෙට නොවෙයි ඡන්දෙන් පස්සේ මුදල් ගත්තේ අදාල චෙක්පත් වල දින පරික්ෂා කිරිමේදී ඒ බව පැහැදිලියි.
ඡන්ද වැඩට මුදල් ගැනීම නීති විරෝධි නොවුනාට මුදල් ගත්ත සමාගම වැරද්දක් කලාම 'බැඳුම්කර ඇත්ත නැත්ත' කියල පොතක් ලියල බොරු පතුරවපු එක හරිද? ඉල්ලා අස්වෙන්න කියල ජනතාව කිව්වම මදිද? ජනාධිපති කියනකන් ඉන්න ඕනෙද? ජනාධිපතිට ඕනේ නම් අස්වෙන්න කිය කියා ඉන්නේ නැනේ, අස් කරනවනේ.
නිදහසට කොච්චර දේවල් කිව්වත් වැඩක් නැහැ දැන්. කීර්ති නාමය බිංදුවටම වැටුණට පස්සෙ
2015 වසරේ මහ මැතිවරණය සදහා නාම යෝජනා බාරගත් අවසන් දිනය 2015.07.13 වන අතර මහ මැතිවරණය පැවැත්වූයේ 2015.08.17 දිනයි. නීතිපති දෙපාර්තුමේන්තුව විසින් අධිකරණයට දන්වා ඇත්තේ අදාල චෙක්පත් තුන ලබා දී ඇත්තේ, 2015.08.24, 2015.10.12, 2016.03.31 යන දිනවලදී බවයි. ඡන්ද වැඩවලට මුදල් ඡන්දෙන් පස්සේ (මාස පහකටත් පස්සේ) ගත්තේ මොකටද????
කිතුල් ගහට නැගපු මිනිහටත් උත්තර තිබුනලු.
අනිත් අය කියනකම් ඉන්න ඕනේ නෑ ඉල්ලා අස්වෙන්න. ඔය වගේ නාට්ටිය දැන් අපිට බලලා ඇතිවෙලා තියෙන්නේ.
ඉල්ලා අස්වුණා කියලා හරියන්නේ කොහොමද. ඔය මුදල් රජයට වංචා කර ලබාගත් මුදල්.. යම් පුද්ගලයෙක් එම මුදල් ළඟ තබා ගැනීම පරිහරණය කිරීමත් වරදක්. නීතිය ක්‍රියාත්මක වෙන්නම ඕනේ.
ඡන්දෙට පස්සේ මුදල් දීලා තියෙන්නේ. අනික මෙන්ඩිස් සමාගමේ මුදල් වුනාට අයිතිකාරයා අැලෝසියස්. සදාචාර සම්පන්න නොවන මුදල් ගත්තත් එකයි නීතියානුකූල මුදල් ගත්තත් එකයි. කුමකින් හෝ සිදුව අැත්තේ දේශපාලකයන් අලෙවි වීමයි. ඔහු පිස්සුවකට මුදල් විසි කලා නොවේනේ. අනාගතයේ ප්‍රතිඋපකාර බලාපොරොත්තුවෙන් විසි කරපුවනේ. අනික මොවුන් නීතියට අනුකූලව ව්‍යාපාර කරනවනම් මොකටද දේශපාලකයන්ට මුදල් දෙන්නෙ.
අයියෝ බනාන සුජීව ඇදගෙනම නාන හැටි
ඔය කතාව කියන්න තිබුනේ සල්ලි ගත්තු දවසනේ
මෙයත් එක්තරා අල්ලස් ගැනීමක් නොවන්නේද
මෙයා 2020 ජනපතිවරණය ඉල්ලන්න ඉන්න නිසා මුදලාලිලා ලක්ෂ ගණන් දෙනවා ඇති.
මහබැංකු බැදුම්කර කොමිසම පත් කිරීමෙන් සිදු වුණේ හොරු අල්ලන්න කියල ආපු වැඩේ යට ගිහින් තමන්ගේම හවුල්කාර පාර්ශ්වය නැත්තටම නැති කිරීමයි. සාමාන්‍ය ජනතාව "බැඳුම්කර" කියා සිතන්නේ "මහ බැංකු මංකොල්ලය" කියන තරමට මේ ප්‍රවෘත්තියට අසාමාන්‍ය ප්‍රචාරයක් දෙමින් පවතිනවා. මාධ්‍ය නිදහස දැන් දොරේ ගලනවා නමුත් එය භාවිතා වෙන්නේ වල් බුරු නිදහසක් ලෙසටයි. දැන් කෝ අර වහන්නේ නැතුව නඩු අහනවා කිව්ව විශේෂ උසාවි? මිහින්ලංකා එයාලන්කා කොමිසන් තියෙනවාද නැද්ද කියල ආරංචියක් නැහැ. මේ සියල්ලගෙන්ම පෙනෙන්නේ ආණ්ඩුවේ වැඩ කටයුතු මහජනතාව වෙතට ගෙනයාමට අපොහොසත්ව ඇති බවයි. ලංකාවට අවශ්‍ය රටපුරා දේශපාලඥයින්ගේ යෝධ රුප ඇතුලත් තෝරන් දකින්නට පුළුවන් පුහු "සෝබන" සන්දර්ශනයි. රට දියුනුකිරීමක් නෙවේ.
මන්ත්‍රීකමේ ඉන්න හෝ පගා මුදල් තියාගන්න අයිතියක් නැහැ . ඡන්දෙ ට පස්සෙ සල්ලි අරං තියෙන්නේ . කළින් ගන්න එකත් වැරැද්දක් . මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි .
ඇලෝසියස්ට කෝල් කලේ පොතට ඕන කරුණු ගන්න කියපු එකේ අනිත් කතාව තමා මේ. පොත මුද්‍රණය කරලා ඉවර වුණාම කරුණු ගත්ත වගේ මේකත් ඡන්දෙ ඉවරවෙලා මුදල් අරන් තියෙන්නේ. මේ රටේ දුෂිතම වෘත්තිකයන් ගැන රන්ජන් රාමනායක කිව්ව් කතාව හරි. අපේ අවාසනාවට පාර්ලිමේන්තුවේ ඉන්නේ උසස් පෙළ අසමත් සෑහෙන ප්‍රමාණයකුයි දුෂිතම වෘර්තිය කරන පුද්ගලයන් පමණයි.
අනේ ඇත්තට හොරු අල්ලනවා කියල ඇවිත් රටට කරන විනාසය !
හි හි මේගොල්ලෝද මේ ඉල්ලා අස්වෙන්න යන්නේ, එහෙනම් ඉතින් ඉස ඉසෙල්ලම අස් වෙන්න ඕන "හොරකමට බය නැති" ලොක්කනේ.
ඡන්ද වැඩට මුදල් ගැනීම නීතිවිරෝධි නොවන බව සුජීව කියයි. ඡන්ද වැඩට මුදල් ගැනීම අද ඊයේ සිදුවුවක්නොවේ.බොහෝ විට මෙම මුදල් ලබාදෙන්නා හෝ ආයතනය මැතිවරණයෙන් පසු පුද්ගලික වාසි බලපොරෝතුවේ. ආසියානු දෙශපලනයේ හැටි එසේය. ලංකාවේ දෙශපලනයේ මෙය සිදුවන ආකාරය වෙනස්කල යුතුය. ලංකාවේ දෙශපලකයන්ට සහ පක්වෂලට මුදල් පුද්ගලිකව හෝ රහසිගතව ලැබුනත් ලෝකයේ බොහෝ දියුණු රටවල පවා මෙය ප්‍රසිද්දියේ සිදුවේ. නමුත් එම ආකාරයට වලින් එකතුවන මුදල් පිළිබද එම පක්ෂය විසින් රටට ප්‍රසිද්ද කරනු ලැබේ. සියලු මුදල් එකතුවන්නේ පක්ෂයේ අරමුදලටය ගිණුමට එකටය. එම ලැබෙන සැම මුදලකටම රිසිට් පතක් පක්ෂය විසින් නිකුත් කරනු ලැබේ. ලංකාවේ දෙසපලකයන්ට මෙතෙක් ලැබුනේ අර්ජුන ඇලෝසියස් ගෙන් මුදල් පමණක් ද? එම ලැබුණු මුදලට නීතිඥ කෙනෙකු වන සුජීවට සහ මුදල් ලබාගත් අන් සියලුම දෙනා රිසිට් පතක් නොදී සිටීම ගැන නොදැන සිටියාද. රිසිටුවක් නොදී මුදල් ලබා ගැනීම වරදක්ය. බෙල්ලට තොන්ඩුව වැටුනට පසු බොහෝදෙනෙක් අර්ජුන ඇලෝසියස් පමණක්නොව ඔහුගේ ආච්චි, සීයා පවා නෑදෑයන් බව පුනපුන කියා සිටී. දෙශපලකයන් මේ විහිළු සපයන්නේ ලංකාවේ මිනිස්සු මෝඩයන් සේ සලකාද.
අැයි නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ.. මෙතුමා පිළිඅරන් තියෙනවනේ මුදල් ගත්ත කියල.. මේක පැහැදිලි අල්ලස් ගැනීමක්. . එකනේ මහා බැංකු ගනුදෙනුව වංචාවක් නෙමේ කියල පොත් ගැහුවේ.. පාර්ලිමේන්තුවේ අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් මෙතුමා පෙනී සිටිය... කෝ එෆසීඅයිඩි
මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමටත් එම ලබාගත් මුදල් සමාජ සේවා කටයුත්තකට යෙදවීමත් තමා එකඟවන බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. සුජීව ඉල්ලා අස්වෙන්න පවා සූදානම්ලු. අගමැතිතුමා, කතානායකතුමා, මහානායක හිමියන් හෝ එවැනි ඉල්ලීමක් කිරීමට කිසිසේත්ම අවශ්‍ය නැත. එයට හේතුවනම් අගමැතිතුමා, කතානායකතුමා, මහානායක හිමියන් හෝ එම තිදෙනාගෙන් එක් අයකු හෝ අර්ජුනගෙන් මුදල් ලබාගැනීමට කියා සුජීවට කියා තිබේද? සුජීවට කියන්න තිබෙන්නේ නිතිය නිවැරදිව දන්නවානම්, නීතියට ගරුකරනවා නම්, කොන්දක් තිබෙනවානම්, මධ්‍ය ඉදිරිට ගොස් හඬන්නේ නැතිව කොන්ද කෙලින් තබාගෙන අරය මෙයා ඉල්ලා අස්වන්න කියනකම් ඉන්නේද නැතිව ඉල්ලා අස්වී පෙන්න්වනලෙසය. එවිට ඔබට කොන්දක් තිබෙන බව ලංකාවේ මිනිසුන්ට පෙනේවි.
මෙයාට නීතිය මගින් නිසි දඬුවම දිය යුතුයි.බොරු කියමින් ජනතාව රවටමින් ,අන් අයට මඩ ගසන මේ වගේ නරුමයන් දේශපාලනයට තියා මේ පොළවෙහි ජීවත් වීමටද සුදුසු නැත.මේ වගේ අසමජ්ජාතින්ට ජනතාව පිළිතුරු දිය යුතුය.ලොකුකම කියා පෑවට මොවුන් වසලයින්ය 2015 හංස ගීතය වටා එක්ව ක්‍රියාකළ පිරිස මුදලට රට විනාශ කල වුන්ය. බොරුවට යටි ගිරියෙන් බෙරිහන් දෙන දුශිතයන්ව පලව හරිය යුතුය.
තවමත් මෙයා කියන හැටි විතරක්, මේ සල්ලි ගත්තේ ඡන්ද වැඩට කියල. දින වකවානු වලින් මේ තරම් පැහැදිලිව එළිවෙද්දී සල්ලි අරන් තියෙන්නේ ඡන්දෙන් පස්සේ බව, මෙහෙම කියන්න හිරිකිතයක් නැද්ද? ටිකක් හරි නමක් රැකිලා තියෙනවා නම් ඒක රැක ගන්න උත්සාහ නොකර තව තවත් අපි රවටන්න හදනකොට අම්මප පුදුම තරහක් ඇතිවෙන්නේ.
මේක විහිළු කතාවක් නේ. තමන් වැරිදි කළානේ තව කවුරු හරි කියන්න ඕනේද ඉල්ලා අස්වෙන්න
මතට තිත කියල මුන් බිල ගහනවා බලපුවම මුන් අරක්කු ව්‍යාපාර වලින් තමා ඔක්කොම ජාවාරම් කරන්නේ අහිංසක මිනිස්සුගේ සල්ලි නේද බොලව් තොපිලට දෙවියෝ බලාගන්න වෙනවා
ඔය අයත් නැහැඡන්දයකට යන්නේ අරක්කු ගත් දේශපාලකයෝ කී දෙනෙක් ඉන්නවාද දන්නේ නැහැ
ලොක්කා අතට පත්වී තිබෙන වාර්තාවෙන් කියවෙන මුදල් ලබාගත් පුද්ගලයන්ගේ නම් හෙළිකරන්න කියා ඉල්ලා සිටියට එම වාර්තාවේ විශේෂ කෙනෙකුගේ නමක් තිබෙන නිසා හෙළිකරන්න නොහැකිව ලොක්කා ලතවෙනවාලු .. එම විශේෂ නම අයින් කරලා ප්‍රසිද්ධ කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතිනවා කියලයි අපිට ආරංචි .
ඔබ චේතනාවෙන් නිර්දෝෂී වී ලෝකයා ඔබට ඔබ වැරදිකරුවෙක් කියා කීවත් ගැටළුවක් නොවේ ... නමුත් චේතනාවෙන් ඔබ වැරදිකර ලෝකයා ඔබට ඔබ නිර්දෝෂී පුද්ගලයෙක් කියා කියනවනම් එය ගැටළුවක් .. ඔබ කියලා තිබෙන පරිදි මිලියන් ගණන් වියදම් කර කැම්පේන් කරලා බලයට එන්නේ ජනතාවට කොරන්නද ? ඔබලාගේ ඔය කපටි මොළ වලින් අසරණ ජනතාව මුලා කරන්න එපා .. රටේ සාරය උරාගෙන බොන්න එපා ..දෙවියෝ යම් දැනුමක් මොලයක් දුන්නානම් එයින් යහපත් දේ කරන්න ...නැතිනම් වෙන්නේ යන ස්ථානයේ ලෝදිය බිබී ඉන්නයි .
මැතිවරණ කොමසාරිස් කිව්වා විදියට මැතිවරණයට පෙර වත්කම් හෙලිකල යුතුය. මැතිවරණයෙන් පසු එයට කල වියදම් සහිතව යලි වත්කම් හෙලිකල යුතුය. ඔය රැවටිලි කතා හරියන්නේ නැහැ. හැමදාම මේ රටේ බන කියන්නේ මේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට විතරයි. එත් මේ කපටි දෙසපලුවෝ කවදාවත් ඔය බන පිළිපදින්නේ නැහැ. එකයි මේ සමාජය හරි මගට එන්නේ නැත්තේ.
මහින්ද රාජපක්ෂ මහත්තයට නිකරුණේ මඩ ගහපු ඒවයි විපාක දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් ඵල දෙනවා
අපේ රටේ බුද්ධිමත් ජනතාවට පින් සිද්ද වෙන්න මේ වගේ ඇමැතිල හැමදාම පත්වෙයි.
ඒ කාලේ මෙයා දීපු ලොකු කතාවල හැටියට රෙද්දක් ඇඳගෙන පාර්ලිමේන්තුවට යන්න පුලුවන්ද? එක අතකට මහ හොරකම කරන්න මහේන්ද්‍රන් ගෙනැල්ල දාලා ඔය සුද්දා වගේ ඉන්නේ... ඊළඟ ඡන්දෙට ලංකාවේ ඡන්ද දායක අය කියාවි හොරකමක් නැති නායකයා කියලා. ලංකාවේ මී හරක් ඉන්නකන් එයාලට කමක් නෑ. රටට ආදරේ තියෙන මිනිසුන්ට මඩ ගහලා එයාලා එලවලා රට විකුණන හාල්පාරුවන්ට රට බාර දීලා...
හිර ගෙවල්වල ඉන්න හොරුන්ටත් මෙය සාධාරණ විය යුතුයි. ඒ අයත් හොරකම් කල සල්ලි ආපසු දුන්විට නිදහස් කළ යුතුයි.
එදා මහින්දට හොරා හොරා කියලා ගිරිය පුප්ප්පගෙන කොච්චර මඩ ගැහුවද මේ සුජීව? එදා බුදුහාමුදුරුවො වගේ කතාව. එත් බුදු බන ඇත්ත කියල තේරෙන්නෙ දැන් තමයි? සුජිවට දිට්ඨ ධම්ම කර්මය පල දීලා…… බොරුවට මඩ ගහලා තමන්ම ඒ ගහහු මඩ වලේම වැටිලා……. ගොඩ එන්නට බැරි විදියටම……. චිකේ ලැජ්ජා නැද්ද? ඒ වගේම දේශපාලුවන් ගේ ඡන්ද ව්‍යාපාරවලට තමන්ගෙ නම දේශපාලුවන්ට නොකියා ලක්ෂ 30 ක දාන පාරමිතාවක් පුරන අරුම පුදුම රටක්නෙ මේක…….. අම්මප මුන් තාමත් හිතන්නේ 2015 ඡනදය දුන්නු රට ගොන්නු කියලා…… මෙදා පොටේ ඒ වැරදිලා….. කඩුවෙල ජනතාවනි ගනු කොස්ස දෙනු කොසු පහර….
මින් පැහැදිලි වන ප්‍රධාන කාරනය ප්‍රජා තන්ත්‍රවාදය සර්වජන ඡංදය යනු මහා ප්‍රොඩාවක් බවයි අප නියෝජනය කරන මහජ න නියෝජිතයන් යනු පල් හොරු රෑනකි. ඔවුන් සියලු අසමජ්ජා ති පාධඩ කම් කරමින් අපට නීති සම්පාදය කරයි,අපට බදු පන වයි ඒ මුදල් ද මංකොල්ල කයි.ඒ මුදලින්ම අසීමිත සැප සම්පත් බුක්ති විදිති. ශේෂ්ට පුරවැසියා ඔවුන් මැතිවරන කාලයේදී ලැබේ න බත් පැකට් එකට අරක්කු වීදුරුව ඔවුන් මන්ත්‍රී කරයි
මේ ප්‍රශ්නය මීට වඩා පුළුල් විදිහට විමසා බැලිය යුතු දෙයක්... පසුගිය මහා මැතිවරණයේදී අර්ජුන් මහේන්ද්‍රන්, පොදු අපේක්ෂකයාගේ පටන් බොහෝ දෙනාට අඩුවැඩි තරමින් මුදල් ලබා දුන් බව පැහැදිලියි. තත්වය එසේ තිබියදී ශ්‍රීලනිපයේ සමහර දෙනා වැඩේ අතට හසුවෙනතුරුම බැඳුම්කර සිද්ධියට නොකඩවා දොස් කිව්වා. දැන් ගලේ මොනවද දැම්ම බළලා වගේ කරගන්න දෙයක් නැතිව දඟලනවා. කොමිසම් දැම්මත්, මේ මුදල් පොදු අපේක්ෂකයාගේ පටන් බොහෝ දෙනා ප්‍රයෝජනයට ගෙන තියෙනවා. දැන් කරන්න තියෙන්නේ ඒ සියලු මුදල් මහා භාණ්ඩාගාරයට ලබාගෙන, අර්ජුන් මහේන්ද්‍රන්ගේ තහනම් කොට තියෙන වත්කම් සහ මුදල්ද මහා භාණ්ඩාගාරයට ලබාගෙන ජනතාවගේ බදු හා බඩු මිල අඩු කිරීමයි. ඉන්පසු මෙම වංචාව ගැන පමණක් කතා කරමින් අධිකරණය මගහරිමින් සිටින අනෙකුත් සුළු හා මහා පරිමාණ හොරකම් වලද මුදල්ද ඉක්මණින්ම මහා භාණ්ඩාගාරය වෙත ලබාගත යුතුයි.
මේ අයයි, ඒ අයගේ නායකයින්වයි හිරේ දාන්නයි වටින්නේ...
ඉල්ලා අස්වෙලා වැඩක් නෑ මහත්තයෝ, කරපු කියපු දේවල් වල හැටියට දැන් තියෙන්නේ වහකන්න තමයි.
අහිංසක මිනිස්සු විකුණං කනවා ... රටේ දියුණුව ගැන කිසිම අවධානයක් නැහැ මේ අයට නම්...
කතාවෙන්ම පේනවා මීට වඩා අරන්තියෙන බව. අහුවුනේ මෙච්චරයි. තක්කඩි දේශපාලකයන්ව ආයෙත් පත්කරගන්නෙත් මෝඩ ජනතාවමනේ. මේ අයට නම් ලජ්ජාව කියන නාමයක් ගෑවිලාවත් නැහැ. නමුත් මෝඩ ජනතාව ගැනතමයි තරහක් ඇතිවෙන්නේ.
මුදල් ගත්තෙත් අගමැතිතුමා, කතානායකතුමා, මහානායක හිමියන්ගේ ඉල්ලීම නිසාද?
මෙන්ඩිස් සමාගමෙන් ඡන්ද වැඩවලට මුදල් ගැනීම ඔහුගේ ඉන්වෙස්ට්මෙන්ට් එකක්... කියන්න පුළුවන්ද එ්කෙන් කොච්චර හම්බ කළාද? අපි නම් කීයක් හරි බැංකුවට දැම්මොත් ටැක්ස් කරනවා. හම්බ කරපුවට ඔබ කොච්චර ටැක්ස් ගෙව්වද දෙපාර්තමේන්තුවට? ගත්තු මුදල් අාපහු දුන්නත් ලාභයි. හොයලා ඉවරයිනේ...
අනේ එපා ඇමැතිතුමා... තව කීයක් හරි නිකන් මහන්සියක් නැතුව හම්බ කරන්න පුළුවන්.. රස්සාව අත හරින්නේ අපරාදෙනේ... යෝධබල, යෝධ ශක්තිය ලැබේවා තවතවත් ජරාව කන්න..!
අල්ලස, හොරකම, දූෂණය, රාජ්‍ය මුදල් අවභාවිතය ගැන ඔබ මැතිවරණ වේදිකාවේ උගුර ලේ රස දැනෙන කම් කළ හැඟීම්බර කතා තවමත් අපේ දෙසවන්වල රැව්දෙයි. ඔබේ මැතිවරණ රාජකාරි කළ මිතුරන්ගෙන් හඬ පටියක් ගෙන්වා ගෙන අසන්න.
දයාබර ඔබට... බැඳුම්කරේ ඊළඟ පුද්ගලයා නම් කර නොමිලේ සිංගප්පූරු සවාරියක් දිනාගන්න.. (අර්ජුන ඇලෝසියස් හම්බවෙන්න). නැතිනම් සුඛෝපභෝගි නිවසක් රවී කරුණානායකගේ නිවාස අසලින් ලබා ගන්න.. ඉක්මන් කරන්න.. ඉතිරිව ඇත්තේ තව දින කිහිපයක් පමණි...
අස්වෙන්න... ඉල්ලන්න ඕනෙ නැහැ.
රුපියල් ලක්‌ෂ තිහක මුදලක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහගේ නම ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස රජයේ ප්‍රබලම දේශපාලනඥයන් කීපදෙනකු නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට දැඩි බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වෙයි. බලපෑම් කොතෙක් දරුණුද කිවතොත් පරීක්ෂණ කණ්ඩායම ඉන් ඉවත් වීමට පවා ගොස් ඇත. අප මේ පසුකරන්නේ ඉතාමත් කටුක යුගයක් .. ඉතා අවංක දක්ෂ අපරාධ පරීක්ෂණ නිලධාරීන් පිරිසක් අපට ඉන්නවා. නමුත් ඔවුන්ට ඔවුන්ගේ සේවය නිසිලෙස කිරීමට මේ මඩගොහොරු දේශපාලනය හරස් වෙලා .. ඔබ ඔබලාගේ සේවය යටත් නොවී කරන්න ඔබලාට ශිෂ්ට සම්පන්න ජනතාවගේ ආශීර්වාදය නොඅඩුව ලැබෙනවා .
ලක්ෂ 32ක් අරගෙනත් කෙසෙල් කැන් 10ක් බෙදන්න බැරිවුණා. පාර්ලිමේන්තුවට නිර්වස්ත්‍රව එන්න.
බටහිර රටවලත් සමාගම් සහ පාක්ෂිකයන් දේශපාලන පක්ෂ වලට මුදලින් උපකාර කරනවා නමුත් ඒවා කරන්නේ විනිවිධ භාවයක් ඇතිව , එම පක්ෂ එම මුදල් ත්‍යාග පිළිබඳව අදායම් බදු වාර්තාවල සඳහන් කරන අතර ඉන් කොටසක් බදු වශයෙන් රජයට ගෙවනවා , මේවගේ නිකන් චෙක්පත් ලියල දේශපාලකයන්ට දෙන හෝ ඒවා ආරක්ෂක නිලධාරියෝ ලවා මාරු කරවන සිරිතක් මෙහෙ නැහැ , ඉල්ලා අස්වෙනවා කියන එකේ තේරුම තමා විසින්ම එක තීරණය කිරීම , එම තීරණය නායකයන්ගෙන් ලැබෙන තෙක් සිටිනවා කියන්නේ ඉල්ලා අස්වීමක් නොවේ , බටහිර දියුණු රටක මෙහෙම සිධියක් වුන නම් ඉල්ලා අස්වීම කෙසේ වුනත් ඔහුට අනිවාර්යයෙන් සිරදඩුවම් සහ විශාල දඩයක් ගෙවන්න වෙනවා , ඔය සුද්දවන්තයෙක් කියල මොර දෙන පක්ෂ විපක්ෂ දේශපාලකයන් රටට ආදරයක් තිබෙනවා නම් අනිවාර්යයෙන් ,යුරෝපයේ හා සමාන නීති පනතක් මගින් පාර්ලිමේන්තුවට ගෙන අ යුතු බව මගේ අදහසය.........
ගිය මැතිවරණ කාලේ මහින්ද මහත්තයාට ලේබල්කරා පට්ට හොරා කියලා. කිව්වේ මම සල්ලි කාරයෙක් කියලා. මෙය මහින්ද රාජපක්ෂ මහත්තයට නිකරුණේ මඩ ගහපු ඒවයි විපාක දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් ඵල දෙනවා.
ආසියාවේ ලොකුම එක්කෙනාට කළදේ කොරන්න කලින් දැම්ම දොට්ට බැහැලා ගියොත් නරකද? අනික් ෆුට් නොට් කාරයෝත් එක්ක මොකද ඒ ගොල්ලෝ ගත්ත ගණනුත් එලියට එවි....................
කිය කිය ඉන්නේ ඉතින් අයින් වෙලා යන්නනේ තියෙන්නේ..............
මමත් ඔබට මනාපයක් දුන්නු චන්දදායකයෙක්. ඔබ ඉල්ලා අස්වෙන්න.
හලෝ ඔහේව පාර්ලිමේන්තු ගෙනාවේ රනිල්වත්, සිරිසේනවත්, මල්වත්තේ හාමුදුරුවෝවත් නොවෙයි... රටේ ජනතාව... ජනතාව ඔහේව පන්නා දමන්න කලින් ෆුට් නෝට් ටිකත් අරගෙන කලින් නම්බු ඇතුව යනවා නම් හොඳයි නේද?
ඔය සල්ලිවලට ඇඹිලිපිටියෙන් කෙසෙල් අරගෙන බෙදුවනම් හරි නේද ?