(දයාරත්න ඇඹෝගම)
පාර්ලිමේන්තුවේ එහා පැත්ත-මෙහා පැත්ත බැණ ගන්නවා. හැබැයි මෙන්න බොලේ කැන්ටිමට ගියහම දෙන්නා එකට කනවා. ඒ වගේම මේ පැත්තෙන් බැනලා එළියට ඇවිත් කියනවා "මචං බැන්නට ගණන් ගන්න එපා කියලා" හැබැයි ගමේ කෙනා අත-පය කඩාගෙන, කොඩිවැල කඩාගෙන.ඥාතිකම නැති කර ගෙන මිත්‍රත්වය නැති කර ගෙන ගමේකම නැතිකරගෙන හැමදේම නැතිකරගෙන දේශපානය නිසා බෙදිලා කඳවුරු ගතවි සිටින බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඇමැතිවරයා මෙසේ පැවසුවේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ අනුරාධපුර කලා වැව මැතිවරණ කොට්ඨාසයේ රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙත දින ඉඩම් ඔප්පු හා බලපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යය ගයන්ත කරුණාතිලක, වාරි මාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක , කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රාණි බණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් රාජාංගනය මහසෙන් මහා විද්‍යාලීය ප්‍රදාන ශාලාවේදී ඉඩම් බලපත්‍ර හා දීමනා පත්‍ර කඩිනමින් ලබාදීමේ වැඩසටහන පැවැත්විණි.
අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙම උත්සව සභාව අමතමින් මෙසේද පැවසිය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු ඇමැතිවරු අපි සියලු දෙනා බොහෝම සමාදානයෙන් එකම මේසයේ වාඩි වෙලා කාලා බිලා ඒ ගොල්ල ආණ්ඩු කරද්දී අපේ වැඩ ටික අපි කරගන්නවා. අපි ආණ්ඩු කරද්දී ඒ ගොල්ලන්ගේ වැඩ ටික ඒ ගොල්ල කර ගන්නවා.
හැබැයි තාමත් අපේ ඔලුව තියෙන්නේ 77-78 කාලයේ. ඉතිහාසයේ ගුටි කාපු එක, පලි ගත්ත එක, වෛර කරපු එකත් එක්ක තමයි තාමත් දේශපාලනය නැවතිලා තියෙන්නේ. හැබැයි අපි ජාතික ආණ්ඩුවක් හැදුවේ පක්ෂ පාට බලන්නේ නැතිව මැතිවරණයකදී අපි අපේ ප්‍රතිපත්තීන් එක්ක හැප්පෙනවා, ප්‍රතිපත්තියත් එක්ක අපි සටන් කරමින් ඡන්දයට යනවා.
හැබැයි ජාතික ආණ්ඩුවේ අපේ බලාපොරොත්තුව ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්න ටික විසඳීමයි.
සාමාන්‍යයෙන් ආණ්ඩුවෙන් වැඩක් කරන කොට විපක්ෂයේ ඉන්න අය කියනවා අපි ඔයිට වඩා දෙයක් දෙන්න සූදානම් කියලා. එහෙම වුණාම රටේ දැවෙන ප්‍රශ්න වලට අපිට විසඳුම් දෙන්න බැරිවෙනවා, රටේ දැවෙන ප්‍රශ්න මේ දේශපාලනයේ තියෙන කඳවුරුත් එක්ක ආපස්සට ගියා.හැබැයි මේ ජාතික ආණ්ඩුව හැදීමේ ප්‍රධාන අරමුණ තමයි මේ රටේ දැවෙන ප්‍රශ්න වලට සාධාරණ විසදුම් ලබා දීම.
මෛත්‍රීපාල සිරිසේන මහතාත්, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් දෙන්නම එකට එකතු වෙලා.ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙලා මේ රට අපි ගෙනියන්න යන්නේ මෙන්න මේ තැනට.
ඒ ගමනේ කොටස්කාරයෝ පංගුකාරයෝ වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.කැමති පක්ෂයක සාමාජිකත්වය ගන්න. කැමති පක්ෂයකට කතිරය ගහන්න. හැබැයි රට යායුතු තැනේදී පක්ෂ පාට භේදයකින් තොරව හැමෝම එකට අත්වැල් බැඳගත්තොත් අපේ දරුවන්ගේ අනාගතය සුභවාදී වෙනවා යැයි පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ඕක දන්නවා ඇමතිතුමා. නමුත් රටේ බහුතරයක් ජනතාව තවමත් පක්ෂ පාට වලට කඩේ යනවා. ප්‍රධාන පක්ෂ වල ඡන්ද ගුණ්ඩු වලට රැවටෙනවා. තමන්ගේ වාසිය ගැනම හිතනවා. ඉතින් ඒ ගොන්කම නතර කරලා රට දිනවන්න පුළුවන් විදියට එකා වගේ හිටගන්න දවස එනකන් මේ දේශපාලකයෝ ටිකම මේ රට පාලනය කරාවි.
මේ පාරත් ඡන්දෙ දෙමු නේද මේගොල්ලන්ට? පව් මොන තරම් අපි ගැන හිතලද දේශපාලනේ කරන්නේ?
බැණ ගන්නවා. ගහ ගන්නවා. ආයෙත් යාළුවෙලා එකට කනවා බොනවා. මේක තමයි අපේ රටේ තියෙන ජරා ජීර්ණ පිළිකුල් දේශපාලනය. කිසිම ප්‍රතිපත්තියක් නැහැ. ඇත්තටම මේ රටේ මිනිසුන් තරම් වෙන රටවල මිනිසුන් අවාසනාවන්ත නැහැ. අප අපේ ජාතිය, ආගම ආදී දේ ගැන මහා ඉහළින් කතා කෙරුවට අපේ පාර්ලිමේන්තුවේ තත්වය ගැන ඒ අයගේම කටින් කියවෙන දේවල් මොනතරම් ප්‍රණීතද ? බුද්ධිගෝචරද ? මේ වගේ කතා කියන්නේ අපව මෝඩයන් සේ සලකා නේද ?
අනේ "මලයට" කියන්න අපි අදමනේ මේ බව දන්නේ..... අවසානයේ හරි "මලය" අපව දැනුවත් කලාට " අපිනම් අවංකව ස්තුතිවන්ත වෙන්නේ නැහැ,... මොකද මේ නාටක ගැන අපේ දෙමවුපියෝ අපව දැනුවත් කරලත් දශක ගණනාවක් වෙනවා. ඉතින් බොරුවට ඇනකොටා ගනිමින් මහජන මුදල් මොනතරම් කාබාසිනියා කරන්න ඇද්ද ? ඒ පාප කර්මෙට ඔබ තුමත් හොදින් දායක වෙලා බව අප සියල්ලෝම හොදින්ම දන්නවා. නමුත් 225 දෙනාගේම තම තමන්ගේ සුකවිහරණයට, ලැබ ප්‍රයෝජන වලට පිං පඩිත් පිං විශ්‍රාම පඩිත් සියලුම දීමනා වලටත් යහමින් සුහදව අත උස්සන බවත් අපිනම් ඉතාමත්ම හොදින් දන්නා .
මෙයා මේ කතාව කියන ගමන්ම අනිත් පැත්තෙන් ඉල්ලන්නේ එයාලව බලයට සහ ඉදිරියට ගෙන යන්න කියලම නේද? මෙහෙමත් මෝඩ රැලක් කියල අපි ගැන එයාලව හිතනවා ඇති. පවු අප්පා අපි ගැන අපිටම දුකයි. අනේ හරි හමන් එකෙක් නැහැනේ මගේ ඡන්දය දෙන්න.
ඕක අපි දන්නවා. බොරුවට පාර්ලිමේන්තුවේ සහ මාධ්‍ය මගින් කල කෝලාහල කළාට, ඔබතුමාලා සියලු දෙනාම එකට එකතුවෙලා සමුපකාර ක්‍රමයට රටේ සාරය උරා බොමින් අපිව හූරගෙන කන බව...
ඒ ඇරෙන්න සල්ලිවලට තමන්ගේ ජනතාවගේ අපේක්ෂා පාවලා දෙනවා. කුලියට ගොඩනැගිලි ගන්නවා. තව කෝපමණ දේවල් තියෙනවද හවුලේ කරනකොට...
බොරුවට රණ්ඩුවෙලා පාර්ලිමේන්තුවේ කැන්ටිමේදී විතරක් නොවේ මුළු රටම කනවා. බැඳුම්කර ගණුදෙනුවේදී ආණ්ඩු පක්ෂයයි, විපක්ෂයයි දෙකම හවුලේ වැඩේ දුන්න විත්තිය දැන් රටම දන්නවා.
ඒ යාළුකම නිසා නේ එකමුතුවෙන්, පක්ෂ පාට බේදයෙන් තොරව ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තේ.
රවීන්ද්‍ර ඔයාලා දන්නවා වුණාට මේ දෙගොල්ලන්ට ඡන්දෙ දෙනවනේ...
යන එන මං නැති වෙලා කියලා තේරුණාට පස්සේ තමයි වමාරන්න ගන්නේ...
මෙතන සමහර කොමෙන්ට් දැක්කම රටට වෙලා තියෙන දේ ගැන පුදුමයක් නැහැ. හැමෝම දන්නවා දන්නවා නම් කියනවා. නමුත් ඡන්දයකදි ඡන්ද පොළට යන්නේ ඔය කියන දන්න දේවල් ගෙදර කුණු බක්කියට දාලා. නැත්නම් අවුරුදු 50ක් (විශේෂයෙන් 77න් පස්සෙ) තිස්සේ ඉන්නේ හොරු බව දැන දැනත් මේ පක්ෂ දෙකටම චන්දය දානවා. දැන් හොරු එකතු වෙලා, අනික් හොරු රැල බලය ගන්න අත් පිරිමදිමින් ඉන්නවා. ඊළඟ ඡන්දෙදිත් මේ ඉන්න උගත් මහත්තුරු හොරුන්ටම කතිරෙ ගහලා පස්සෙ දත් නියවමින් ඉඳීවි. මේ දෙකෙන් පිට කුමන පිරිසකට ඡන්දය දුන්නත් හොරු පත් නොවෙන්න 50% අවස්ථාවක් තිබෙන බව නිකමට හිතන්නේ නැහැ. ඇහුවොත් අනික් අයට ප්‍රතිපත්තියක් තිබේද ප්‍රශ්න කරනා අය මොවුන් අවුරුදු 50 ප්‍රතිපත්තිගරුකද යන්න කල්පනා කරන්නේ නැහැ. අවාසනාවට කියන්නට ඇත්තේ, රටක් පාලනය වන්නේ ඒ රටේ මිනිසුන්ට ගැලපෙන්නන් බවයි. දියුණු රටවල යහපත් පාලකයන් පත් වන්නේ, මිනිසුන් තමන්ට යහපතක් වන්නේ රට යහපත් වූ විට බව තම බුද්ධියෙන් සාක්ෂාත් කරගෙන සිටින නිසායි. එසේ නොමැතිව ලාංකිකයින් සිතා සිටින පරිදි ඉබේ පහළවූවන් නොවෙයි. කලක් යහපත් නාමයක් රැකගත් දිනේෂ් ගුණවර්ධන වැන්නන් දෙස බැලුවහම සිතාගන්නට හැකියි.
ඔවු ඉතින් මොන නාඩගම නැටුවත් දෙපැත්තේම ඉන්න මන්ත්‍රීවරුනට පගාව , කොමිස් ,නිවාස ,වැනි දේවල් වලින් මිලියන ගණනින් ලැබෙන බව බැදුම්කර සිද්ධියෙන් පෙනී යන අතර මිලියන 15 වැඩි වටිනාකමක් සහිත වාහන පර්මිට් ඇතුළු තව තව වරප්‍රසාද රජයෙන් ලබාගන්නවා , ඉස්සර මේ හොරකම් සහ කෝලම් හැඟී හැඟී කලාට අද ඒවා සාධාරණිකරණය කරමින් ඒගැන වේධිකාවල මහා ලොකුවට කතා කරනවා , ජාවාරම් කාරයන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිලට හොරකම් කරගැනීම සදහා මිලියන ගනන් පගාව දෙන අතර , විරුද්ධ පක්ෂ මන්ත්‍රිලටත් පාර්ලිමේන්තුවේ මේවා ගැන කතාකිරීමෙන් වැළකිලා ඉන්න එකට මිලියන ගනනින් ගෙවීම් කරන බව 118 ලිස්ට් එකෙන් පෙනෙනවා , දුප්පතාගේ වාහනය වන ත්‍රිරෝධ රථයටත් අපි ලක්ෂ 4 කට වැඩි ප්‍රමාණයක් බදු ලෙස ගෙවනවා.
ඇමති දුමින්දගේ කතාව දෙගොල්ලෝ එකතුවෙලා රට ගොඩනගන්න. හැබැයි කෙරුවාව.. දෙගොල්ලෝ එකතුවෙලා මහබැංකුව සුද්ධ කිරීම... ඇලෝසියස්ගේ කළු සල්ලි බෙදාගැනීම සහ කෝටි ගණන් රටේ මිනිසුන්ගේ සල්ලි වලින් ගෙවීම... මේ දෙගොල්ලන්ගේ එකතුවෙන් කරන සියලු අපත වැඩවලට අපෙන් බදු ගැසීමේ.... වැඩවලට නම් හොඳක් වෙන්නේ නැහැ.
දුමින්ද ගැන ඇත්ත 2020 ලන්වෙනවිට කව්රුහරි වමාරයි. සමහරවිට වමාර නැවත කන්නත් සිදුවේවි. දේශපාලුවන්ට ඒ කෑම අරුමයක් නොවෙයි.