තරිඳු ජයවර්ධන
වසරක වැඩ තහනමකින් පසු ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝග මත සේවයේ පිහිටවූ පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ රාජකාරි යළි අත්හිටුවීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
පොලිස් කොමිෂන් සභාව මගින් සේවයේ පිහිටුවා දින 20ක් පමණ රාජකාරි කිරීමෙන් පසු පොලිස්පතිවරයා විසින් මෙලෙස වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත නොවන බව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතාගේ රාජකාරි මුල් වරට අත්හිටවනු ලැබුවේ 2017 වසරේ දීය. වසරකට ආසන්න කාලයක් තිස්සේ වැඩ තහනම් කර ඇතත් චෝදනාපත්‍රයක් හෝ ලබා දී නැතැයි කියමින් ඒ මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවට කළ අභියාචනයක් අනුව 2018 ජනවාරි 18 වැනි දා රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව ඒ මහතා යළි සේවයේ පිහිටුවීමට තීරණය කළේය. ඒ බව 2018 පෙබරවාරි දෙවැනි දා නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ට හා පොලිස්පතිට ලිඛිතව දැන්වූ බව කොමිසමේ ප්‍රකාශකයෙක් කීවේය.
පොලිස්පතිවරයා කොමිෂන් සභා තීරණය ක්‍රියාත්මක නොකර ඇතැයි කියමින් එම තීන්දුව ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් ඩී එම් එස් දිසානායක මහතා අප්‍රේල් නව වැනි දා නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාට හා පොලිස්පතිවරයට දෙවැනි වරටත් ලිඛිතව දැනුම් දීමෙන් පසු මැයි මාසයේ දී ප්‍රියදර්ශන හේරත් මහතා රාජකාරියේ පිහිටුවා ඇත.
2009 සැප්තැම්බර් මස නව වැනි දා ප්‍රියදර්ශන හේරත් මහතා සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා යළිත් වරක් ඒ මහතාගේ වැඩ තහනම් කර එම නියෝගය නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවා තිබේ. මෙම චෝදනාව සම්බන්ධයෙන් 2016 වසරේ දී එවකට විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් අධිකාරීවරයාට අවවාද පත්‍රියාවක් ලබා දී තිබිය දී මෙම වැඩ තහනම් කිරිම සිදු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ජාතික පොලිස් කොමිෂන් සභාවේ උසස් නිලධාරියකු පැවසුවේ සහකාර පොලිස් අධිකාරී නිලයෙන් ඉහළ නිලධාරියකුගේ වැඩ තහනම් කළ යුත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාව වුවත් තම කොමිෂන් සභාව එම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට තීරණයක් ගෙන නොමැති බවයි. පොලිස්පතිවරයා මෙලස වැඩ තහනම් කිරීම ගැන එම පොලිස් අධිකාරීවරයා අද ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළ බව ද එම නිලධාරියා කීවේය.
මේ සම්බන්ධයෙන් විමසීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථන විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පති කෙනෙක් මොකටද? කොමිසමට පුළුවන්නේ මේ සේරම කරන්න.
එයා නීතිය නවන හැටි පොලිස් කොමිසමට උගන්වනවා වගෙයි. මේ වගේ අය මේ යහපාලනයටම හොඳයි. දැන් රට පාලනය කරන්නේ නැහැ. සවයංක්‍රීයව පාලනය වෙනවා.. කාට කියන්නද? යහපාලනයත් දෝරේ ගලනවනේ..
පූජිත මහත්තයා අනාගන්න වගෙයි හදන්නේ නේද?
මම නම් හිතන්නේ මේ කොමිෂන් වලට, මරණාධාර සමිතියකට තරම්වත් බලයක් නැහැ.
රටේ නීතියට පටහැනිව, අත්තනෝමතික විදියට කටයුතු කරන්නේ නම් පොලිස්පති තනතුරෙන් ඔහු ඉවත්කර දඬුවම් පැමිණවිය යුතුයි. එහෙම කරන්න ඔහුට ජනතාව විසින් බලයක් දීලා නැහැ. මේ තමයි කළ නීතිය ක්‍රියාත්මක වෙන හැටි. බැරිනම් වහාම ඉල්ලා අස්වී ගෙදර යන්න.
මෙතනදී පොලිස් කොමිසමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව පොලිස් කොමිසමේ මහත්වරු තමන්ගේ වගකීම් හා රාජකාරිය හරියට තේරුම් ගෙන කටයුතු කලයුතුයි. එහෙම බැරිනම් නම්බු පිටින් ඉල්ලා අස්වී ගෙදර යායුතුයී. එහෙම නැතිව පොලිස්පතිවරයා හෝ ඇමතිවරයාට ඕන ඕන ආකාරයට පොලිසිය හසුරුවන්න නම් මොකටද පොලිස් කොමිසමක්.
මේ කොමිසම් දැමිල්ලෙන් පොලිස් සේවයේ තත්වය පිරිහෙනවා. පඩි නඩි සඳහා තවත් අමතර මුදලක බර පීඩා විඳින ජනයාගේ හිස මත වැටෙනවා. පොලිස්පතිතුමාට ඉහළින් තිබිය යුතුවන්නේ අධිකරණයයි. කොමිසම නොවෙයි. පොලිස්පතිගෙන් සාධාරණය ඉටුනොවන්නේ නම් අධිකරණයෙන් සාධාරණය ඉටුකොටගත් නිලධාරීන් සිටිනවා. ඒ නිසා මේ පොලිස් කොමිසම නිසා රටේ සිටින පොලිස්පතිවරයා බාල්දු වෙනවා. පොලිස්පති වැරදිනම් ඔහු අධිකරණයට පැමිණවීම එම තනතුරට කෙරෙන හානියක් වෙන්නේ නැහැ. පසුගිය කාලේ සිදුවූ ජාතිවාදී අරගලවලදී පොලිස් කොමිසම නිදා සිටි අයුරු අපට මතකයි. මේ විදිහට ගියොත්, ත්‍රිවිධ හමුදාවටම කොමිසන් පත් කරන්න වේවි ඉදිරියේදී. එතකොට යුද්ධය දන්නා හමුදාපතිවරුන්ට වැඩ කරන්න වෙන්නේ කොමිසම කියන විදිහටයි. පොලිස්පතිට වෙලා තියෙන්නෙත් තමා මෙන් ප්‍රායෝගිකව පොලීසිය නොදත් කොමිසමට යටවී වැඩ කරන්නයි. එය රටක සිදු නොවිය යුතු දෙයක්...
අපි මෙතන මොනවා කීවත් ලීවත් පොලිස්පති තමන් කරන්නේ මොකක් දැයි නොදැන කරනවා නොවෙයි කියා මට හැඟෙනවා
මේකයි නිගමනය ,? කොච්චර සාක්ෂරතාවය ගැනත් 2500 ක ඉතිහාසය ගැනත් කැගහැවට බහුතරයක් නූගතුන්, කොමිශන් සභා වගේ ප්‍රජාතන්ත්‍රවාදී දියුණු ලොකයේ වැදගත් සිරිත් මෙවුනට තේරෙන්නෙ නැහැ. මෙනතරම් නීති තිබුණත් නීතියට හිස නවන්නෙ නැත්නම් වැඩක් නැහැ .
පොලිස් කොමිසම - පොලිස්පති එකාට එකා නැහැ............. ඉතින් කොහොමද රටේ නීතිය රකින්නේ එහෙමත් නැත්නම් නීතිය නවන්නේ
පොලිස් පති විතරක් නෙමේ මුළු පාලන තන්ත්‍රයම
ඉහළ නිලධාරීන් ඕනෙම විරෝධී වැඩක් කර සේවය තහනම් වූ පසු බලපුළුවන්කාර කම් දේශපාලන හැඳුනුම් කම් මත නැවත සේවයට රින්ගගන්නවා . පොලිස්පති ගෙන තිබෙන හරියට හරි තීරණයක්
අතීතයේ පොලිස්පති වරු මොහු තරම් විවෘතව ජනතාව අතරට අදහස් පළ කිරීමට පැමිණියෙත් නැහැ. අධාකාරි වරු ස්ථානාධිපත් වරු වැනි අයත් තම රාජකාරි කුම්ද කියා හදුනා නොගෙන මෙසේ කරලියට පැමිණියහොත් කුමක් සිදුවේ ද?
මෙතන තිබෙන්නේ බලය පිළිබඳ ප්‍රශ්නයක්. කාටද අවසාන තීරණය ගන්න පුළුවන් කොමිසමටද නැත්නම් පොලිස් පතිටද?
මෙම පුද්ගලයා මෙම තනතුර සඳහා සුදුසු නොවේ. ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන්, මම ඔහුගේ ක්‍රියාකාරිත්වයෙන් ගැන දැඩි ලෙස කලකිරීමට පත්වෙමි. මේ ආකාරයේ නීති විරෝධී දේවල් සිදු කරන්නේ නම් පොලිස් දෙපාර්තමේන්තුවේ අනාගතය කුමක්ද?
මෙයා අර අහිංසකයට ලිෆ්ට් එකේදි ගහපු එකට දඩුවම් නොකල වරද. මෙයා හිතන් ඉන්නෙ පොලිස්පති කියන්නෙ ඕන දෙයක් කරන්ඩ නිදහස තියන තනතුරක් කියල. ඕකට කියන්නෙ නූගත්කම .