(දිල්රුක්ෂි ග්‍රේරු)
ප්‍රවීණ නවකතා කරුවෙකු පුවත් පත් කලාවේදියකු මෙන්ම ටෙලි නාට්‍ය තිර රචකයකු වන සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.
සති දෙකකට වැඩි කාලයක් ගිලන්ව සිටි සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත වන විට 74 වැනි වියේ පසු විය.
රූපවාහිනී ප්‍රෙක්ෂකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත් යශෝරාවය, දූ දරුවෝ, මැණික් නදිය ගලා බසී ඇතුළු ටෙලිනාට්‍ය රැසක පිටපත් රචනය කරන ලද්දේ සෝමවීර සේනානායක මහතා විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු මහත්මයාණෙනි.... ඔබතුමාට සුබ ගමන්...!!!
ඔබතුමාට නිවන් සැප ලැබේවා !!!
"පට් පට් ගාලා" සේරම දක්ෂයෝ ටිය යනවා වගෙයි දැනෙන්නේ. ඔබතුමාට නිවන් සුව පතමු.
මාර්ටින් වික්‍රමසිංහ මැතිතුමාට පස්සේ ලංකාවේ බිහිවුණු විශිෂ්ඨතම සහ සාර්ථකම නවකතාකරු සෝමවීර සේනානායක මහත්තයා කියලයි මං හිතන්නේ. එතුමාට නිවන්සුව ලැබේවා!.
ඔබතුමාට නිවන්සුව අත්වේවා !!!
ඔබට නිවන් සුව අත්වේවා !!!
සම්භාව්‍ය සිංහල නවකතා සාහිත්‍යයේ අවසන් පුරුක නික්ම ගියා. දුකට හේතුව මෙවැනි වියතුන් යලි බිහිවීමට සුදුසු පරිසරයක් අපේ රටේ නොතිබීමයි.
අපි උසස් මට්ටමේ ටෙලි නාට්‍යයක් නරඹා වින්දනයක් ලැබුවා ඔබතුමා නිසා...
මගේ පාසල් ජීවිතයේ අවසාන කාලයේදී මම ඔබතුමාගේ "හුන්නස්ගිරි කඳුපාමුල"{කොටස් වශයෙන් පලවුණු} {මට මතක තරමින් මිහිර පත්තරේ} ඉතාමත් ආශාවෙන් කියවා ඒ සෑම කොටසක්ම එකතුකර, ටයිප්කර තබා ගත්තෙමි. ඔබතුමාට නිවන් සුවය ලැබේවා !!!
භවගමන කෙටිවේවා !!! මේ බුද්ධ රාජ්‍යය නිමාවට මත්තෙන් ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකට පැමිණ, අජර අමර නිවනට පැමිණේවා !!
හිත හොඳ මිනිහෙක්. ඔබට නිවන් සුව පතමි.
මෙතුමාගේ නවකතා සහ ඒ ආශ්‍රයෙන් තැනුණු ටෙලිඩ්‍රාමා ප්‍රේක්ෂකයන් ඉතාම ආදරයෙන් වැළඳගත්තා! එතුමාට නිවන් සුව!
කලකට පෙර මා ඇතුළු ජනමාධ්‍යවේදීන් රැසකට විශ්ව විද්‍යාලයේදී අගනා දේශන තුලින් අප පරිපුර්ණත්වයට පත්කළ ගුරුපියාණන් කෙනෙකු වූ ඔබ අප දමා මේ ගිය ගමන කෙසේ ඉවසා සිටිනෙමුද ? අපගේ නැණස පෑදු අපගේ ගුරු පියානෙනේ, ඔබට නිවන් සුව.
අනිච්චා වත සංකාරා.ඔබට නිවන් පතමි
සැබෑ දක්ෂයන් අපට දිනෙන් දිනම අහිමි වී යනවා. ඔබතුමාට නිවන් සුව.
අයුතු ලෙසින් සම්පත් පොදී බැඳගෙන රටේ ලෝකයේ රජවරුන් වගේ ජීවත්ව ව්‍යාජ පැසසුම් ලබනවාට වඩා උතුම් යුග මෙහෙවරක් කර ශිෂ්ට සම්පන්න ලෙස ජීවත්වෙමින් මේ වගේ සමාජ පැසසුම් ලබන ආකාරයට නික්ම යාම මොනතරම් සුන්දරද ... ඔබ පැතූ දෙයක් සඵල වේවා !
එතුමාට නිවන් සුව!!!!
මෙම ආත්ම භාවයේදී කෙටි කලකට ඔබ මුණ ගැසුණත්, ඔබෙන් තව කෙතෙක් දේවල් අපි බලාපොරොත්තුවෙන් සිටියෙමුද? ඔබට නිවන් සුව!!!!
අපූරු කලා වේදියානෙනි සිංහල සාහිත්‍යට ඔබෙන් ලද අනුපමේය මෙහෙවරට ඔබට ණයගැති වෙමු. නුතන පරම්පරාවට දැක ගැනීමට නැවත රූපවාහිනියෙන් එවන් අරුත්බර කලාකෘතීන් පල කරන්නේ නම් ඉතා වටිනේය . සසර ගමනේ දී නිවන් සුවයෙන් සැනසීමට පතන්නෙමු.