(කටුනායක ටී.කේ.ජී.කපිල )
ඉන්දියාවේ සිදු කිරීමට නියමිත මිසයිල අත්හදා බැලීමක් නිසා අද (3) සහ හෙට (4) ශ්‍රී ලංකාවට නැගෙනහිර සහ ඊසාන දිග ප්‍රදේශ වල ගුවන් ගමන් අත් හිටුවන ලෙස ඉන්දීය රජය දැනුම් දී ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි.
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා කාළය තුළ මෙම මිසයිල අත්හදා බැලීමට නියමිත බවද පැවසේ.
එහෙයින් මෙම වේලාවන් තුළ , එම ප්‍රදේශ ඔස්සේ හෝ ඒ අසළින් ගුවන් ගමන් සිදු කිරීමට අනතුරුදායක විය හැකි බැවින් , එම දින වල , එම වේලාවල් තුළ එම ප්‍රදේශ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටත්ව යන ගුවන් යානා වල කාලසටහන් වල වෙනසක් ද සිදු කර තිබේ .
එමෙන්ම මෙම කරුණු සළකා බලා ශ්‍රී ලංකන් ගුවන් සේවය ද එම කාළ සීමාව තුළ මැලේසියාවේ ක්වාලාලම්පූර් , සිංගප්පූරුව සහ තායිලන්තයේ බැංකොක් බලා යන සහ එන ගුවන් ගමන් කාළසටහනෙහි වෙනසක් සිදු කර තිබේ .
මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ , ශ්‍රී ලන්කන් ගුවන් සේවය හෝ ඔබගේ සංචාරක නියෝජිතයන් ඇමතීමෙන් සිදු කළ හැකි බවද ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ මිසයිල නිසා ශ්‍රී ලංකාවේ ගුවන් ගමන වෙනස් වෙයි