(ඩයනා උදයංගනී)
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනාගේ කණ්ඩායම අද විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවීමට නියමිතය.
රට වෙනුවෙන් ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳවා මෙහිදී සාකච්ඡා කරන බව එම කණ්ඩායමේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
මෙම හමුව අද පෙරවරු 11.30ට පමණ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිටිහි විපක්‍ෂනායක කාර්යාලයේදී ආරම්භවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වෙනුවෙන් ගත යුතු කෙසේවෙතත් රට පාවලා දෙන වැඩක් නම් වේවි වගේ!
කපන්න බැරි අත සිඹිම කියන්නේ ඕකට තමයි.
රට වෙනුවෙන් කෙසේ වෙතත් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළීබදව සාකච්ඡා කරන්න වෙන්න ඇති. මොකද දැන් මේ අයව පොල් ලෙල්ළක් තරම්වත් වටින්නේ නැහැනේ.
මේ ගොල්ලෝ හදන්නේ ශ්‍රීලනිප යෙන් සම්පුර්ණයෙන් ඉවත් නොවී, පොහොට්ටුවට බැඳෙන්නෙත් නැතුව දෙපැත්තේම කකුල් තියාගෙන ඉන්න ගමන් විපක්ෂ නායක කමත් ගන්නයි .
සම්බන්ධන් මහතාගේ නායකත්වය යටතේ ඔවුන්ට දුර ගමනක් යා හැකියි. තම දේශපාලනය වෙනුවෙන් අනෙකුත් ජාතීන් ඉදිරියේ දන නොනමන, අනෙක් ජාතීන්ට බොරු පොරොන්දු දී තක්කඩිකමින් බලයට ඒමට තැත් නොකරන, රට හා ජාතියට ගරු කරන එවන් නායයෙකුගේ වටිනා කම, මේ වනවිට රටේ සියලුම ජාතීන්ට හැගී අවසන්.
දැනට ඉන්න විපක්ෂ නායක දෙමල අයට පමණයි. එයාලා විපක්ෂයේ වගකීම දරන්නේ නැහැ.
රටවෙනුවෙන් තීරණ ගන්න මෙයා මුණගැහෙන්නේ මොකටද? මෙයා කවදාද රට ගැන හිතුවේ. රට ගැන හිතලා වැඩ කරනවානම් හමුවෙන්න මහින්ද රාජපක්ෂ මහතාව.
අනේ සම්බන්ධන් මහත්තයෝ, මේ ගොල්ලන් ගාවගත්තොත් ඔබතුමාත් ඉවරයි. ලඟින් ගියොත් ඇහැක් නැහැ. පරිස්සම් වෙන්න. ඔවුන්ට වඩා අපිට ඔබව විස්වාසයි