(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව,ගුඩ්ෂෙඩි මාර්ගයේ පළමුවැනි හරස් වීදියේ නිවසක මාස අටක් වයසැති දරුවෙකු අද (31) අලුයම හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඇති බව වවුනියාව පොලිසිය පවසයි.
වවුනියාව පොලිසිය පැවසූවේ අලුයම වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් බලහත්කාරයෙන් නිවසට කඩා වැදී අට මාස හැවිරිදි දරුවා පැහැරගෙන ගොස් ඇති බවට මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බවයි.
වෂුදරන් වානිෂන් නමැති එම දරුවා පැහැරගෙන ගොස් ඇති අතර, අලුයම වෑන් රථයකින් පැමිණි කණ්ඩායම නිවැසියන් බිය ගන්වා දරුවා පැහැර ගෙන ගිය බවටද දරුවාගේ මව පොලීසියට පැවැසීය.
දරුවාගේ මව පැවසූවේ දරුවාගේ පියා ලන්ඩනයේ පදිංචිව සිටින අතර, පියා හා තමා අතර කලෙක පටන් ආරවුලක් හටගෙන ඇති බැවින් දරුවාගේ පියා ගැන ද යම් සැකයක් ඇති බවටයි.
අදාළ ආරවුල හේතුවෙන් දරුවාගේ පියා කණ්ඩායමක් යොදා දරුවා පැහැරගෙන යන්නට ඇති බවද දරුවාගේ මව පොලීසියට දැනුම් දී සිටියාය.
පොලිසිය පැවසූවේ දරුවා පැහැරගෙන ගිය කණ්ඩායම මෙතෙක් අනාවරණය වී නොමැති අතරම එම කණ්ඩායම සොයා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ මෙහෙයවන බවටයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මාස 8 ක් වයසැති දරුවෙකු වව්නියාවේදී පැහරගනී