හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්යසාධනය සම්බන්ධයෙන් සිව්වැනි නිරීක්ෂණය අවසන් කරමින් මෙරටට එක්සත් ජනපද ඩොලර් මිලියන 252ක ණය වාරික මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ.
අයවැය ඒකග්‍රතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රගතියක් පෙන්නුම් කර ඇති නමුත් ආර්ථික වර්ධනය උදෙසා ප්‍රතිසංස්කරණ කරමින් අදාළ පියවර ගත යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්ය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සිව්වැනි නිරීක්ෂණ සාකච්ඡාව සිකුරාදා (1) පවත්වන ලදි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2016 වසරේ ජූනි 3 වැනිදා ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක මුදලක් ලබාදීම තීරණය කළේය. මේ වනවිට එයින් එක්සත් ජනපද ඩොලර් බිලියන 1ට වැඩි මුදලක් (එ.ජ ඩොලර් මිලියන 1,014ක් ශ්‍රී ලංකාවට මුදා හැර තිබේ.
සිව්වැනි නිරීක්ෂණය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වෙයි.
“රටේ රාජ්‍ය ණය ප්‍රමාණය අතිවිශාල බැවින් සහ විදෙස් අවරෝධකය පහත මට්ටමක තිබෙන බැවින් කම්පනවලට මුහුණ දීමට නම් අඛණ්ඩව ප්‍රතිසංස්කරණ කළ යුතුයි. එමෙන්ම ශක්තිමත් සහ සියලු පාර්ශවවල සහභාගීත්වය සහිත වර්ධනයක් උදෙසා පදනම දැමීමට නම් අඛණ්ඩව ප්‍රතිසංස්කරණ කළ යුතු” යැයි එම නිවේදනය නිකුත් කරමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩබලන කළමනාකරණ අධ්‍යක්ෂ මිට්සුහිරෝ ෆුරුසාවා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන මිල වැඩි කලේ ඕකට නේද ?
ඕකෙන් භාගයක්ම දේශපාලුවන්ගේ සාක්කුවේ තමා.
ඉස්සර කට්ටිය ණය ගන්නකොට බැනලා දැන් කට්ටියත් ඒ දේම නේද කරන්නේ ?
අරගොල්ල ගත්ත ණය අච්චර තියෙනවා. ඒවා ගෙවන්න මෙච්චර ඕන කියකියා මොනවද මේගොල්ලෝ කරන්නෙ
මට තේරෙන්නේ නැත්තේ, ගෙවාගන්න බැරි තරම් ණයලු, රුපියල් අව ප්‍රමාණය වෙනවලු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් ණය හම්බ වෙනවලු. ඇත්තටම ලංකාවේ තත්වය මොකක්ද?
සල්ලි ගිලිනවද. ණය ණය කියල කෑකැ ගැහුවට මෙයලානේ ණය ගිලින්නේ.
ණය ගන්නවා විතරයි කරපු වැඩක් නෑ. ඕක ගෙවන්න වෙන්නේ අපිටම තමයි.
ගෙවා ගන්න බැරිතරම් ණය වෙලා කියලා 62 කට කියලා, තිබුන ආණ්ඩුව පෙරලා දැම්මේ. එතකොට මේ ණය ගෙවන්නේ කව්ද?
ඉස්සර රට මහා ණය කන්දරාවකට යටවෙලා කියලා කෑමොර දීපු ජවිපෙ දැන් මොකද කියන්නේ?
රටේ ණය බර නම් අඩුවෙන පාටක් නැහැ. පාලකයෝ බය නැතුව ගන්නවා. මොකද ගෙවන්නේ මහා ජනතාවනේ.
ඔහොම යං. තව අපිට පුලවන්. මේ ණය මහ කජ්ජක්ද? උන්නාන්සේලා තව සැප විදින්න. අපිට පුළුවන් ඔය ණය ටිකත් ගෙවලා දාන්න. අනේ අපි ඉපදුනානේ මෙහෙම කාලෙක. අපි නම් තව ටික කාලෙකින් මැරිලා යනවා. අනේ එත් පව් අපේ දරුවෝ... කියන්න වචන නැහැ.
ඇත්තෝ කති බොති ,නැත්තෝ ණය ගෙවති දුකකි.
සචිත්, ජ.වි.පෙ එ් කතාව දැනුත් කියනවා. අැහෙන්නැද්ද එ්වා. ජ.වි.පෙ කියන්නේ ණය අරන් නිසි කළමණාකරනයකින් තොරව වියදම් කරා. ණය ගෙවීමත් ජනතා බදු මුදලින් ගෙවන එක ගැනයි. විය යුත්තේ ණය අරන් කරන වැඩ වලින් ලබන අාදායමෙන් ණය ගෙවීමයි.
ගන්න ගන්න අනේ ලජ්ජා වෙන්න එපා. හිත හොඳින් දෙන දෙයක්නේ .
ණය බරින් රට විනාශ වෙලා කියලා නේද මේ අය බලයට ආවේ ? එතකොට මේ ණය නොවේද ?
දැන් ටික දවසකට කලින් අගමැතිතුමා කිව්වා ඉස්සර වගේ විශාලෙට ණය ගන්න දැන් ඕන නැහැ කියලා. ඉතින් මේ මොකක්ද මේ කරන්නේ. ඔහොම ගිහින් එතුමත් අර අපේ ජනාධිපතිතුමා දින 100 ගැන කියනවා වගේ කියාවි අනේ මම නම් ඔය ණය ගැන දන්නේ නැහැ කියලා.