IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ක්‍රිකට් නිලවරණය කල් යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
හෙට (31) පැවැත්වීමට නියමිතව තිබූ  ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වීම වළකාලමින්  අභියාචනාධිකරණ අද (30)  තාවකාලික අතුරු නියෝගයක් නිකුත් කළේය.
 
ඒ අනුව ලබන ජුනි 14 වැනිදා දක්වා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු නියෝගය නිකුත් කර ඇත.
 
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයේදී එහි සභාපති ධුරය සඳහා එම ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා තරග කිරීම වළකාලන අතුරු නියෝගයක් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක සහ එම නිලවරණයේ සභාපති ධූරයට තරග වදින නිශාන්ත රණතුංග මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
 
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අභියාචනාධිකරණ සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන් ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසිනි.
 
එම ආයතනයේ හිටපු ලේකම්වරයකු  මෙන්ම වත්මන් නිලවරණයේදී සභාපති ධුරය සඳහා තරග කරන අපේක්ෂකයෙකු වන  නිශාන්ත රණතුංග මහතා ගොනු කළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, ක‍්‍රිකට් නිලවරණ කමිටුවේ සාමාජිකයින්,  ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු 27 දෙනෙකු නම් කර තිබේ.
 
පෙත්සම්කරු සිය පෙත්සමේ පෙන්වා දී ඇත්තේ ලබන 31 වනදා පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තරග කරන වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාගේ නාම යෝජනාව නීතියට පටහැනි බවයි.

එසේම මෙම නිලවරණය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ඉකුත් 19 වැනිදා පත් කළ මැතිවරණ කමිටුවද එම ආයතන ව්‍යවස්ථාවට පටහැනි බවද පෙත්සම්කරු සිය පෙත්සමින් කියා  එම නාමයෝජනාව මත තිලංග සුමතිපාල මහතා අදාළ තනතුර සඳහා තරග කළහොත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට හා ක‍්‍රීඩා පනතේ ප‍්‍රතිපාදන උල්ලංඝණය වන බව පෙත්සම්කරු පෙන්වා දෙයි. 
 
මේ නාමයෝජනා සම්බන්ධයෙන් තමන් ක‍්‍රිකට් ආයතනයේ මැතිවරණ කමිටුව විරෝධතා ඉදිරිපත් කළද එම කමිටුව විසින් සිය විරෝධතා නොසලකා හැර ඇති බවද එහි සඳහන් වේ.මේ හේතුවෙන් අදාළ පෙත්සම විභාග කොට අවසන් තීරණයක් ලබා දෙන තෙක් තිලංග සුමතිපාල මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා තරඟ කිරීම වලක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද , ලබන 31 වැනිදායින් පසුව වගඋත්තරකාර තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන සභාපති ධූරයේ කටයුතු කිරීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

 



අදහස් (0)

ක්‍රිකට් නිලවරණය කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site