(ඩයනා උදයංගනී)
දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මේ වන විට දිවයිනේ පළාත් 8ක දිස්ත‍්‍රික්ක 18 ක පවුල් 14,432කට පමණ අයත් පුද්ගලයින් 52,380 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
මුලතිව්, වව්නියාව, මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, මොණරාගල, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, ගම්පහ, කොළඹ, කුරුණෑගල, පුත්තලම, සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයන්හි මෙම ආපදා තත්ත්වය බලපා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
අකුණු සැර වැදීම් සහ ගස්, පස් කඳු කඩා වැටීම හේතුවෙන් මේ වන විට මරණ අටක් ද වාර්තා වී ඇත.
මෙම අයහපත් කාලගුණ තත්ත්වයෙන් අවතැන් වූ පවුල් 4075කට අයත් 12,132ක පිරිසක් ආරක්‍ෂිත ස්ථාන 137 ක රඳවා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මෙහි වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ රත්නපුර දිස්ත‍්‍රික්කයට වන අතර එම දිස්ත‍්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, නිවිතිගල, රත්නපුර, ඇලපාත, කහවත්ත, කලවාන, කිරිඇල්ල, පැල්මඩුල්ල, ඕපනායක, අයගම, බලංගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 3983කට අයත් 15,514 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ඉන්න මිනිස්සු ඕනාවට වඩා කුලප්පු වෙලා දඟලන්න ගියාම මෙවැනි ස්වභාවික විපත් පැමිණීම වලක්වන්න බැහැ. ලංකාව දැන් අමනුස්සයන්ගේ තෝතැන්නක්. ධර්මය රකින මිනිස්සු ධර්මය විසින් ආරක්ෂා කරයි. අර අමනුෂ්‍ය දොස්තරලා තවමත් වර්ජනය කරනවද?
පක්ෂ බදාගෙන ඉන්න අමුනුස්සයෝ නිසා තමයි මුලික හේතුව, අපේ වල කපන්නේ අපිම තමයි.
අහස පොලොව නුහුලන අපරාධ නේ නිති පතාම අපට අහන්නට ,දකින්නට තියෙන්නේ...පියවරු තමන්ගේම ලෙයින් උපන් දියණිවරුන් දුෂණය කරන ගෝත්‍රික රටක ස්වභාවධර්මයාත් කම්පා වීම පුදුමයකුත් නොවෙයි එක අතකට.
ප්‍රශ්න නැතිව තියෙද්දී, අනුන්ගේ උප්පරවැට්ටි, හා කූඨ බලාපොරොත්තු, තමන්ගේ ප්‍රශ්න කරගත් මිනිස්සුන්ට දැන් තමන්ටම කියලා ප්‍රශ්නයක් තිබෙනවා විසඳගන්න.. මිනිස් රකුසන්ට අයත්ව තිබුණු,මහපාරවල් දැන් ජල රකුසන් අයත් කරගෙන. මොනවා උනත් කමක් නැහැ, අර ඔලුගෙඩිය වැහෙන්න දාගෙන ඉන්න පාට තොප්පිය නම් ගලවන්න එපා. දේශපාලන විකාර බුද්ධිය ජල පහරට සේදිලා යයි.
හදිසි ගංවතුර ආපදා තත්වය ලංකාවේ දොස්තරලට අඛණ්ඩ වැඩ වර්ජනයකට හේතුවක් වෙන්න බැරිද? වතුර හා ගංවතුර අතර වෙනෙස මෙන්ම, දොස්තර හා ලංකාවේ දොස්තරලා අතර වෙනසත් එක හා සමානයි.
අවධිමත් සංවර්ධන සැලසුම්,ක්‍රියාකාරකම්, නීති විරෝධීව ගස් කපල ජනාවාස පිහිටුවීම, ප්‍රමාණය ඉක්මවා කදු කැපීම.ඕව ඔක්කොම එකතු උනහම මහා පොලවට වර්ෂාව උහුලන්න බැරි වෙනවා.ඊට පස්සේ ජනාවාස යට කරන් වතුර මුහුදට ගල යනවා.ඒ වගේම තම අව් රශ්මිය වැඩි කාලෙට කට්ටට වතුර හිදෙනවා මොකද ගස් නැහැ පොළොව ආරක්ෂා කරන්න.